Tuesday, July 28, 2009

රට වෙනුවෙන් පැතූ පැතුමක්.....




ජල තරංග එයි නැගී එයි නැගී
යයි බිදී තිසා වැවේ
මට පෙනේ සැරින් සැරේ
නොනවතී නොනවතී

අර පෙනෙන්නෙ දාගැබයි රුවන් වැලී
මා සිතේ මේ පිපෙන්නෙ ප්‍රීතියයි
ඇයි උපන්නෙ ඒ ලෙසේ මා සිතේ
අපි වදින්නෙ මේ ලෙසින් ප්‍රීතියෙන්

ඒ දිනේ එදා දිනූ සුර විරූ
රජු තැනූ දාගැබයි මේ ලෙසේ
ඒ වැවේ ජලේ දිනන්නේ අප කුසයි
කෝ මෙදා ඒ විරූ රජවරූ

සැලෙන බිදෙන දියරැලි මට කියයි කතාවක්
නැවත නගින විට දෙයි මට දිලෙන අනාවක්
උපදීවා පිනැති රජෙක් නැවත වතාවක්
අස් වදින්න ඒ පැනින් දස දහස් වතාවක්

චමි

Tuesday, July 21, 2009

කිරි අල

තෙත් කලාපයේ ගෙවතු පරිසරයේ සම්ප්‍රදායික යැපුම් බෝගයක්ව පැවති කිරිඅල, අද විශාල විදේශ වෙළදපොලක් ඇති මුදල් උපයන බෝගයකි.

කිරිඅල කන්න බෝගයක් නොවේ. වසරේ ඕනෑම කාලයක ජල පහසුකම් සහිත ඉඩම් වල එය වගාකළ හැකිය.

දේශගුණික අවශ්‍යතා
කිරිඅල සෙවන ලැදි බෝගයකි. එසේ වුවද, වියළි හා අතරමැදි කලාපවල ආන්තික කුඹුරු වල, තෙත් කලාපයේ බෑවුම් හා ඕවිටි බිම්වල, විවෘත බිම් තත්වයෙන්, ප්‍රධාන බෝගයක් ලෙසද මහා පරිමානයෙන් වගාකෙරේ.

සෙවන දක්වන ලැදියාව නිසා කිරිඅල තෙත් හා අතරමැදි කලාපයේ පොල් හා කෙසෙල් වගා සදහා යෝශ්‍ය අතුරු බෝගයකි. එසේම එය අඩු අවදානයකින් රැකබලාගත හැකි, කෘමි හා ලෙඩ රෝග ඉතා අවම මට්ටමක පවතින බෝගයක් ද වේ.

නිර්දේශිත ප්‍රභේද

ඉසුරු
වෙළදපොලට යෝග්‍ය ඉහළ ගුණාත්මයේ අල නිපදවයි. ඕනෑම වගා ක්‍රමයකට අනුවර්තනය වේ. අවම අවධානයක් යටතේ මාස 8 – 10 දී වැඩි අස්වැන්නක් ලබාදේ.

රෝපණ ද්‍රව්‍ය
වගාවක අස්වනු නෙලීමෙන් පසු ලබාගන්නා මව් අල, පැල නිපදවා ගැනීම සදහා භාවිතා කළ හැකිය. හොදින් වැඩුණු මව් අලයකින් සිටුවීමට සුදුසු තත්වයේ පැල 15 පමණ ලබා ගැනීමට පිළිවන. පවතින වගාවක වැඩි අස්වැන්නක් ලබාදුන් මව් අල වලින් ලබාගන්නා පැල සිටුවීමෙන් වැඩි අස්වැන්නක් ලැබේ.

පැල සකසා ගැනීම සදහා, තෝරාගත් මව් අල අගල් 1 ½ - 2 පමණ ඝනකම පෙතිවට කපා තවාන් කරන්න. තවානෙහි තෙතමනය පවත්වා ගැනීමට වරින් වර ජලය සපයන්න. තවාන්කර මාස 1 ½ පමණ සිටුවීම සදහා සුදුසු පැල නිපදවාගත හැකිය.

පළමු වගාවේ මව් කරඩු ද එකවරම නව වගාවක සිටුවීම සදහා යොදාගත හැකිය.

පරතරය
බීජ අල අවශ්‍යතාවය පැල 4000 අක්කරයට.
ලබාදෙන පරතරය වගා ක්‍රමය අනුව වෙනස් වේ.
තනි වගාවක් ලෙස - මීටර් 1 x 1
අතුරු වගාවක් ලෙස - මීටර් 1.2 x 1.2

වලවල් සැකසීම
සැහැල්ලු පසක නම්සෙ.මී 45 x 45 x 45 x ප්‍රමාණයටද මැටි ප්‍රමාණය අධික තද පසක නම් සෙ. මී. 60 x 60 x 60 x ප්‍රමාණයටද වලවල් සකසා ගන්න. වලෙහි ගැඹුරින් 1/3 පමණ ප්‍රමාණයක්, මතුපිට පස් සහ තාච්චියක් පමණ හොදින් දිරාපත්වු කාබනික පොහොර වලින් පුරවන්න.



පැල සිටුවීම
ඉහත ලෙස සකසා ගත් වලෙහි මැදින් සැහැල්ලුවට සිටිනසේ පැලය සිටුවන්න. මේ සදහා වඩා සුදුසු වන්නේ වැසි කාලයේ ආරම්භ යයි. පසෙහි තෙතමනය සීමාසහිත වන ප්‍රදේශයන්හි වල ඇතුලත පොල්ලෙලි තට්ටුවක් උඩ අතට සිටින සේ අතුරා ගන්න.

කෙසෙල්, පොල් වැනි බෝග සමග අතුරු වගාවක් ලෙස කිරිඅල වගා කරන විට එම බෝග වලින් ඉවතලන ද්‍රව්‍ය කාබනික පොහොර ලෙස යොදාගත හැකිය. ප්‍රධාන බෝගයෙන් සෙවන ලැබෙන නිසා පස වියළීයාම බොහෝදුරට අඩු වීම මෙහි ඇති වාසියයි.

පොහොර යෙදීම
පැල සිටුවීමේදී යොදන ලද කාබනික පොහොර වලට අමතරව පහත සදහන් අන්දමට රසායනික පොහොරද වගාවට යොදන්න. එමගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.





කෙසේ වුවද පොහොර යෙදිය යුත්තේ පසෙහි තෙතමනය පසෙහි තෙතමනය පවතින අවස්ථාවේදී පමණකි. එනම්, වර්ෂාවකට හෝ ජල සම්පාදනයකට පසුවය. එනිසා පොහොර යොදන වාර ගණන මේ අනුව තීරණය කරන්න. කෙසේ වුවද නිර්දේශිත සම්පූර්ණ පොහොර ප්‍රමාණයම බෝගයට ලබාදීමට වග බලා ගන්න.

පොහොර යෙදීමේදී, වගාවේ වයස පිළිබදව නොසලකා අනවශ්‍ය ලෙස පොහොර භාවිතා කළහොත් ගසේ වර්ධක වර්ධනය වේගවත් වේ. එවිට හටගන්නා ~~අල කුරුලිලන්" සංඛ්‍යාව අඩුවේ. එම අල කුරුල්ලන්ගේ තිබිය යුතු වෙළදපොල ප්‍රම්තිය ද නැති වී යයි.

වල් පැලෑටි පාලනය
වගාවේ මුල් අවස්ථාවේදී එනම් බෝගයේ පත්‍ර වලින් පොළව ආවරණය වන තෙක් වල් පැලෑටි පාලනය පිළිබද සැලකිලිමත් වන්න.

පස් යෙදීම
බෝගය සිටුවා මාස 4 – 4 ½ වන අවස්ථාවේ අල කුරුල්ලන්ගේ වැඩීම ආරම්භ වේ. මෙම අල කුරුල්ලන් බෝගයේ වයස මාස 8 – 10 වන තෙක් පස තුල වැඩේ.

පොහොර යොදන හා වල් මර්ධනය කරන සෑම අවස්ථාවකදීම ක්‍රමයෙන් පැලය අසලට පස් දමා වල පුරවන්න.

කෘමි හා රෝග පාලනය
කිරිඅල වගාවට දරුණූ කෘමි හා රෝග හානි ඇති වන්නේ කලාතුරකිනි. නමුත් ඉඩමේ ජලය බැසයාම දුර්වලවු විට සහ පසෙහි මැට් ස්වභාවය අධ්කවුවිට විට මුල් කුණූවීමේ රෝග ඇති විය හැකිය. එවිට පත්‍ර කහ පාට වී පැල මිය යයි.
මෙයට අමතරව කූඩිත්තන් හා කීඩෑවන් නිසාද බෝගයේ පත්‍ර වලට හානි සිදුවිය හැකිය. කන්න කිහිපයක් එකම ඉඩමේ කිරිඅල වගා කළ විට වටපනු හානියද ඇති වීමට ඉඩ තිබේ.

ක්‍රමවත් වගා පාලන ක්‍රම අනුගමනය කිරීමෙන් මෙම අහිතකර තත්වයන් මගහරවා ගත හැකිය.

අස්වනු නෙලීම
අල කුරුල්ලන් මේරීමත් සමග ගසේ පත්‍ර හටගැනීමේ වේගය අඩුවේ. එවිට හටගන්නා පත්‍රවල ප්‍රමාණය කුඩා වන අතර නටුවේ දිගද අඩුවේ. මෙවැනි අවස්ථාවක පවතින වගාවන්හී අල කුරුල්ලන් පොළව මතුපිටට වර්ධනය වන බවද දැකගත හැකිය.

මේ අවස්ථාවේදී ගස වටා පස් ඉවත්කර තුවාල නොවනසේ අල කුරුල්ලන් ගලවා ගන්න.

අස්වැන්න
හොදින් නඩත්තු කළ වගාවකින් හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 16 – 18 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න සැකසීම
නෙලාගත් අල කුරුල්ලනගේ ගුණාත්මය හීන නොවී දිගු කළක් ගබඩා කර තබාගත හැකිය. අල කුරුල්ලන් පිරිසිදු කර තට්ටු 3 - 4 වඩා උස නොවන පරිදි හොදින් වාතාශ්‍රය ලැබෙන ආවරණය සහිත ස්ථානයක ගබඩා කර තබන්න. දිගැටි ප්ලාස්කු හැඩයෙන් යුත්, අලයේ පසු හා ඉදිරි කෙළවරවල වට ප්‍රමාණයන්හි වෙනස අඩු, දුඹුරු පැහැති ශල්කමය ආවරණයක් සහිත අල කුරුල්ලන් සදහා වැඩි වෙලදපොලක් ඉල්ලුමක් පවතී.

Thursday, July 16, 2009

කෘෂිකර්මාන්තය වෙනුවෙන්.......

වැල්දොඩම්

උද්භිද විද්‍යාත්මක නාමය Passiflora edulis Sims

කුලය : පැසිෆ්ලොරේසියේ ( Passifloraciae )



උද්භිද විද්‍යාත්මක නාමය

වැල්දොඩම් Passiflora edulis Sims ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අතර මෙම විශේෂය තුළ එකිනෙකට වෙනස් ආකාර ( Forms ) දෙකක් දක්නට ඇත. එනම් දම් පැහැති ආකාරය ( Passiflora edulis F. edulis ) සහ කහ පැහැති ආකාරයයි. ( Passiflora edulis f. flavicarps )

සම්භවය : මින් දම් පැහැති වැල්දොඩම් බ්‍රසීලයේ සම්භවය වී ඇතැයි සැලකේ. කහ වර්ගයේ සම්භවය නිශ්චිතව නිගමනය කොට නැති අතර එය දම් පැහැති වර්ගයේ ජාන විකෘතියක් මඟින් හෝ දම් වර්ගය වෙනත් පැසිෆ්ලෝරා විශේෂයක් සමඟ දෙමුහුන් වීමෙන් ඇතිවිනැයි අනුමාන කරයි.

වගා කරන ප්‍රදේශ : දැනට වැල්දොඩම් වැඩි වශයෙන් වගා කරනු ලබන්නේ කළුතර, ගම්පහ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලය. නමුත් මෙම බෝගය ගාල්ල, කොළඹ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල ද පහසුවෙන් වගා කළ හැකිය. අනුරාධපුර හා යාපනය වැනි වියළි කලාපීය ප්‍රදේශවල ජල සම්පාදන පහසුකම් යටතේ පමණක් වගා කල හැක.

භාවිතය : වැල්දොඩම් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යුෂ නිපදවීම සඳහාය. අලුත් පලතුරක් ලෙස එය ආහාරයට ගනු ලබන්නේ ඉතා කලාතුරකිනි. එහි පත්‍ර කොළ එළවළුවක් ලෙසද ආහාරයට ගනී.

වැල්දොඩම් යුෂ ග්‍රෑම් 100 ක පෝෂක ප්‍රමාණය

පදාර්ථය ප්‍රමාණය

ජලය ග්‍රෑම් 89
ශක්තිය කිලෝ කැලරි 37
ප්‍රෝටීන් ග්‍රෑම් 1.2
මේදය ග්‍රෑම් 0.2
කාබෝහයි‍ඩේට් ග්‍රෑම් 7.7
කැල්සියම් මිලි ග්‍රෑම් 10
පොස්පරස් මිලි ග්‍රෑම් 30
යකඩ මිලි ග්‍රෑම් 0.7
කැරොටීන් මයික්‍රො ග්‍රෑම් 1968
තයමීන් මයික්‍රො ග්‍රෑම් 10
රයි‍බො‍ප්ලේවින් මයික්‍රො ග්‍රෑම් 20
විටමින් සී මිලි ග්‍රෑම් 13

වැල්දොඩම් යුෂ විටමින් A හා විටමින් C වලින් පොහොසත්ය. කහ පැහැති ආකාරයේ සහ දම් පැහැති ආකාරයේ අඩංගු සීනි වර්ග වල ප්‍රමාණයේ එතරම් වෙනසක් දක්නට නොමැති නමුත් කහ පැහැති වර්ග වල අඩංගු ඇසිඩ් ප්‍රමාණය දම් පැහැති වර්ග වලට වඩා වැඩි බැවින් කහ පැහැති වර්ග ඇඹුල් ගතියෙන් යුක්තය. එනම් කහ පැහැති වර්ගයේ සීනි : ඇසිඩ් : 3 : 8 පමණ වන අතර දම් වර්ගයේ එය 5 : 1 වේ.
දේශගුණික අවශ්‍යතා

වසර මුළුල්ලේම හොඳින් පැතිරුණු වාර්ෂාපතනයක් ඇති තෙත් කලාපීය ප්‍රදේශවල මෙය පහසුවෙන් වගා කල හැකිය. වියළි හා අතරමැදි කලාපවල වගාකරන විට වියළි කාලවලදී ජල සම්පාදනය කල යුතුය.

පස

මනා ජලවහනයක් පවතී නම් සැහැල්ලු වැලි ලෝම මෙන්ම මැටි ලෝම පස්වලද මෙම බෝගය වගාකල හැකිය. පසෙහි තිබිය යුතු පී.එච්. අගය 6.0 - 7.5 වේ.

රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය

රහංගල දෙමුහුම් වර්ගය පැල නිෂ්පාදනය සෑමවිටම සිදු කරනු ලබන්නේ අතු කැබලි මුල් අද්දවා ගැනීමෙනි. එසේ නොමැතිව එහි බීජ භාවිතා කර පැල නිෂ්පාදනය කළහොත් ඊළග පරම්පරාවේදී ලක්ෂණ වෙනස් වේ.

දැනට නිර්දේශිත කහ පැහැති ප්‍රභේදයක් නොමැති බැවින් හොඳ අස්වැන්නක් දෙන නීරෝගී හොඳ ගුණාත්මයෙන් යුත් ගෙඩි සහිත වැල් තෝරාගෙන ඒවායේ අතු මඟින් පැල නිෂ්පාදනය කරගත හැක. මෙහිදී සැලකිල්ලට ගතයුතු කරුණක් වන්නේ ප්‍රවේණිකව වෙනස් වැල් කිහිපයක් තෝරාගෙන පැල නිෂ්පාදනය කරඒවා මිශ්‍ර වන ලෙස සිටුවීමයි. එකම ප්‍රවේණියක් සහිත කහ පැහැති වැල් අතර පරාගණය අසාර්ථක වන බැවින් මේ පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.

මීට අමතරව බීජ මඟින් ද පැල නිෂ්පාදනය කරගත හැකිය. නමුත් මෙහිදී සමහර වැල්වල අස්වැන්න, ගුණාත්මය, දිරිය ආදියෙහි අඩුපාඩුකම් තිබිය හැකිය.

රෝපණ ද්‍රව්‍ය සැකසීම

බීජ පැල නිෂ්පාදනය

හොඳින් ගෙඩි හටගන්නා ඵල දරණ රසින් වැඩි නීරෝගී වැල් වල හටගන්නා ඵල වලින් බීජ ලබාගන්න. බීජ වටා තිබෙන මදය ඉවත් වන ලෙස හොඳින් අතුල්ලා සෝදා ගන්න. මදය ඉවත් කිරීමෙන් බීජ ප්‍රරෝහණය තරමක් ඉක්මන් කරගත හැකිවේ. බීජ මද පවනේ වේලා ගන්න. වෙන් කරගත් බීජ කල් නොයවා සිටුවීමට යොදාගන්න. සිටුවීමට පෙර පැය 8 ක් පමණ ජලයේ පොගවා ගැනීමෙන් ප්‍රරෝහණය ඉක්මන් වේ.

වියළි බීජ වාතාශ්‍රය පාලනය කළ බඳුන්වල දමා ශීතකරණයක තැබීමෙන් අවුරුද්දක් පමණ ප්‍රරෝහන ශක්තිය හානි නොවී තබාගත හැකිය.

බීජ තවාන් කිරීම

අවශ්‍ය පැල ප්‍රමාණය අනුව පැල තවාන් කරන ආකාරය තීරණය කරන්න. පැල විශාල ප්‍රමාණයක් අවශ්‍ය විට තවානක් සකසා ගතහැකි වේ. එසේ නොමැති විට තරමක විශාල බඳුනක බීජ තවාන් කළ හැකිය.

බීජ තවාන

ජලය හොඳින් බැසයන ස්ථානයක තවාන සකසා ගන්න. පැල දැඩි හිරු රැසින් හා වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට සුදු පැහැති පොලිතීන් කවරයකින් ආවරණය කළ හැකිය. මෙහි දෙපස විවෘතව තබන්න.

වැලි, මතුපිට පස් හා කොම්පෝස්ට් සමාන ප්‍රමාණ යොදා සාදාගත් මිශ්‍රණයක් සකස් කළ තවාන් පාත්තිය මත 10 - 15 Cm ඝනකමට අතුරන්න. තවාන මතුපිට ඒකාකාරීව සමතලා කර ලී කැබැල්ලක ආධාරයෙන් 5 Cm පරතරයකින් නොගැඹුරු ඇලි සකස් කොට ඇලි දිගේ 1 Cm පරතරයකින් පමණ බීජ දමා සියුම් පස් තට්ටුවකින් වසන්න. තවානට දිනපතා ජලය යොදන්න. සති 2 - 4 අතර බීජ ප්‍රරෝහණය සිදු වේ. මෙම පැළ සෙන්ටිමීටර් 20 - 25 පමණ වන විට ගලවා එකවරම ක්ෂේත්‍රයේ සකස් කළ වලවල් වල සිටුවිය හැකිය. නමුත් මෙසේ කළ හැක්කේ හොඳින් වර්ෂාපතනය ලැබෙන හෝ ජල සම්පාදනය කළ හැකි වකවානුවලදීය.

එසේ නොමැති නම් සෙන්ටි මීටර් 10 - 15 පමණ වැඩී ඇති පැල තවානෙන් ගලවා පොලිතීන් බෑග්වල සිටුවා ගත හැකි වේ. මේ සඳහා 10 Cm විශ්කම්භය ඇති 15 - 20 Cm පමණ උස පොලිතීන් බෑග් යොදාගත හැකිය. මෙම පැල සෙන්ටිමීටර් 25 - 30 පමණ වැඩුණු පසු ක්ෂේත්‍රයේ සිටුවිය හැකිය. කෙළින්ම තවානෙන් ගලවා ක්ෂේත්‍රයේ සිටුවීමට වඩා මෙම පැල ක්ෂේත්‍රයේ සිටුවීමෙන් ගස වඩාත් හොඳන් ස්ථාපනය කරගත හැක.

දඬු කැබලි තවාන

තෝරාගත් වැල් වල හොඳින් වැඩී ඇති අතු තෝරා ගන්න. මෙම අතුවලින් පුරුක් 3 - 4 ක් ඇති දඬු කැබලි කපා ගන්න. දඬු කැබලි කපාගන්න. දඬු කැබලි කැපූ වහාම ජල බඳුනක ගිල්වා තබන්න. ඉන්පසු සකස් කරගත් පොලිතීන් මලුවල හෝ තවානක මේවා සිටුවා ගත හැකි වේ. මුල් ඇදීම සඳහා භාවිතා කරන හොමෝනයක් සිටුවන කෙළවර කැපුම් තලයේ තැවරීමෙන් මුල් ඇදීම ඉක්මනින් මෙන්ම සාර්ථකව සිදු වේ.

අතු කැබලි සිටුවීමෙන් පසු හැම පැත්තක්ම ආවරණය කළ ප්‍රොපගේටරයක දැමීම මඟින් අතු කැබලි වියළී යාම වලක්වා හොඳින් මුල් අද්දවා ගැනීම කරගත හැකිය. දඬු කැබලිවල ඇති අංකුර සෙන්ටිමීටර් 25 - 30 පමණ වර්ධනය වූ පසු මෙම දඬු කැබලි ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා සුදුසු වේ.


වලවල් සැකසීම

සෙන්ටි මීටර් 60 x 60 x 60 ප්‍රමාණයේ වලවල් කපන්න. දිරාපත්වූ කාබනික පොහොර කූඩා 02 ක් පමණ යොදා පැල සිටුවීමට සති 2 පමණ පෙර වලවල් පුරවා ගන්න.

පරතරය

තැනිතලා බිමක නම්

පේලි අතර - මීටර් 02
පේලි තුල පැල අතර - මීටර් 4 1/2
මේ අනුව අක්කරයකට පැල 450
බෑවුම් සහිත ඉඩමක නම්

පේලි අතර - මීටර් 2 1/2
පේලි තුල පැල අතර - මීටර් 4
මේ අනුව අක්කරයකට පැල 400
බෑවුම් සහිත ඉඩම්වල පැල සිටුවිය යුත්තේ සමෝච්ච රේඛා ඔස්සේය.

යටි වගාවක් හෝ මිශ්‍ර වගාවක් වශයෙන් වගා කරන විට ඉඩමෙහි අනෙක් බෝග වගා කර ඇති පරතරය අනුව වැල් දොඩම් පේලි අතර පරතරයද වෙනස් කල යුතුය.

පැල සිටුවීම

පැළ සිටුවීම වර්ෂා කාලය ආරම්භවන සැප්තැම්බර් - ඔක්තෝබර් මාස වලදී සිදු කිරීම වඩාත් සුදුසුය. මේ කාලයේ පැල සිටුවීමෙන් මල් හටගැනීම ප්‍රමාද නොවේ. එසේම ප්‍රථමවරට ලබා ගන්නා අස්වැන්නෙන්ම වැඩි ගෙඩි ප්‍රමාණයක් ද නෙලා ගත හැකි වේ.

නීරෝගී පැල පමණක් සිටුවන්න. පැල සිටුවීමෙන් සතියක් පමණ යනතෙක් කොල අතු වැනි දෙයක් යොදා ගනිමින් පැලවලට සෙවන ලබා දෙන්න.

කණු සිටුවීම

පැල සිටුවා ඇති පේලියට සෙන්ටිමීටර් 30 පමණ ඉදිරියෙන් සෑම පැල දෙකක් අතරින්ම ශක්තිමත් ආධාරක කණුවක් බැඟින් සිටුවන්න. එවිට පැලයට හොඳින් හිරු එළිය වැටේ.

පැල සිටුවා ඇති පරතරයට සමාන පරතරයක් ආධාරක කණු දෙකක් අතරද පවත්වා ගන්න. මේ සඳහා කොන්ක්‍රීට් කණු හෝ ලී දඬු යොදා ගත හැක. එම කණුවල උස මීටර් 2 1/2 පමණ උස විය යුතුය.

කම්බි ඇදීම



ගේජ් 14 ප්‍රමාණයේ ගැල්වනයිස් කම්බි පොළව මට්ටමේ සිට මීටර් 1 3/4 - 2 පමණ ඉහලින් ආධාරක කණුවලට තදින් සවිවන සේ පේලිය දිගේ අදින්න. තැනිතලා බිමක වගා කරන විට කම්බි ඇදිය යුත්තේ නැගෙනහිර - බටහිර දිශාව ඔස්සේය. එවිට වගාවට හොඳින් හිරුඑළිය ලැබේ.

වැල් පුහුණු කිරීම



ළපටි වැල් කම්බිය දක්වා වර්ධනය වීමට උපකාරවනු පිණිස දිගු කෝටු හෝ පාහින ලද පොල් අතු ආධාරක ලෙස යොදා ගන්න. නැතහොත් පැලය අසල කුඩා කෝටුවක් සිටුවා එහි ගැට ගසන ලද ලණු පොටක් කම්බිය දක්වා අදින්න.

කම්බිය දක්වා තනි කදක් ලෙස වැලට වැඩීමට සලස්වන්න. කම්බියට පහලින් වැලෙහි හටගන්නා පාර්ශ්වික අතු සියල්ල ඉවත් කරන්න. පසුව වැල කම්බිය තෙක් වැඩෙනවිට අග්‍රස්ථය කඩා පාර්ශ්වික ශාඛා දෙකක් විරුද්ධ දිශාවලට වැඩීමට සලස්වන්න. පසුව කම්බිය දිගේ දෙපසට වැඩෙන ශාකා මීටර් 02 පමණ දිගට වැඩුන පසු අග්‍රස්ථය කපා දමන්න. එවිට මල් හටගන්නා ද්විතීක රිකිලි හට ගැනීම හොඳින් සිදු වේ. මේ ද්විතීක ශාඛා කම්බියෙන් පහලට වර්ධනය වීමට සලස්වන්න. එකින්නෙක එතීම වලකා ගැනීම සඳහා කදෙන් හටගන්නා පහුරු කපා දමන්න.

මල් කෘතීමව පරාගනය කිරීම

දම් පැහැති පැෂන් ප්‍රභේදයට ස්වපරාගනය මඟින් ඵල පිහිටුවීමේ හැකියාව හැකියාව ඇතත් කහ පැහැති ප්‍රභේදය බොහෝ විට අසංගතිය හෝ ස්ව වන්ධ්‍යභාවය පෙන්වන බැවින් ස්ව පරාගණය සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. මේ නිසා කහ පැහැති ප්‍රභේදයේ ගෙඩි හටගැනීම සඳහා වෙනස් වැලක මල්වලින් පරාගණය වීම අත්‍යාවශ්‍ය වේ. ස්වභාවිකව මෙම මල් පරාගණය අම්බලන්පාලුවා (Xylocopa megaxylocopa frontalis) නමින් හඳුන්වන කෘමියා මඟින් සිදු වන නමුත් අතින් පරාගණය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල දක්නට ඇත. කහ ප්‍රභේදයේ මල් පිපීම සාමාන්‍යයෙන් දහවල් 12.00 ට පසු සිදු වෙයි. මල පිපෙන අවස්ථාවේදී මලේ කලංකය සෘජුව උඩට හැරී පවතී. මල පිපී පැයකට පමණ පසුව මලේ කලංකය පහළට නැමී යටි අතට හැරෙයි. මේ අවස්ථාවේදී කලංකය පරාග ලබාගැනීමට හොඳින් ග්‍රාහී වේ. නමුත් ප.ව. 1.00 ට පමණ පසු පරාගණය සිදු කිරීම ආරම්භ කළ හැකිය. කහ පැහැති ප්‍රභේදයේ මල් පරාගණය සිදු කරන විට එම මලේ පරාග වලින් හෝ එම වැලේ වෙනත් මලකින් හටගත් පරාගවලින් පරාගණය නොකළ යුතුය. වෙනත් වැලක හටගත් මලක පරාග වලින් පරාගණය කිරීමෙන් පමණක් පරාගණය සාර්ථකව සිදු වේ. වෙනත් මලකින් කඩාගත් පරාගධානි මහපට ඇගිල්ල සහ දබර ඇගිල්ල ආධාරයෙන් කලංකය මත තැවරීම සිදුකළ හැකිය. එසේ නොමැති නම් සියුම් කෙදි සහිත බුරුසුවකින් කලංකය මත මෘදුව පිරිමැදීම සිදුකළ හැකිය. මල් පරාගණය කර පැය දෙකක් තුළ වර්ෂාව ඇති නොවුණහොත් ඵල පිහිටීම සාර්ථක වේ.

Wednesday, July 15, 2009

හෙල රුවන් පුතේ

හෙල රුවන් පුතේ
නොනිදා නැගිටින්නේ
ලක් මව සුරකින ලෙසින් පුතේ
කල එලි බසින්න කුමරුවනේ

ගිනි ගෙන දැවෙනා මුතු ඇටයේ
අගය රකින්නට යලි ආයේ
නිදිගැට හැරදා කඩුව මුවතියන්
සටනට යන්නට වරෙන් පුතේ

අදත් එදා මෙන් රැකුමට තොපගේ
රට ඇත ඇවිලී යුද ගින්නෙන්
නුඹ නැති පාඩුව දැනේ පෙරමුනේ
ඉන්නා නුඹගේ සොයුරු සිතේ

රැකගෙන මවzබිම සතුරන්ගෙන්
දෙවෙනි යුද්දෙ කලු සුද්දන්ගෙන්
පලවා මේ හැම නුඹ නිවසින්
කරන්න මේ දෙස දැහැමි දැයක්

සපුමල් කුමරුවනේ
දැය හිමි
සපුමල් කුමරුවනේ

Monday, June 15, 2009

දහම් දැයක් අපි ගොඩ නගමූ

රට දැය ජය බිම ලෙසට ගෙනා
සිහල පුතුන් අද මව් බිම නිදනා
වීර විකුම් පෑ පෙර දින ලෙසිනා
සිංහ පුතුන් ඒ දිවි දුන්නා

රට මිස මා නැත අරමුණ පෙරටම
ගෙන ගිය විරුවො පෙරදා ලෙසින්
ගැමුණු යුගය ඒ ගොඩනැගු විදියෙන්
නව යුගයක් අද ගොඩ නගමූ

යුද්ධය අවසන පෙර විරුවෝ
සිවුර තුලට වී යුධ කෙරුවෝ
යුද්දෙට පසු උන් ඔවුන්ගෙ සිත් තුල
කෙලෙස් මලත් ගෙන යුද්ධ කලෝ

අවි ගත් යුද්ධය මේ ලෙස ඉවරව
තීරණයන් මේ ගෙන යන්නේ
ධර්මය හිස මත තබා ගැනීමම
සුද්දෙට මුල් පියවර වන්නේ

පහව කෙරේවා වෛරයේ ගිනිදැල්
උදා කරන්නට සාමයේ අරුණළු
මේ සිත් පුබුදා සදහම් හමුවේ
දහම් දැයක් අපි ගොඩ නගමූ

2009-6-15
චමින්ද

Thursday, June 11, 2009

යුධ ජය මත හිඳ

යුධ ජය මත හිඳ

සතුටින්ම උතුරමින් සිනා මල් පුබුදන්න
දිවි දුන්න විරුවනේ සදා නොමැරී ඉන්න
අවසරයි කුමරුනේ ඉතින් අප හිනැහෙන්න
සතුරන්ගෙ පැරදුමේ ජය කොඩිය ඔසවන්න

දිවි දුන්න උන් නිසා සතුට උතුරා ගියා
පුද කලද දිවි දෙවා අප දමා ඔබ ගියා
හිනැහිලා සතුටු වී ජය කෙහෙලි ගෙන අයා
බලමු පිටුපස හැරී උඩුකුරුව වැතිරෙනා

විරු පුතුන් බිහිකලා සතුරු කැල සුං කලා
රට රැකපු උන් නිසා සිනා මල් පිබිඳුනා
හ`ඩන හදවත් තුලට මෙත් ගඟ=ල් හරවලා
සිහි කරමු උන් නමින් මව් පියන් නමඳලා

හිනැහෙමින් යන දිහා අප ඉන්නෙ බලබලා
පයෙන් පය ඉදිරියට තබන විරු දෙස යොමා
සතුටින්ම උතුරන්න හිත නොහොඳ අතැරලා
දිරි ගන්න සොයුරනේ ජය ටැඹම දෙස බලා

2009-1-2

Monday, June 8, 2009

මගේ අන්තර්ජාල ආගමික පාරවල්

මගේ අන්තර්ජාල ආගමික පාරවල් ටික එකතු කරලා අලුතින් වෙබ් පිටුවක් හදා ගත්ත. ඉදිරියේදී හම්බවෙන අලුත් ඒවත් එකතු කරන්න බලාපොරොත්තු වෙනව ඔබ දන්නා වෙබ් ලින්ක් එවන්න.

මේ මඟ යන්න

තෙරුවන් සරණයි

Wednesday, June 3, 2009

බුද්ධි පරීක්ෂණය



ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය අපට හමු වන්නේ කොතැනින් ද? පොසොන් පෝදා මුව දඩයමේ ගිය දෙවනපෑතිස් රජු හා මිහිඳු හිමියන් අතර ඇති වූ සංවාදය අප උගෙන තිබේ. එය රජුගේ ප්‍රඥාව හා බුද්ධිය මැන බලනු වස් කරන ලද අගනා බුද්ධි පරීක්ෂණයක් බව වඩා හොඳින් විමර්ශනය කර බලන්නෙකුට පැහැදිලි වන සත්‍යයකි.

මේ රජතුමා ඉතා සියුම් අවබෝධ ඥානයකින් හෙබි අයෙකු බව හඳුනා ගත් මිහිඳු හිමියෝ ඔහුට දම් දෙසූහ. එසේ දෙසූ ධර්මය ගම් නියම්ගම් පුරා ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට ජනතාව යොමු කරවීමට සමත් විය.

චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම බණයි. එය දම්සක් පැවතුම් සූත්‍රය තරම් ම වටනේය. මන්ද සමාජ සුසිරිත් වඩා සම්මත දිවි පෙවෙතකට මෙරට වාසීන් යොමු කරවීමට ඒ දම් සුතුර පාදක වූ බැවිනි.

රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නොවූයේ නම් මිහිඳු හිමියන්ට මෙම දැවැන්ත පරිවර්තනය කිරීම උගහටය. මන්ද යත් මිසදිටු ජන සමාජයක් එකවරම සමිදිටු ජන සමාජයක් බවට පත් කිරීම අතිශය දුෂ්කර නිසාය.

මෙරට ඒ පරිවර්තනය සිදු කරන්නට මිහිඳු හිමියෝ ඉතා බුද්ධිමත් හා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දියත් කළහ. මහ වන පෙත් හෙළි කොට ගල්ලෙන් පවිත්‍ර කොට මහාසංඝරත්නය වැඩම කොට ධර්ම දේශනාවන්හි යෙදෙන්නට ධර්ම ප්‍රචාරයෙහි නියැලෙන්නට මං සලසාලන ලදී.

එතැනින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාරාම බවට පත් විය. ලක්දිව මහා විහාර බිහිවීම ඇරඹිණි. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය ඇරඹිණි. මේ අනුව සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති විය. මහාවංශය ඇතුළු පොත පත ලිවීම ආරම්භ වෙමින් පොදු ජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි.

වෙහෙර විහාර , මහ දාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හා සංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහල බෞද්ධ ලකුණ මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසා ක්‍රමයෙන් හුරු විය. බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය.

රළු කළු ගලෙකින් අතිශය ගුණ බර කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් ඒ සංවේදී මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය ළඟා කර ගෙන තිබුණි. ප්‍රතිභාවෙන් යුක්ත මිනිස් අත්වලින්, සංයමය, ඉවසීම පුහුණු කළ සිත්වලින් වඩ වඩා විශිෂ්ට කලා නිර්මාණ බිහි විය.

මෙසේ නව නිර්මාණ කෙරෙහි මිනිසා යොමු වූයේත්, සමාජ සංවර්ධනය උදෙසා වූ නව ප්‍රවේශයකට මිනිසා ගේ විඥානය යොමු වූයේත්, අපට උරුම වූ නව සංස්කෘතිය හේතුවෙන් නොවේද?

සිරිලක පුරා අස්සක් මුල්ලක් නෑර ධර්මය පැතිරවීමට කේන්ද්‍රස්ථානය වූ “මිහින්තලාව” හෙවත් මිස්සක පව්ව අද වන විටත් දෙනෝ දහක් සැදැහැතියන්ගේ උපහාරයට, වන්දනාවට පාත්‍ර වන්නේය. එය එසේ වන්නේ අපට අපේ සිංහල බෞද්ධ ලකුණ හෙළි කර දුන් කේන්ද්‍රස්ථානය එය වූ නිසාමය.

අහස සිඹින මහ දාගැබ්, මහ සයුර පරදවන මහ වැව්, බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත, අතීතයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් උදාවත්, මහින්දාගමනයත් සමඟින් සිදු වූ ප්‍රාතිහාර්යය දක්වන ජීවමාන සාධකයෝ වෙත්.

රජු දැහැමි විය. රට වැසියන් ද දැහැමි විය. රාජ්‍ය පාලනය ද දැහැමි විය. පොසොන් දර්ශනයෙන් සැබැවින්ම නව ශිෂ්ටාචාරයක් අපට උරුම විය. එය අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් යුක්ත විය. මේ සියල්ල අපට උරුම වූයේ බුදු දහමේ ආභාසයෙන් නොවේද?

මහින්ද හිමි කල



මහින්ද මහ රහතන් වහන්සේ
සිරිලක පුබුදු කලා
සදහම් පතුරා ලක් බිම
පිං සද මෝරා වැඩුනා

අනුර පුරේ සිට සදහම් පැතිරූ
මහින්ද මහ හිමි සමරමු
ලක් බිම පිං කෙත වපුරමු නැවතත්
පිං ඵල නෙලමූ

මහින්ද මහ රජ කරනා රජ කල
සිරි ලක දහමින් නහවමූ
මෙත් සිත් පතුරා ලක් බිම
ලොව වෙත රැගෙන යමූ

මහින්ද මහ රජ එක්සත් කරදුන්
මේ බිම දහමින් වපුරා
අස්වනු නෙලමූ හෙට දින
ලොවට ඛෙදා දෙමු නොපමා



2009-05-27

Thursday, May 28, 2009

වෙලාව

වෙලාව

කාලය කාලය කාලය
වෙලාව වෙලාව
හැම වෙලේම වෙලාව වැරදියි
ගෙදර බිත්ති ඔරලෝසුවේත්
එක වෙලාවක්
මගේ ෆෝන් එකේ තව වෙලාවක්
T.V එකේ තව වෙලාවක්
බස් එකට තව වෙලාවක්
කෝච්චියට තව වෙලාවක්
හංදිය මැද තියන ඔරලෝසු කණුවෙ
අනේ මන්ද
කොහොම රටම එක ක්ලොක් එකකට ගේන්නද
මේ සිස්ටම් එක ෆෝමැට් කරල
රටම එක ක්ලොන් එකකට වැඩ කරනවනම්
අනේ මේ බලන්නකෝ,
මගේ ඔෆිස් එකේ ,
ෆින්ගර් ස්කෑන් මැෂින් එකේ තව වෙලාවක්
මම කොම්පියුටරය ඔන් කලා
දෙවියන්ට ස්තූතිවන්ත වේවා
ෆින්ගර් ස්කෑන් එකයි, කොම්පියුටරෙයි
වෙලාව සමානයි
හිතට හරි සතුටුයි
මොකද ?
OFF වෙන වෙලාව
කොම්පියුටරයෙන්
බලන්න
පුළුවන්........

Saturday, May 23, 2009

ණැන ඇති පුතුන් සිටිනා සිංහල දේසේ











ණැන ඇති පුතුන් සිටිනා සිංහල දේසේ
නැති ණැන රැගෙන මේ දේසෙට පැන එන්නේ
ණැන ඇති රජුන් රැවටූවැයි සංතෝසේ
ඒ සිවළුන් රඟයි රජකම ලැබුනාසේ

බොදු කම සමඟ එකතුව ඇත අපේ ණැන
කාටද දෙවෙනි සිංහල දේශයේ ණැන
සම්බුදු හිමිගෙ පා පියුමන් පිළිගැනුනු රට
දුර්ගුණයන් නොවේ මේ සැම තැනම රට

වෙන කෙනකුගේ රටක ඇති සුගුණ
මෙරටට පෙන්වමින් ඇති ලෙස මෙහි නුගුණ
මොන මෝඩ රැලකදැයි නොදනිමි මෙජන
ඇයි මේ තරම් වෙර ගැනුමන් පිට වුන්ට

කිසිදා කරණු නොහැකිය සිහළුන් රවටා
හිස මත තිඛෙන බොදු කම මේ ලෙස දවටා
නැත සිහළුන් රැවටෙන්නේ මේ ජනටා
නුබලා බලා ගනු නුබලගෙ ගම රටයා

මුළු ලෝකයම සිටියත් කවදා බඩගින්නේ
පිංබර ලක් මව නෑ කිසි දින කුසගින්නේ
තෙරැවන් නමින් පිදු දන් කද මත ඉන්නේ
සැම ජන සුවෙන් සුපුරුදු සැමදා ඉන්නේ

මෙලොව එලොව තුන් ලොවටම කරුණා
මතුරන ජනයො සිටිනා දිවයින මෙදිනා
නෑ යන්නේ කිසිදිනකදි ඒ මග නොමගා
බුදු රජ දෙසූ සුමගම යයි මේ දන සැමදා

Friday, May 22, 2009

මරණය අභියස ජය ගොස

මරණය අභියස ජය ගොස
නැන්වූ ලක් බිම විරු පුතුන්
සැනසුම් සුසුමන් ගෙන දෙයි
ලක් මව දස දෙසින්

නිදිගත් සිහළුන් අභිමුව
විලි නැති රග දුන් සිවලූන්
ගෙරවුම් හඬකට සිහළුනගේ
සිවලූන් විසිවෙයි මෙලෙසේ

අභිමන රට දැය රකිමින්
ගෙන දුන් විරුවන් සැමදින
අවසන් නින්දට සපැමිනි
සිහළුන් සැමදින සමරමු

විරුවන් වෙනුවෙන් අණ දුන්
අභීත රජවරු මෙලෙසින්
ඉතිහස ගතකර සතොසින්
සමරමු නිදහස් සිතුවම්

සිරවූ නිදහස සිහළේ
දොර හැරි සිංහල පුතුනේ
ජය ගොස නගමින් සතොසේ
පෙරටම ගෙනයමු පෙර සේ

නිවටුන් අභිමුව රජ ගේ වසමින්
නැණ ඇති ලෙසකින් හෙට දිනයේදී
පවරමු මහජන අදිටන සැමදා
අභීත රජ පුත් අභිමුව සතොසින්

චමින්ද

Thursday, May 21, 2009






වේළුපිල්ලේ ප්‍රභාකරන් /පිරපාහරන්
1954 නොවැම්බර් 26 වැනිදා යාපන රෝහලේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් ඉපැදුණේය. ඒ වනවිට සිංහල දෙමළ සබඳතා ගිනිගෙන ඇවිළී යන තැනට පත්වී තිබි‚. වල්ලිපුරම් පාර්වතී හා තිරුවෙන්කතම් වේළුපිල්ලේගේ සිවු වැනි දරුවා වූයේ ඔහුය. ඔවුහු මධ්‍යම පන්තිකයෝය. පවුලේ බාලයා හෙවත් බඩපිස්සා පවුලේ කාගේත් ආදරය දිනා ගත්තේය. ප්‍රභාකරන්ගේ මව තදින්ම ආගම ධර්මයේ ඇළීගිය කාන්තාවකි. ඔහුගේ පියා තම පුතුන් දෙදෙනාගෙනුත් දිය‚යන් දෙදෙනාගෙනුත් දැඩි විනයක් පැතූ ඍජු මිනිසෙකි. ඔහු ඔවුනට ඉමහත්සේ ආදර කරුණාව දැක්විය. දිස්ති්‍රක් ඉඩම් නිලධාරියකු වශයෙන් ලැබූ රජයේ වැටුපෙන් තම දරුවනට දිය හැකි හැම සැප පහසුකමක්ම ඔහුගෙන් ලැබි‚. ප්‍රභාකරන් ඔහුගේ සුරතලා විය. පුංචි ප්‍රභාකරන් රාති්‍රයේදී පියාගේ තුරුල්ලේ ගත කළේය. දුරෙයි හෙවත් මාස්ටර් යනුවෙන් පවුලේ සාමාජිකයෝ ඔහුට සුරතල් නමක්ද තැබූහ.


ප්‍රභාකරන්ගේ පළමු පාසල් දෙවසර ගතවූයේ මඩකලපු නගරයේය. ඒ කාලයේ ඔහුගේ පියා එහි රාජකාරි කෙළේය. ඉන්පසු ඔහු උතුරේ කෙළවර වැල්වැටිතුරේ විදම්බර විදුහලට ඇතුළු වූයේ පියාගේ මාරුවත් සමගය. ඔහු කඩිසර එහෙත් දඟකාර ශිෂ්‍යයෙකි. උගැනීමට සාමාන්‍ය දස්කම් දැක්වීය. දරුවන්ගේ අධ්‍යාපනය ගැන බොහෝ බලාපොරොත්තු තබා සිටින මවුපියන් මෙන් වෙළුපිල්ලේද ඒ ගැන කනස්සල්ලෙන් සිටියේය. හත්වැනි පෙළ සමත් වීමෙන් පසු වේළුපිල්ලේ තම පුතා සමග වවුනියාවට ගියේ මාරුවකින් පසුවය. පුතා තමාගේ ඇස් දෙක මෙන් රැක බලා ගැනීම ඔහුගේ අරමුණ විය. පසුව ඔහු තම පුතා වැඩිදුර අධ්‍යාපනය සඳහා වැල්වැටිතුරේට රැගෙන ගියේය. දරු සෙනෙහසින් උමතු වූ පියා පාසල් කාලයෙන් පසු ගුරුවරයකු ලවා ටියුෂන් දුන්නේය.


අසල් වැසියෝද පාසල් සගයෝද ප්‍රභාකරන් ආදරයෙන් සිහිපත් කරති.


-කෝවිලේ ආගමික කටයුතුවලදී ප්‍රභාකරන් පවුලේ සාමාජිකයනට හැම උදව්වක්ම දුන්නේය. එපමණක් නොව අසල්වැසියන් හා නෑයන්ගේ වැඩ කටයුතු කැරදීමට කඩපිලටද ගියේය˜ එසේ කීවේ වැලිවැටිතුරේ පදිංචිකරුවෙකි. 55 හැවිරිදි එම පුද්ගලයා දැන් මදුරාසියේ ජීවත්වෙයි. සිය මුත්තනුවන්ගේ මරණ සංවත්සරයේදී පැවැති පවුල් හමුවේදී ප්‍රභාකරන් කි්‍රයාශීලී සාමාජිකයෙකි. උත්සවය අවසන් වූ පසු ප්‍රභාකරන් නොපැමි‚ නෑයන්ගේ ගෙවල්වලට ආහාර බඳුන් රැගෙන ගියේය.


ප්‍රභාකරන් සිය කුඩා කාලයෙන් වැඩි හරියක් ගත කළේ වැල්වැටිතුරේය. එකිනෙකට යාබදව ගෙවල් පිහිටි වැල්වැටිතුරේ මුහුදුබඩ නගරයේ දස දහසක් පමණ දමිළයෝ සිටියාහ. කතෝලික පල්ලියක්ද හින්දු කෝවිල් දෙකක්ද එහි විය. ශිව දෙවියන් වෙනුවෙන් කැපැවුණු ඉන් එක් දෙවොලක් පවුලේ දේපොළක් තරමටම පැවැතියේය. සියලූම ප්‍රධාන පූජා හා පෙරහර අවස්ථාවන්හිදී තරුණ ප්‍රභාකරන් එහි ප්‍රකට අත් උදව් කරුවෙකි. වැලිවැටිතුරේ පිරිමින් අතර රජයේ සේවකයෝද වෙළෙන්දෝද වූහ. ධීවරයෝද වූහ. ඔවුහු කොටින්ම හොරබඩු ජාවාරම්කරුවෝය. ඒ මේ අත ඇද වෙවී වක්‍රවී ගිය දිග මුහුදු තීරයත් ඉන්දියාවට සමීප වීමත් නිසා වැලිවැටිතුරේ හොරබඩු ජාවාරමුන්ගේ පාරාදීසයක් විය. සාමාන්‍ය බඩුත් හොර බඩුත් පටවාගෙන වැලිවැටිතුරේ සිට රැන්ගුන්, චිතගොං, රාමේස්වරම්, නාගපට්නම් හා කොචින් බලා බෝට්ටු යාත්‍ර කළාය. හොර බඩු ජාවාරම වැලිවැටිතුරේ ජීවන මාර්ගයකි. එය වරදකියි එහි කිසිවෙක් නොසිතූහ. මේ හොරබඩු පාරාදීසයට රේගුවේ උකුසු ඇස නොමඳව එල්ලවිය. වැලිවැටිතුරේ අපරාධවලට නීතිමය තත්ත්වයක් ලබා දුන්නේය. දෙමළ දේශපාලනය හිංසාවෙනුත් හිංසාවට විරුද්ධ කි්‍රයාවලිනුත් දැවැටී ගිය සමයේ වැලිවැටිතුරේ සිය කාර්යභාරය ඉටුකෙළේ විශාල පිරිසක් ඊට දායක කරමිනි.


වැල්වැටිතුරේ දේශපාලන වශයෙන් කොන්සවැටිව් හෙවත් පුරාණ දේ අගය කරන ස්ථාවරයක සිටියත් මධ්‍යස්ථ මතධාරි දෙමළ කොන්ග්‍රසයට ඇහුම්කන් දුන්නේය. පෙඩරල් පක්ෂය 1961 පැවැත්වූ සත්‍යග්‍රහය සංවිධානය නොකළ එක් ස්ථානයක් වූයේ වැලිවැටිතුරේය. එහෙත් සෙසු දෙමළ ප්‍රදේශවල ගති ලක්ෂණ වැලිවැටිතුරේද දක්නට ලැබි‚. උතුරු නැගෙනහිර වෙනත් දමිළයන් මෙන් වැලිවැටිතුරේ දමිළයෝ ද ඉන්දියා නිදහස් අරගලයේ ආභාෂය ලැබූහ. මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු, ස්වාමි විවේකානන්ද හා සුභාෂ් චන්ද්‍ර බෝෂ් වැනි ඉන්දියා නායකයන්ගේ ඡායාරූපවලින් එහි බොහෝ නිවාස බිත්ති සැරැසී තිබි‚. අගෝස්තු 15 වැනිදා ඉන්දියා නිදහස් දිනය වැල්වැටිතුරෙයි නගරයේ සාඩම්බරයෙන් සැමැරි‚. ඉන්දියා ජාතික දිනය නිමිත්තෙන් යාපනයේ පුවත්පත් හා සඟරා විසින් පළ කැරුණු විශේෂ අතිරේක වැල්වැටිතුරේ ජනයා ඉමහත් උනන්දුවෙන් කියැවූහ. වේළුපිල්ලේ ජනපි්‍රය පුද්ගලයෙකි. පිරිහී යන ජනවාර්ගික සම්බන්ධතා ගැන හේ මිත්‍රයන් සමග නිමක් නැතිව ඉංගී්‍රසියෙන් හා දෙමළෙනුත් අදහස් හුවමාරු කැර ගත්තේය. දමිළයන්ගේ ඉරණම ගැන අඳෝනා නැගුවේය. මේ කතාබහ සිදුවෙද්දී ප්‍රභාකරන් ඊට ඉමහත් ඕනෑකමින් සවන්දෙමින් පියා ළඟින් සිටියේය. හුවමාරුවූ අදහස්වල හැම වචනයක්ම නොතේරුණත් පුංචි ප්‍රභාකරන් ඊට හොඳින් ඇහුම්කන් දුන්නේය. දේශපාලනයටත් සිංහල දෙමළ ආරවුලටත් ඔහු ලැබූ ප්‍රාථමික හැඳින්වීම එය විය. සාවධානව අසා සිටීමේ පුරුද්ද ඔහුට ඇතිවූයේ මේ සාකච්ඡාවලිනි.


පාසල ඔහුගේ උනන්දුව ඇතිකළ තැනක් නොවුවත් වෙනත් දේ කෙරෙහි උනන්දුව ඇතිවිය. ඉන්දියා ජාතිකයන් දෙදෙනකුගේ ජීවිත තොරතුරු හා කාලය පිළිබඳව ඔහුගේ සිත වශීවිය. සුභාෂ් චන්ද්‍ර බෝස් හා භගත් සිං ඒ දෙදෙනාය. අධ්‍යාත්මික වාදයට බෝස් ඇදීගිය කෙටිකාලසීමාව, ඔහුගේ සහජ යුදකාමිත්වය, මහත්මා ගාන්ධි සමග තරගයට පිවිසීමට දැක්වූ කැමැත්ත, සියුම් ලෙස සැලැසුම් කැර ඉන්දියාවෙන් පැනයාම, කඩිනමින් පිහිටුවාගත් ඉන්දියා ජාතික හමුදාව මගින් බි්‍රතාන්‍යය සමග සටන්වැදීම, හා මේ ඛෙන්ගාලි ජාතිකයාගේ චිත්තාකර්ෂŒය පෞර්ෂත්වය නිසා ඔහු ප්‍රභාකරන්ගේ වීරයා විය. බෝස් ගැන ලියැවුණු පොත පත හේ පුන පුනා ධාරණය කැර ගත්තේය. -මගේ අවසන් ලේ බිංදුව දක්වා මගේ දේශයේ නිදහස පතා මම සටන් කරන්නෙමි˜ යනුවෙන් ලියැවුණ ඔහුගේ යුදකාමී සටන් පාඨයට ප්‍රභාකරන් ඇදී ගියේය.


නැපෝලියන්ගේ යුදමය වීරකි්‍රයා, ස්වාමි විවේකානන්දගේ උගැන්වීම්, මහා භාරත කතාන්තර හා කිරිපානන්ද වරියර්ගේ ආගමික දේශනා කෙරෙහි ප්‍රභාකරන් ඇදී ගියේය. කිරිපානන්දවරියර් තමිල්නාඩුවේ සිට වසරක් පාසා වැල්වැටිතුරේට පැමි‚යේය. පවුලේ සාමාජිකයන් අනුව යමින් හේ ශ්‍රද්ධාවන්තයෙක් විය. ඔහුගේ පි්‍රයතම දෙවියන්වූයේ කතරගම දෙවියන්ය.


වැල්වැටිතුරේ පැවැති දේශපාලන රැස්වීම්වලට ප්‍රභාකරන් සහභාගිවිය. -සිංහල දාමරික කි්‍රයා˜ ගැන කථීකයන් කී දේද ඊට ඔරොත්තුදීමේ ශක්තිය දෙමළ ජනයා විසින් ඇතිකැරගත යුතු යැයි කී කතාද ඔහුගේ හිතේ තැන්පත්විය. ගෙදරදීත් ඔහුගේ පියාත්, ආගන්තුකයෝත් ඒ ආකාරයෙන්ම කතා කළහ. ඔවුන් තමන්ගේ පෞද්ගලික අත්දැකීම්වලින්ද වෙනත් අයගෙන් ඇසූ කතාවලින්ද ඒ කතාවන්ට පොහොර දැමූහ.


1958 කැරැලි සමයේ පානදුර නගරයේ හින්දු පූජකවරයෙකු අල්ලාගත් සිංහල දාමරිකයන් ඔහු නිදාගෙන සිටි මෙට්ටයට බැඳ ලාම්පුතෙල් දමා පණ පිටින් පුළුස්සා මරණයට පත්කළ බව කවුදෝ ඔහුට කියා තිබි‚. -අපි දෙවියන්ට භය පිරිසක්. අපි ආගමට හරියටම භක්තිමත්. ඒ වගේ හින්දු පූජකවරයකු පණ පිටින් පුළුස්සද්දී අපට පෙරළා එකට එක කිරීමේ හැකියාව නැද්ද?˜ පුංචි ප්‍රභාකරන් මේ ප්‍රශ්නය යම් දිනයක අසනු ඇත.


අනාගත ගරිල්ලෝ මෙවැනි කතා ඔවුන්ගේ පාසල් මිතුරනට කීහ. වෙනත් ළමයින් කී්‍රඩා පිටියට ඇදී යද්දී ප්‍රභාකරන් කැටපෝලයට ඇදී ගියේය. ඔහු ඉලක්ක වෙඩික්කරුවන්ගේ ලෝකයට ඇදී ගියේය. ඔහුගේ මුල්ම බිලි කටුස්සෝද ලේන්නුද කුරුල්ලෝද වූහ. කැටපෝලයේ ගල් කැටයෙන් නොමැරී බේරුණු සතුන් හේ ගෙදර ගෙන ගියේය. කැටපෝලයක් නොවූ විට ප්‍රභාකරන් රබර් පටිවලින් සතුනට විද්දේය. එසේ නැත්නම් ගලක් අහසට දමා එය බිම වැටෙන්නට පෙර ඒ ගලට ගසා එය කැබැලිවලට කඩන්නට උත්සාහ ගත්තේය.


ගෙදරට ආ බොහෝ මිතුරන් ගැන ප්‍රභාකරන්ගේ පියා කාරු‚ක වූයේ නැත. එහෙයින් මුල් අවධියේ ඔහු බොහෝ විට හුදෙකලා වූයේය. තරු‚යන් ඉදිරියේ හේ කුලෑටි විය. සළිත විය. ඔහු තනිව සිටින විට -වීර පණ්ඩියා කාට්ටබෝමන්˜ දෙමළ චිත්‍රපටයේ දෙබස් හ~නගා කීවේය. පුරාවෘත්තයන්හි රණශ+රයා තමා යැයි සිතමින් ඒ චරිතය රඟපෑවේය. එසේ නැත්නම් අද්භූත -කොමික්˜ හෙවත් විහිළු චරිතවලට පණ දුන්නේය. ඔහු දුෂ්ටයන් සමග සටන් කළේය. මේ රඟපෑම් ඔහුට නව වින්දනයක් ලබා දුන්නේය. ඔහු රඟපෑ -කොමික්˜ චරිත පසු කලෙක ඇල්.ටී.ටී.ඊ.යට එවැනිම දරුණු ලාංඡනයක් යොදා ගැනීම සඳහා හේතුභූත වන්නට ඇත. ඔහු ජූඩෝ හා කරාටේ සටන් ක්‍රමවල මූලික පාඩම් හැදෑරීය. ඔහුගේ සටන් නිපුණතා දුටු පවුලේ අය ඔහුට නමක් පට බැන්දාහ. -වීරවන්˜ (වීරයා) යනුවෙන් ඔහු සරදමට ලක්විය.


කොටි කල්ලියේ යාපන සන්නද්ධ නායකයා සේ මතුවූ සතාසිවන් කි්‍රෂ්ණකුමාර් හෙවත් කිට්ටු ඔහුගේ මිත්‍රයෙක් විය. ප්‍රභාකරන් හා කිට්ටු හිස් සෝඩා බෝතලයකට පාසලෙන් පිල්ලි ගැසූ රසායන ද්‍රව්‍ය පුරවා ඒවා පපුරවා අත්හදා බැලීම් කළහ. ප්‍රභාකරන් හා ඔහුගේ මිතුරෝ වරක් බඳුනකට වෙඩි ඛෙහෙත් පුරවා පත්තුකළ හඳුන්කූරක් ගසා පාසල් වැසිකිළියේ තැබූහ. බලාපොරොත්තු වේලාවට -කාල බෝම්බය˜ පිපිරී ගියේය. -අපි කොක්හඬින් සිනාසුණා˜ විදම්බර විදුහලේ ශිෂ්‍යයෙක් සිද්ධිය සිහිපත් කළේය. විදුහල්පති අප සැක කළා. ඒත් අප කිසිවකු වගකීම භාරගත්තේ නැහැ.


ප්‍රභාකරන් කෙමෙන් කෙමෙන් කැටපෝලයෙන් හුළං තුවක්කුව දක්වා උසස් වීමක් ලද්දේය. කටුස්සන් ලේනුන් හා කුරුල්ලන්ම ඔහුගේ ගොදුර විය. දිවි ගලවා ගත්තේ ඉන් ටික දෙනෙකි.


ඒ සමගම යුදකාමීත්වයේ ප්‍රථම විෂ දළ 1970 දී නිෂ්පාදනය විය. කල් තියා ප්‍රත්‍යක්ෂ කැරගෙන සිටි සටන්වලට ප්‍රභාකරන් සැරැසුණේය. ඔහු වරෙක ගෝනියකට බැස්සේය. ඉබේම ගැට ගසාගත්තේය. දවසක්ම කට්ට අව්වේ ගත කළේය. තවත් වරෙක ප්‍රභාකරන් මිරිස් ගෝනිවල ලැග්ගේය. නියපොතු අතර අල්පෙනෙති ඇන ගත්තේය. තවත් විටෙක කෘමින් අල්ලා අල්පෙනෙතිවලින් ඇන උන් මැරෙන සැටි බලා සිටියේය. -සතුරාට˜ වධ හිංසා පමුණුවා මානසික සූදානම ලබා ගැනීමේ ව්‍යායාමයයි ඒ. සරසවි පිවිසුම සඳහා ලකුණු ප්‍රමිතිකරණය හඳුන්වාදීම ගැන වැල්වැටිතුරේ මෙන්ම සෙසු දෙමළ පළාත්හි සිසුන් කෝපාවිෂ්ට කළේය. ජාතීන් අතර අසාධාරණය නීතිගත කිරීම සඳහා ගත් අලජ්ජි උත්සාහයකියි ඔවුහු සිතූහ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට සටන් කාමීත්වයට පිවිසීමක් යැයි ඔවුහු සිතූහ. අධ්‍යාපනය ගැන තුබූ සුළු උනන්දුවද ප්‍රභාකරන්ගෙන් ගිළිහී ගියේය. -සිංහල මර්දනය˜ ගැන හේ මිතුරන් සමග කතාබහ කිරීම එන්න එන්නම වැඩි විය. ප්‍රභාකරන් හොඳට දැන ඇඳින සිටි වැල්වැටිතුරේ වැඩිහිටියෙක් මෙසේ කීවේය. -විරෝධය නොපා ඉගෙන ගන්නැයි අපි දරුවනට කීවා. ඒත් ප්‍රමිතිකරණයෙන් පසු එක්කෙනෙකුවත් ඊට නම්මාගත නොහැකිවුණා.˜ තරුණයන්ද වැඩිපුරම දකු‚න් ගිය පොලිස් සාමාජිකයන් ද අතර වූ ගැටුම්වලින් අර්බුදය වඩාත් උග්‍රවිය. පොලිසිය තරුණයන් දෙස බැලූවේද අවඥාවෙනි.


තමන්ගේ බොහෝ සමකාලීනයන් මෙන්ම ප්‍රභාකරන් දෙමළ ශිෂ්‍ය ලීගයට (ටී.වයි.එල්.) හා දෙමළ තරුණ ලීගයට (ටී.වයි.එල්.) පාවී ගියේය. ප්‍රමිතිකරණයට හා 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව වීදි උද්ඝෝෂන සංවිධානය කෙළේ මේ කණ්ඩායම් දෙකයි. මේ සංවිධාන දෙකම වැඩි නීති රීති නැතිව කි්‍රයාත්මක වූ නිසා දීප්තිමත් තරුණයෝ විශාල පිරිසක් ඇදී ආහ. ටී.වයි.එල්. සංවිධානය දෙමළ එක්සත් පෙරමුණේ (ටී.යූ.එෆ්.) ශිෂ්‍ය සංවිධානය සේ කි්‍රයා කළේය. තම කිට්ටුම මිතුරු කවය හැරුණු විට ප්‍රභාකරන් මුලින්ම සබඳකම් ඇතිකැර ගත්තේ මේ දෙලීගය සමගයි. ඒවායේ වැඩි දෙනා ඔහුට වඩා වයසින් වැඩි අය වූහ. තංගතුරේ හා කුට්ටිමනී එහි වූහ. දෙදෙනා ම වැල්වැටිතුරේ මිනිස්සුය. පෙරිය සෝති ද එහි විය. ඔහු ප්‍රභාකරන්ගේ ඥාති සහෝදරයෙකි.


මේ වනවිට ප්‍රභාකරන් ගෙදරින් කට්ටි පැන්නේය. මුලදී දින ගණන් ගෙදර නොගොස් සිටියේය. පසුව එය සති ගණන්වලට පෙරැළිණ. ජවයෙන් ඔදවත් වී සිටි ප්‍රභාකරන් කොට කලිසමක් ඇඳගෙන යාපනයේ සැරි සැරූයේ අමුතුම උද්යෝගයකිනි. හේ අලූත් අය හමුවිය. දෙමළ දේශපාලනය කතා කළේය. ඉන්දියාවේ හා › ලංකාවේ පුරාණ රාජධානි ගැන කතා කෙළේය. බෝස් ක්‍රමයේ සන්නද්ධ අරගලයකට ඇති ඉඩකඩ ගැන සාකච්ඡා කෙළේය. -කතාව පටන් ගත් විට නතර කැර ගැන්ම ප්‍රභාකරන්ට අසීරු විය. ඔහුගේ කට කතුරක් වැනි විය.˜ ප්‍රභාකරන්ගේ හිටපු සහායකයෙක් එසේ කීවේය. 1972 දී ඔහුගේ කකුල බෝම්බ පහරකින් තුවාල විය. තංගතුරේ සමග තල්ගසක් යටදී හදමින් සිටි බෝම්බයක් අකාලයේ පිපිරී ගියේය. ඒ නිසා ඔහුට -කරිකාලන්˜ යන නම පටබැඳි‚. -කකුල් කළු මිනිසා˜ යන්න එහි තේරුමයි. පොලිසිය ප්‍රභාකරන් සොයද්දී තරුණයන්ගේ කකුල් පිරික්සීම පුරුද්දක් කැර ගත්තේ අල්ලා ගත නොහැකිවූ මේ කැරැලිකරු අසුවේ දැයි සැක හැර දැන ගැනීම සඳහාය.


1973 දී පොලිසිය ටී.වයි.එල්. කි්‍රයාකාරීන් සොයා යද්දී ප්‍රභාකරන්ගේ ගෙරදට ද ගියේය. සත්‍යසීලන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය ඔහු සොයා ගියේ අපරාධ දෙකක් සම්බන්ධයෙනි. ඉන් එකක් වූයේ යාපනයේ සැණකෙළියකදී යාපන පුරපති ඇල්ප්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමට තැත් කිරීමයි. එය ඔහු මුලින්ම කරන්නට තැත් කළ ලොකුම අපරාධයයි. දෙවැන්න වූයේ 1972 දී යාපනයේ යකඩ බඩු කඩයක් කොල්ල කෑමට ගත් එවැනිම අසාර්ථක උත්සාහයයි. නමුත් ඒ වනවිට ප්‍රභාකරන් ගෙදරින් පැන ගොසිනි. තවත් සිවු දෙනකු සමග ඉන්දියාවට යාත්‍රා කැර හමාරය. තංගතුරේ හා කුට්ටිමනී ඒ අතර වූහ. අන්තිමේදී ඔහු පෙරියසෝති සමග මදුරාසියට ගියේය. එහි දේශපාලනඥයකු වූ ටී.ආර්. ජනාර්ධනන්ගේ උදව්වෙන් කෝදම්බක්කන්හි පුංචි ගෙයක් කුලියට ගත්තේය. ජනාර්ධනන් › ලංකාවේ දෙමළ ජනවාර්ගික ප්‍රශ්නය ගැන පොතක් ලියා තිබි‚.


නිතරම වැඩ පෙන්නීමට නළියමින් සිටි විනිවිද යන ඇස් ගෙඩි දෙකකට හිමිකම් කී ප්‍රභාකරන් කුලෑටි කොල්ලකු බව ජනාර්ධනන් දැන සිටියේය. ඒත් ප්‍රභාකරන් ළඟ සල්ලි තිබුණේ ම නැත. මදුරාසි ජීවිතය ලේසි පාසු නොවීය. ජනාර්ධනන් තනිකඩයෙකි. ගෙදරට ආගිය › ලංකා දමිළයනට ආගන්තුක සත්කාර කරන්නට සැදී පැහැදී සිටියේය. එයින් ප්‍රයෝජන ගත් ප්‍රභාකරන් ඔහුගේ ගෙදරින් නොමිලයේ කුස පුරවා ගත්තේය. දේශපාලන සාකච්ඡාවලින් හිසද පුරවා ගත්තේය.


ඒත් ප්‍රභාකරන්ට ඉවසුමක් නැති විය. පෙරියසෝති සමග ගත කිරීම එපා වී තිබි‚. මදුරාසි ජීවිතය පෙරිය සෝතිට ඇල්ලු සැටියෙකි. මේ වනවිට යාපනයේ තරුණයකු වූ චෙට්ටි › ලංකාවේ හිරගෙදරින් පැන මදුරාසියට ගොස් මයිලපෝර් ප්‍රදේශයේ නවාතැන් ගත්තේය. චෙට්ටිද වැඩකාරයෙකි. එහෙයින් දෙදෙනාම ඉබේම එකට පෑහුණාය. දෙදෙනා අතර මිත්‍රත්වය ගැන පෙරිය සෝති සතුටු වූයේ නැත. ප්‍රභාකරන් නරක සමාගමකට වැටී ඇතැයි පෙරිය සෝති කියන්නට විය. ප්‍රභාකරන් ඊට පිළිතුරු දුන්නේය. -පෙරිය සෝති මදුරාසියට වී කකා බිබී ඉන්නවා පමණයි. චෙට්ටිගේ අපරාධ ඉතිහාසය මම හොඳට දන්නවා˜ යන්න ප්‍රභාකරන්ගේ ප්‍රතිචාරය විය. -චෙට්ටි හා ඔහුගේ මිනිස්සු වැඩ කාරයෝ˜ ප්‍රභාකරන් මිතුරනට කීවේය. -මම කවදාවත් මගේ අනන්‍යතාවය නැතිකර ගන්නේ නැහැ. -ප්‍රභාකරන් චෙට්ටි සමග ඇයි හොඳයි කීම වළක්වා ගන්නට තංගතුරේ හා කුට්ටුමනීද වෙහෙසුණාහ. ඒත් ඔහු ඒ උපදේශ ඉවත දැමීය. වැල්වැටිතුරේ සගයන් දෙදෙනා සමග වූ සබඳකම්ද අතහැර දමා ප්‍රභාකරන් අලූත සොයාගත් මිතුරාගේ සමාගමය පිළිගෙන යළි යාපනයට ආයේය.


ප්‍රභාකරන් දැන් ජීවත් වනුයේ රහසිගත තැන්වලය. පවුලේ සාමාජිකයන් සමග කිසිම සබඳතාවක් පැවැත්වූයේ නැත. නමුත් තෝරාගත් නෑයන් සමග සබඳතා පැවැත්වීය. ඉන්දියාවේ ගත කළ මාස ගණනේ දී ඔහු තවත් රළු විය. තමිල්නාඩුවේ වෙරළබඩ නගරයක් වූ වේදරානියම්හි ප්‍රභාකරන් හා තංගතුරේ ඉතා අමාරු ජීවිතයක් ගත කළහ. උතුරේ සිටි බෝට්ටුවෙන් යන දමිළයන් බොහෝ විට ගොඩබසිනුයේ වේදරානියම් තොටටය. ප්‍රභාකරන් හා තංගතුරේ කල්ලිය බඩගින්නේ සිටි වාර අනන්තය. ප්‍රදේශයේ හින්දු කෝවිල්වල -ප්‍රසාදම්˜ ඛෙදනතුරු ඔවුහු කෙළ හළමින් බලා සිටියහ.


ලාඛෙට තිබූ මිදුණු කිරි මුසු බත් හැර අන් කෑමක් මිලට ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. ආහාරයක් සොයා ගැනීමට නොහැකිවූ විට බඩගින්න නැතිකැර ගැනීම සඳහා ප්‍රභාකරන් හා සෙස්සෝ නිදි පෙති බී නින්දට වන්හ. ප්‍රභාකරන් යාපනයට එනවිට 1974 අන්තර් ජාතික දෙමළ සමුළුව ලේ ගැලීමෙන් අවසන්වී තිබි‚. දෙමළ තරුණයන්ගේ සුරතලාවූ සිවකුමාරන් සිය දිවි නසාගෙන තිබි‚. සයනයිඩ් කරලෙන් කළ හැකි දේ ඔහුට ප්‍රත්‍යක්ෂ වශයෙන් මුල්වරට අවබෝධ විය. සිවකුමාරන්ගේ වික්‍රමයන් ගැන ප්‍රභාකරන් සතුටු වී සිටියේය. මේ වනවිට ඔහු තංගතුරේගෙන් ද වෙන්වී සැඟැවීමට වෙනත් තැන් සොයමින් සිටියේය. පරණ තැන් පොලිසිය දැන සිටි හෙයිනි. 1974 ඔක්තෝබරයේදී සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය යාපනයට යෑමට නියමිතව සිටියාය. ඇයගේ ගමන අවුල් කරන්නට ඔහුද චෙට්ටිද සිතූහ.


හිංසා මාලාවකින් ඇය -පිළිගැනීමට˜ දෙදෙනා තීරණය කළහ. ඔවුහු නගරයේ තැන තැන බෝම්බ පිපිරැවූහ. කන්කසන්තුරේ පොලිසිය, අගමැතිනියගේ භාෂා පරිවර්තක කොමියුනිස්ට් දේශපාලනඥයාගේ නිවෙස, යාපනයේ දුම්රිය පොළ හා පොදු වෙළෙඳපොළ ඒ තැන් අතර විය. බෝම්බවලින් වැඩි අලාභයක් සිදුවූයේ නැත. එහෙත් බලාපොරොත්තු වූ පරිදිම කුලප්පුව හා සන්ත්‍රාසය මතුවී ආයේය.


ඉන් ටික දිනකට පසු චෙට්ටි යළි අත්අඩංගුවට ගැනි‚. එය ප්‍රභාකරන් හිසමතට තව දුරටත් බර උසුලන්නට සිදුවීමකි. චෙට්ටි ඊට කලින් යාපනයේ සමුපකාර කඩයක් බිඳ හොර රහසේම කාරයක් මිලදී ගත්තේය. අලූත් ජීවන රටාව ගැන මිතුරන් ඇසූ විට එකට එකක් නොගැලපෙන කතාවලින් උත්තර දුන්නේය. චෙට්ටි අත්අඩංගුවට ගැනීමත් සමගම ප්‍රභාකරන් හට යළිත් කාසිපනම් හිඟ විය. එහෙයින් අලූත් මිතුරන් සොයා යෑමටත් සැඟැවී සිටීමට අලූත් තැන් සොයා ගැනීමටත් සිදුවිය. වසරකටත් අඩු කාලයකදී එවැනි අවස්ථාවකට මුහුණපෑ දෙවැනි වතාව මෙය විය.


චෙට්ටි තමාට කොළේ වසා ගැසූ බව ප්‍රභාකරන්හට තේරුම් ගියේ අශ්වයා ස්තාලයෙන් පැන ගිය පසුවය.


ගඩා ගෙඩිද, සමීප මිතුරන්ගේ බත් පිඟාන ද ඛෙදාගෙන කමින් ප්‍රභාකරන් පණ ගැට ගසා ගත්තේය. ඒත් ඔහු ඒ සියල්ලට ධෛර්ය සම්පන්නව මුහුණ දුන්නේය. -අපේ මුළුතැන් ගෙයින් මම ඔහුට කෑම බීම දුන්නා˜ යැයි හිටපු කොටි සාමාජිකයෙක් කීවේය. ඒ කාලයේ ඔහු සැඟැවී නොසිටි පුද්ගලයෙකි. තමන් ගෙදරින් එළියට බට අරමු‚න් ප්‍රභාකරන් නොවේ ඈත්වූයේ. නවාතැන් ගැනීමටත් සැඟැවී සිටීමටත් නිරන්තරයෙන් තැත් නොකළ ඔහු ඒ අස්සේම බලවත් හැඟීමෙන් වෙළී දෙමළ දේශපාලනය දේශනා කරන්නටද වූයේය. වරක් ඔහුට සෙංගමාලය වැළඳි‚. ඒත් ඔහු නොවේ, දොස්තර කෙනෙකු ළඟට ගියේ. විශ්මය ජනක ලෙස ඔහු සුවපත් විය. ප්‍රභාකරන් ඔහුගේ පැරැ‚ පිළිවෙතම අනුගමනය කෙළේය. ඉන්දියා නිදහස් සටන හා දෙමළ ඉතිහාසය ගැන ඔහු තනිවම කතා ඇරැඹුවහොත් එහි අවසානයක් නොවීය. ඔහුට සල්ලි නැතිව ගියවිට මිතුරන් බයිසිකලයෙන් වැල්වැටිතුරේට යවයි. හිතවතුන්ගෙන් සල්ලි ඉල්ලාගෙන ඒමට උපදෙස් දෙයි. ඒත් ප්‍රභාකරන් තම උපන් ගමට යෑමෙන් වැළැකී සිටියේය.


කෙතරම් කැපවීමෙන් වැඩ කළත් දොරේ අප්පා වෙඩි තබා ඝාතනය කරනතුරු ප්‍රභාකරන් කවුදැයි යාපන වැසියෝ දැන නොසිටියහ.


ඝාතනයට පෙර දින එනම් 1975 ජූලි 27 වැනිදා මළකඩ කෑ හිස් රිවෝල්වරයක් ද රැගෙන ප්‍රභාකරන් මිතුරකුගේ ගෙට ගොඩවිය. ගිනිපෙට්ටි බණ්ඩලයක් ද තවත් ලට්ට ලොට්ට ගොඩක් ද ඔහු ළඟ තිබි‚. ප්‍රභාකරන් ගිනිකූරු හිසේ වෙඩි ඛෙහෙත් එකතු කරමින් ඒවායින් උණ්ඩ හැදූ ආකාරය මිතුරා ගල් ගැහී බලා සිටියේය.


-මේවායින් වෙඩි තියන්න පුළුවන්ද?˜ මිතුරා උපහාසයෙන් ඇසීය. මිනී මැරීම සඳහා උණ්ඩ තැනීමේ කලාව කෙරෙහි හිත ඇදී ගොස් සිටි ප්‍රභාකරන් කිසිම ආවේගයක් පෙන්නුම් නොකළේය. -කට වහගෙන හිටපන්. හෙට බලපන්˜ යැයි පිළිතුරු දුන්නේය. පසුදා උදෙන්ම ප්‍රභාකරන් පිටත්විය. ඔහු ගියේ කොතැනට දැයි යාළුවා නොදනී. නමුත් කෝවිල අසලදී දොරේ අප්පාට වෙඩි තැබූ පුවත සැළැවූ විට ඊට වගකිව යුත්තේ කවුදැයි මිතුරා ලේසියෙන් ද නිවැරැදිව ද අනුමාන කෙළේය.


එය ප්‍රභාකරන්ගේ මුල්ම මිනීමැරුමයි. දමිළයන් විසින් මුල්වරට කැරුණු ලොකුම ඝාතනයයි. එයින් රටේම ආන්දෝලනයක් ඇතිවිය. එයින් ප්‍රභාකරන්හටද නමක් හා ප්‍රසිද්ධියක් ලැබි‚. ප්‍රභාකරන්ගේ නම වටා ප්‍රභා මාලාවක් පතිත විය. නව දෙමළ කොටි (ටී.ඇන්.ටී.) නමින් රහසිගත කල්ලියක් ගැන යාපන තරුණයන් මුල්වරට දැන ගත්තේ දොරේ අප්පා ඝාතනයෙන් පසුවය. ඝාතනයට හවුල්වූ තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවත් ඔහු ආදරය කළ පැන්ටම් අභූත මිනිසා මෙන් ප්‍රභාකරන් ඔහු පසු පස්සේ ලූහු බැඳ ආ අයට වඩා පිම්මක් ඉදිරියෙන් සිටියේය. ඔහු කිසිදාක අල්ලාගත නොහැකිවනු ඇත. පොලිසියේ වද හිංසාවලට කිසිදිනෙක ලක් නොවනු ඇත. › ලංකාවේ හිර ගෙදරක ඇතුළු පැත්ත කිසි දිනෙක නොදකිනු ඇත.


මීට ප්‍රධාන හේතුව නීතියේ හස්තයෙන් ඈත්වී සිටීමට ඔහු අනුගමනය කළ සංකීර්ණ පූර්වෝපාය මාලාවයි. ඔහු කතා කෙළේ ඉතා මඳ වශයෙනි. අනාගත සැලසුම් හා ගමන් බිමන් ගැන ඉඟියක්වත් පිටවන්නට ඉඩ දුන්නේ නැත. දොරේ අප්පා මරා දැමීමෙන් පසුව මිතුරකුගේ ගෙදරට ගිය ප්‍රභාකරන් තමාට රැය ගත කිරීමට ඉඩදිය හැකි දැයි ඇසුවේය. සැක නොකළ මිතුරා හිස වැනීය. ප්‍රභාකරන් නින්දට ගියේය. පසුදා උදෑසනින්ම නොපෙනී ගියේය.


දොරේ අප්පා ඝාතනයෙන් පසු පොලිස් සෝදිසි නිසා ප්‍රභාකරන් තම ආරක්ෂාව සඳහා වූ පූර්වෝපායන් තවත් වැඩි කැර ගත්තේය. යමක් ඉබේ වටහා ගැනීමේ ඥානය හෙවත් ඉව කිසිදාක ප්‍රභාකරන් හැර නොගියේය. ඒ කාලයේ -කොල්ලන්˜ ආදරයට ලක්වුවත් ඔවුනට අනුකම්පාව දැක්වූ බොහෝ දෙනෙක් යාපනයේ නොවූහ. බහුතර දමිළයෝ හිංසා නීච කි්‍රයා සේ පිළිකුල් කළහ. ඝාතනයේ තම හවුල්කරුවන් තිදෙනා ආගිය තැන්වලට යෑම ප්‍රභාකරන් අතහැර දැමීය. හවුල්කරුවන් ඒ විස්තර පොලිසියට -පාවා දෙන්නට˜ ඇතැයි සිතූ හෙයිනි. ඝාතනයෙන් පසු තම ගෙවල්වල නිදන්නට එපා යැයි ප්‍රභාකරන් ඔවුනට උපදෙස් දී තිබි‚. ඒත් ඔවුහු එය ගණන් නොගත්හ. එහෙත් ප්‍රභාකරන් පොට වරද්දා ගත්තේ නැත. ඔහුගේ නිරන්තර සගයා වූයේ රිවෝල්වරයයි. ඔහු නින්දට ගියේ රිවෝල්වරය කොට්ටය අස්සට යවමිනි. නිතරම සන්නද්ධ වී සිටින ලෙස ප්‍රභාකරන් මිතුරනට උපදෙස් දුන්නේය. ඒ අවිය කුස්සියේ පිහියක් වුවත් මිරිස් කුඩු ටිකක් වුවත් කාරියක් නැතැයි ඔහු කියා තිබි‚. නව දෙමළ කොටි කල්ලියේ අවි ගබඩාව සීමාවූයේ රිවෝල්වර දෙකකට පම‚. ඉන් එකක් මිලට ගැනුණේ සොරකම් කළ සල්ලිවලිනි. ආරක්ෂාව පිළිබඳ ප්‍රභාකරන්ගේ සිතෙහි පැවැති මහත් කරදරකාරි සිතුවිලි නිසාම සටන්කාමී කල්ලියට බඳවා ගන්නවුන් පවා හමුවූයේ නැත. ඉතා දුරස්තර සැකයක් පවා ඊට ප්‍රමාණවත් විය. තමාගේ සැබෑ අනන්‍යතාවය හෙළි නොකැර ඔහු වෙනත් අය හමුවිය. ගෙදරින් පිටවීමට කලින් ප්‍රභාකරන් ඔහුගේ සියලූ පින්තූර පවුලේ ඇල්බමයෙන් ඉරා වනසා දැමීය. එහෙත් පොලිසිය සතුව තම පින්තූරයක් නැතැයි ප්‍රභාකරන් නොසිතුවේය.


දොරේ අප්පා ඝාතනයෙන් ඇති කැර ගත් ප්‍රභා මණ්ඩලයත් සමග ප්‍රභාකරන් අලූත් මිතුරන් ඇති කැර ගත්තේය. ඔවුහු යාවජීව මිත්‍රයෝ වූහ. පොලිස් දැළෙන් බේරීම සඳහා ඉන්දියාවට පැන ගැනීම ප්‍රභාකරන් ප්‍රතික්ෂේප කෙළේය. දෙමළ දේශපාලනය හෙමින් සීරුවේ ආණ්ඩුව සමග හැල හැප්පීමකට සම්ප්‍රාප්ත වෙමින් සිටියේය. දෙමළ දේශපාලනයේ උණුසුම් තෝතැන්නක් වූ කන්කසන්තුරේ ඇස්.ෙජ්.වී. චෙල්වනායගම්ට අති බහුතරයකින් ඡන්දය දී තිබි‚. සටන් කාමීන් බඳවා ගැනීමේ සරු බිමක් එහි විය. ඒ කාලයේ තරුණ දමිළයන්ගේ වීරයකු වූ මාවයි සේනාධිරාජා අතරමැදියකු මාර්ගයෙන් කන්කසන්තුරේ දී හමුවූ අවස්ථාව ප්‍රභාකරන් මෙනෙහි කරයි. දෙමළ එක්සත් පෙරමුණේ දෙමළ අයිතිවාසිකම් සටන දිගටම ගෙන යන ලෙස ප්‍රභාකරන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අහිංසාවෙන් කිසිදාක ස්වාධීන දෙමළ නිජබිමක් ඇති කැරගත නොහැකි යැයි තර්ක කෙළේය. -හොඳම අවිය zසත්‍යග්‍රහයZ බව මම ඔහුට පැහැදිලි කැර දුන්නා. අපි එක් වී සටන් කරමුයි මම යෝජනා කළා.˜ යැයි සේනාධිරාජා කියයි. සමහර විට ඔහු මා කී දේ හා එකඟ වූ බව පෙන්නුවත් මගේ තර්ක ගැන ඔහු සතුටු නොවූ බව මට දැනුණා යැයි සේනාධිරාජා පවසයි.


තමන්ගේම පුංචි සටන්කාමී කල්ලියක් මෙහෙයවූ ඇස්. සුබ්‍රමානියම් 1976 දී ප්‍රභාකරන් හා කල්ලි ගැහුණේය. පසුව ප්‍රභාකරන්හට අලූත් මිතුරන් හා හවුල්කරුවන් රැසක් එක්වූ නමුත් සුබ්‍රමනියම් හෙවත් -බේබි˜ ඔහුගේ කල්‍යාණ මිත්‍රයා හා මිලකළ නොහැකි වස්තුව වූයේය. මාර්තු 5 වැනිදා ප්‍රභාකරන් මුතූර් මහජන බැංකු කොල්ලය මෙහෙයවූයේය. රුපියල් පන් ලක්ෂයක්ද, රුපියල් දෙලක්ෂයක රන් බඩු ද පැහැර ගත්තේය. නව දෙමළ කොටි කල්ලියේ අනුප්‍රාප්තිකයා වූ මැයි 5 වැනිදා උපත ලද ඇල්ටීටීඊ කොටි සංවිධානය ගොඩනැඟීම සඳහා ඒ මුදල් යොදා ගැනි‚. කිලිනොච්චි හා වවුනියා කැලේ රහසිගත පුහුණු කඳවරු සඳහා ද ඒ මුදල් පාවිච්චි කැරි‚. පොලිස් ඔත්තුකරුවෙකියි සැක කළ උරුම්පිරායි තෙල්හලේ කළමනාකරු ඇස්. නඩරාජා වෙඩි තබා මරා දැමීම කොටි සංවිධානයේ මුල්ම කාරියක් විය. ඔහු මරා දැමුණේ ජුලි 2 වැනිදාය.


දෙමළ දේශපාලනයට විදුලි ප්‍රවාහයක් කවමින් ස්වාධීන ඊළාම් රාජ්‍යයක් සඳහා සටන් කරන බවට සිය චේතනා ප්‍රකාශයට පත් කරමින් දෙමළ එක්සත් පෙරමුණ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යනුවෙන් හැව ඇරීමේ වඩුක්කොඩෙයි සමුළුව පැවැත්වූ දා ප්‍රභාකරන් එහි සිටියේය. සමුළු වීරයා අමිර්තලිංගම්ය. දෙමළ අරගලයේ ජනරාල් හෙවත් -තලභාති˜ යනුවෙන් ඔහු හැඳින්වි‚. ප්‍රභාකරන් ඔහු දැන සිටියේය. ගරුසරු ද දැක්වූයේය. 1977 ජූලි මහා මැතිවරණයේදී දෙමළ පෙදෙස්හි බලය දෙඑවිපෙයට ගලා ඒමෙන් පසුව ඔවුන්ගේ සබඳතාවේ මල් පිපී ගියේය. දේශපාලනය ගැන දැක්වූ උනන්දුව අවම වුවත් ප්‍රභාකරන් අමිර්තලිංගම් හා සෙසු දෙඑවිපෙ නායකයන් ඔවුන්ගේ නිවෙස්වලදී මුණ ගැසීමට පුරුදුවී සිටියේය. මෙතෙක් සැඟැවී සිටි කටුවෙන් එළියට එන ඛෙල්ලකු මෙන් ප්‍රභාකරන් හෙමින් හෙමින් අවුරුදු ගණනාවකට පසු කළ එළි බැස්සේය.


කොටි කල්ලිය 1977ට පා තැබුයේ යාපනයේ මාවිඩ්ඩපුරම්හිදී පෙබරවාරි 14 වැනිදා පොලිස් කොස්තාපල්වරයකු මරා දැමීමෙනි. යාපනයට සැතැපුම් හතරක් නුදුරින් පිහිටි ඉනුවිල් බස් නැවතුම් පොළට ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට කොටි මැයි 18 වැනිදා වෙඩි තැබූහ. දෙදෙනාටම සමාන නම් තිබි‚. කොටි බයිසිකල්වලින් ඔවුනට ළං වූහ. වෙඩි තැබූහ. බයිසිකලයෙන් පලා ගියහ. යාපනයේ මිනීමැරීමේ -වෙළෙඳ ලකුණ˜ බයිසිකල් තුවක්කුකරුවා බවට පත්විය. යාපනයේ ශක්තිමත් පොලිස් ඔත්තු සේවා වනසා දැමීමේ මුල් පියවර වූයේ මේ මිනීමැරුම්ය. ඒ සමගම ප්‍රභාකරන් කොටි සංවිධානය ගොඩනැගීම සඳහා විශ්වාසවන්ත තරුණයන් බඳවා ගනිමින් පුහුණුව ඇරැඹීය. මේ සඳහා තෝරා ගැනුණේ වවුනියා නගරයෙන් සැතැපුම් දෙකක් ඈතින් පිහිටි පුන්තෝට්ටම් නමැති ස්ථානයයි. මේ කාලයේදීම තංගතුරේ මුලතිව් දිස්ති්‍රක්කයේ තවත් පුහුණු කඳවුරක් විවෘත කෙළේය. අලූත් සාමාජිකයන් මුලින්ම බඳවා ගැනුණේ ගොවිපොළවල්හි එළවළු මිරිස් හා රටකජු වැවීම සඳහාය. මස් සපයාගත්තේ යාබද කැලේ වන සතුන් මරා ගැනීමෙනි. ආධුනිකයකු -බෞතිස්ම˜ ලැබූ විට රිවෝල්වරයක් පාවිච්චි කිරීම පිළිබඳව පුහුණුව ලැබේ. ඊළඟට ඔහුට පැවරෙන කාරිය වනුයේ රජයට හිතවත් අය පිළිබඳ ඔත්තු සැපයීමයි. එක් පෙදෙසක සිට තවත් පෙදෙසකට ප‚වුඩ රැගෙන යාමයි. රසායන හා අවි ප්‍රවාහනයයි.


ඉන්දියාවේ මදුරෙයි නගරයේ චිත්‍ර ශිල්පියකුගේ ද උදව්වෙන් ප්‍රභාකරන් කොටි සංවිධානයේ ලාංඡනයද නිර්මාණ කැර ගත්තේය. මදුරාසියට හොර රහසේ ගිය ගමනකදී එය සිදුවිය. නිය එළියට විහිදාගෙන කට ඇරැගෙන ගොරවන කොටි හිසකින් යුත් රවුමක දෙපැත්තට තැබූ රයිපල් දෙකකින්ද රවුම වටේ වූ උණ්ඩ 33කින් ද කොටි ලාංඡනය නිර්මාණය වී තිබේ. පුරාණ දෙමළ චෝල රාජධානියේ ලාංඡනය කොටියෙකි. මේ ලාංඡනය මුලින්ම පෙන්වද්දී ප්‍රභාකරන් ඊට කැමැති විය. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් මධ්‍යම කාරක සභාවක් පිහිටුවාගත් ප්‍රභාකරන් නයු මඩුල්ලේ සාමාජිකයෙක් විය. සියලූම සාමාජිකයන් විසින් අත්සන් කැර පිළිගත යුතු ව්‍යවස්ථා මාලාවක්ද ඔහු විසින්ම සම්පාදනය කැරි‚. ප්‍රභාකරන්ගේම නිර්මාණයක්වූ ව්‍යවස්ථා මාලාව මධ්‍යම කාරක සභාවෙන් අනුමත විය. සන්නද්ධ අරගලයකින් පන්ති රහිත දෙමළ සමාජයක් පිහිටුවන බවට ඉන් බලකරයි. පවුල් සබඳතා හා පෙම්හබ නිසා කොටි සංවිධානයට ඇති පක්ෂපාතිත්වය කැළල් නොකරන ලෙස අනතුරු ඇඟැවි‚. දෙමළ රාජ්‍යය පිහිටැවූ පසු ඇල්ටීටීඊය විසිරැවෙන බවට ප්‍රතිඥා දෙයි. වෙනත් සංවිධානවලට බැඳීම සඳහා කල්ලියෙන් ඉවත් වන්නවුනට මරණ ද~ුවම පමුණුවන බවටද තර්ජනය කරයි.


සියලූම නව සාමාජිකයන් නොවරදවාම වෙඩි පුහුණුව ලැබිය යුතු බවට ප්‍රභාකරන් වගබලා ගත්තේය. ඉලක්ක වෙඩි තැබීම් පුහුණුව ප්‍රභාකරන්ට කිසිදා එපාවූයේ නැත. කාඩ්බෝඩ් කැබැල්ලකින් කපාගත් මිනිස් රුවක් ඉලක්ක කැර ගනිමින් පුන්තෝට්ටම් ගොවිපොළේ දී හෝ එළි පෙහෙළි කැරගත් කැලෑවක ගසක් ඉලක්ක කැර ගනිමින් හෝ වෙඩි පුහුණුව ලැබීය. ඉංගිරිසි හා විශේෂයෙන් බටහිර චිත්‍රපටවල මාරාන්තික හදිසි මරණ ඇතුළත් දර්ශනවලට ප්‍රභාකරන්ගේ සිත ඇදී ගියේය. -ප්‍රභාකරන් හෙමින් අවුත් එක්වරම රවුමක් කැරැකී නිමේෂයකින් රිවෝල්වරය ඉනෙන් ඇද විදුලි වේගයෙන් මනඃකල්පිත සතුරාට වෙඩි තබමින් පුහුණුව ලැබූ බව˜ හිටපු කොටියෙක් කියයි. -ඔහුට කවදාවත් එය එපා වූයේ නැහැ. එයින් ඔහු වශී වී සිටියා.˜


කොටි නායකයා හොඳ වෙඩික්කාරයකු පමණක් නොවේ. ඔහු සුපරීක්ෂාකාරීව තිතට සැළසුම් සම්පාදනය කළ පුද්ගලයෙකි. බැංකුවක් කොල්ලකෑමට පෙර ඔහු සති ගණනක් තිස්සේ එතැන ඔත්තු බලයි. අවශ්‍ය වුවහොත් මාස ගණනක් ඔත්තු බලයි. මෙහෙයුමේ ප්‍රධාන කාරිය තමාට පවරා ගනියි. එහෙත් මෙහෙයුම් රහස් ඛෙදා ගැනෙනුයේ දැනගත යුතුම පුද්ගලයන් සමග පම‚. ලොකු මෙහෙයුමක් ඇරැඹෙන්නට පෙර ප්‍රභාකරන් කලබලයෙන් හා නොඉවැසුම් ගතියෙන් වෙළී දෑත් පිටිපස්සට බැඳගෙන ඒ අතට ඇවිදියි. මේ අතට ඇවිදියි. පරාජය භාර ගැනීමට හේ කැමැති නොවීය. ඔහුට ඕනෑ විදියට සියල්ල සිදු නොවුවොත් හේ කෝපාවිෂ්ට වෙයි. මිත්‍රශීලී පොරබැදුම්වලදී පවා පරාජය බාර ගැනීමට ප්‍රභාකරන් නොකැමැතිය. පරාජය වෙතියි සිතුවොත් හේ වියරු වැටී අඩු ගණනේ ප්‍රතිමල්ලවයා සපා කයි. ඔහුගේ දර්ශනය: මැරෙන බව කිසිදාක කියන්න එපා.


නමුත් ප්‍රභාකරන් ඔහුගේ කුසලතා පමණක් මුවහත් කැර ගත්තා නොවේ. 1977 දී උමා මහේෂ්වරන් ඔහු හා එක්විය. ලෝකයේම දොර කොටියනට විවර විය. ඒ වනවිට කොටි කල්ලියට ඇතුළු වූ වැඩි දෙනා අප්‍රසිද්ධ තරුණයෝය. උමා ඉන් වෙනස් විය. ඔහු ප්‍රභාකරන්ට වඩා අවුරුදු 10 කින් වැඩිමහලූ වූවා පමණක් නොවේ දෙඑවිපෙයේ කොළඹ ප්‍රදේශයේ ලේකම්වරයාද විය. ව්‍යක්ත කථීකයෙක් විය. 1977 මහා ඡන්දයේදී ඔහු දෙඑවිපෙයේ ජය පතා කි්‍රයාකාරී ලෙස වැඩ කෙළේය. ඔහුට පුළුල් වූ සබඳකම් තිබි‚. ඒ වනවිට කොටිකල්ලියට එක්වූ සියලූම දෙනාගෙන් ඔහු ප්‍රභාකරන්ගේ පෞද්ගලික හෝ දීර්ඝකාලීන මිතුරෙක් නොවීය.


පලස්තීන විමුක්ති සංවිධානයෙන් හමුදා යුද කලාව ප්‍රගුණ කිරීම සඳහා ලන්ඩනයේ සිටි ඊරෝස් කල්ලිය ඒ වනවිට කණ්ඩායම් දෙකක් ලෙබනනයට යවා තිබි‚. දෙමළ අරගලයේ පසුකලෙක දක්නට ලැබුණු දරුණු අභ්‍යන්තර ගැටුම් ඒ කාලයේ නොපැවති‚. එහෙයින් ඊරෝස් කි්‍රයාකාරීහු වෙනත් අයටද පුහුණුව ලබා දුන්හ. කොටි කල්ලියද ඊට අයත් විය.


මිතුරන් අතරේ අරුලර් යනුවෙන් හැඳින්වූ අරුල් ප්‍රගාසම්, ලෙබනනයට ගිය දමිළයන් තිදෙනාගෙන් කෙනෙකි. වව්නියාවේම සිටි කණ්ණඩි වෙතට 1976 ඔහු ගියේ උගත් පන්තිය ඊරෝස් කල්ලියට බඳවා ගැනීම සඳහා කඳවුරක් පිහිටුවා ගැනීමටය. ලන්ඩනයේ සිටි ශන්කර් රාජීද ඔහුට පසුව එහි ගියේය. ඔහු ඊරෝස් ආරම්භක සාමාජිකයෙකි. කොටිකල්ලිය සමග මුලින්ම සබඳතා ඇති කැර ගත්තේද රාජිය. ප්‍රභාකරන් සැඟැවී සිටි තැනින් සැතැපුම් 20 ක් වත් ඈත නොවූ කණ්නඩි ගොවිපොළේදී අරුලර් කිහිපවරක්ම කොටි නායකයා හමුවිය. ඒ 1976 සැප්තැම්බරයෙන් පසුවය. ඉංජිනේරු උපාධියද, ලෙබනනයේදී ලද පුහුණුවද ලබා සිටි අරුලර් පුපුරණ ද්‍රව්‍ය හැදීම පිළිබඳ අදහස් ප්‍රභාකරන්ට ලබා දුන්නේය. බෝම්බ හැදීමට අවශ්‍ය උපකරණ ප්‍රභාකරන්ගෙන් අරුල්ට සැපැයි‚. කණ්ණඩි ගොවිපොළට නයිට්රික් ඇසිිඩ් රැගෙන යමින් සිටි කොටි දූතයෙක් වරක් පොලිස් දැලට වැටුණේය. වවුනියා කැලයට ඔහු ඇතුළු වූයේ කුමකට දැයි පිළිගත හැකි හේතුවක්දීමට නොහැකිවූ නිසා ඔහු අල්ලා ගැනි‚. දූතයා වැරැදි බස් නැවතුමෙන් බැස වැරැදි පාරකට පිවිස පාර වරද්දා ගත්තේය. අත්අඩංගුවට ගත් සිද්ධිය සැළවූ විගස යාපනයේ සිට පැමි‚ අරුලර් නිදහසට හේතුවක් ඉදිරිපත් කෙළේය. ගොවිපළේ හුඹස්වල සර්පයනට දැමීම සඳහා ඇසිඩ් ගෙන යන බව පොලිසියට ඒත්තු ගැන්විය. පොලිසිය ඒ කතාව පිළිගත්තේය. දූතයා නිදහස් විය. ඒත් ඒ අත්අඩංගුවට ගැනීම පිළිබඳ කිසිම සාක්කියක් ඉතිරි කැර නොතැබීමට ප්‍රභාකරන් ඉටා ගත්තේය. ලැබුණු මුල් අවස්ථාවේදී පොලිසියට කඩා පැන අදාල සියලූ ලියැකියැවිලි රැගෙන ගියේය. දූතයා තමිල්නාඩුවට පැන ගියේය.


1977 මැයි මාසයේදී ප්‍රභාකරන් කණ්ණඩි ගොවි පොළට පැමිණ අරුල් සමග දඩයමේ යෙදුණේය. ප්‍රභාකරන් රයිපලයක් රැගෙන ආවේය. වැවක සිටි තාරවුන් රෑනකට වෙඩි තබා තම දස්කම් පෙන්වීමට දෙදෙනාම සිතූහ. කුරුල්ලෝ බොහෝ වූහ. වතුරේද වැව් තෙර ගස්වලද ලැග සිටියහ. ඉඟ තෙක් වතුරට බැසගත් පසු මුලින්ම කුරුල්ලනට කුරුමානම ඇල්ලු ප්‍රභාකරන් කොකා ගැස්සුවේය. යම් අපහසුවකින් දඟලමින් සිටි කුරුල්ලකු හැර සෙස්සෝ ඉගිලී ගියහ. කොට කලිසමක් ඇඳ සිටි ප්‍රභාකරන්, තුවක්කුව අතෙකින් ඔසොවාගෙන දඟලමින් සිටි කුරුල්ලා අල්ලා ගත්තේය. තමාගේ වෙඩිල්ලේ උණ්ඩයක් කුරුල්ලාට වැදුණු බව ප්‍රභාකරන්ට ප්‍රත්‍යක්ෂ විය. දෙදෙනාම ගොවිපොළට පිය නැගූහ. -කුරුල්ලාගේ කිසිම තැනකින් ලේ ගැලීමක් නොවූ බව දැක ප්‍රභාකරන් පුදුම වුණා.˜ අරුල් එසේ කියයි. මට තේරුම් ගියා ඒ උණ්ඩය සතාට වැදුණේ මා කලින් දවසේ තැබූ වෙඩිල්ලෙන් බව. එදා මට කුරුල්ලා සොයා ගන්න බැරිවුණා. නමුත් මා ඒ බව ප්‍රභාකරන්ට කීවේ නැහැ. ප්‍රභාකරන් දිගටම කියා සිටියේ ඔහුගේ වෙඩි පහර කුරුල්ලාට වැදුණු බවයි. ඒක අහන්න ඔහු හරිම සතුටුයි.˜


වෙනත් වෙලාවලදී ප්‍රභාකරන් රයිපල් අතට ගත්තේ නැත. රිවෝල්වරවලට තදින් ඇලූම් කළ ඔහු නිතරම රිවෝල්වරයක් ඉනේ ගසාගෙන සිටියේය. අවස්ථාවක් ලැබුණු විට ඉන් පුහුණුවීමට ඔහු අමතක කෙළේ නැත. අරුල් හා ඔහු දිනක් ගසක් තෝරා ගත්හ. වැවේ දී තාරාවාට තැබූ වෙඩිල්ල වැරැදී ගියත් ප්‍රභාකරන් හොඳ ඉලක්කකරුවකු බව අරුල් දනී. පිට පිටම ඉලක්කයේ හරි මැදට වෙඩි තැබීමට ඔහුට හැකියාව ඇති බවද දනී. ගරිල්ලකුසේ පූර්ණත්වයට පත්වෙමින් සිටි ප්‍රභාකරන් තමන් හමුවට පැමි‚ ආගන්තුකයනටද සුහද වෙඩි තරගවලට ඇරියුම් කරයි.


එක් ඉල්ලීමක් කැරුණේ ශන්කර් රාජි ගෙනි. හේ මුලින් ඊට කැමැති නොවීය. ප්‍රභාකරන්ගේ 22 රිවෝල්වරය හුරු පුරුදු නැති බව කීයේය. නමුත් ප්‍රභාකරන් බල කෙළේය. හිස් නෝනා කිරිපිටි ටින් එකක් අඩි 15¡20 ඈත වරිච්චි බාග බිත්තියක් මත තැබුවේය. ඉලක්කය ගෙන දස්කම් පෙන්වන්නැයි රාජිට ඇරියුම් කෙළේය. ලෙබනනයේ හා සිරියාවේ පවා කඳවුරු පුහුණුව කොටි කඳවුරු පුහුණුවට වඩා වෙනස් බව රාජිට තේරුම් ගියේය. ඒත් ඉලක්කය බලා වෙඩි තැබුවේය. උණ්ඩය ගෑවී ටින් එක පෙරැළී වැටුණේය. ප්‍රභාකරන් එය අහුලා ගත්තේය. බිත්තිය මත තැබුවේය. රාජි සිටි තැනට ගියේය. ඉලක්කය බැලූවේය. කොකා ගැස්සුවේය. ඉලක්කයේ හරි මැදට වැදුණේය.


රාජි විස්මයට පත්විය. ප්‍රභාකරන් ඉලක්ක වෙඩික්කරුවකු වූයේ කෙසේද? -වෙඩි තබන හැටි ඉබේ ඉගෙන ගන්නා පොතක් ප්‍රභාකරන්ගේ කාමරයේ තිඛෙනු දැක්කා. එය ලන්ඩන් පොතක්. එයින් පෙනී ගියේ ඔහු දැන සිටි සියලූ දේම ඉබේ උගෙන ගත් බවයි.˜ රාජි එසේ කියයි.


1977 වනවිට කොටි කල්ලිය දෙඑවිපෙට සමීප වෙමින් සිටි බවක් අනුකම්පාවෙන් පසු වූ බවත් පළවිය. ඊරෝස් ඇතුළු වාමාංශික දමිළයෝ ඊට අප්‍රසාදය පළ කළහ. අමිර්තලිංගම් සහ සමාගම සැප පහසුවට කැමැති මධ්‍යම පන්තික දේශපාලකයන් රොත්තක් බව ඔවුහු සිතූහ. දෙඑවිපෙ නායකයා මඳ හිංසාවට අකැමැති නැති බවත් එමගින් රජයට ප‚වුඩයක් දෙකක් දිය හැකි බවත් සිතුවේය. -කොල්ලන්˜ හා සබඳකම් අමිර්තලිංගම් කිසිවිටෙකත් එළිපිට නොපිළිගත්තේය. ඔවුන්ගේ වික්‍රමයන් වෙනුවෙන් ප්‍රශංසා වැහි වැස්සුවේය. දෙඑවිපෙයේ දේශපාලන ප්‍රවාහයට සමාන්තරව රහසිගතව කොටි සංවිධානය ක්‍රියාත්මක විය යුතු බව හේ වරක් උමාට කීවේය. නමුත් ඒ වැඩ පිළිවෙළ රහසක් විය යුතු බවද කියා සිටියේය. මහා මැතිවරණයට පසුවද හිංසා දිග්ගැස්සීම ගැන දෙඑවිපෙය කනස්සල්ලට පත්විය. -කොල්ලන්˜ පාලනය කැරගත නොහැකි මට්ටමට පත්වී ඇතැයි පක්ෂයේ දෙවැනි නායකයෝ පෙන්වා දුන්හ. අමිර්තලිංගම් කොටි නායකයන්ගේ රැස්වීමක් කැඳවීය. 1977 නොවැම්බරයේදී මේ රැස්වීම පැවැතියේ අමිර්තලිංගම්ගේ ගමේ මුලෙයිහි ඔහුගේ ගෙදරදීය. ප්‍රභාකරන්, උමා හා බේබි ඇතුළු කොටි නායකයෝ හත් දෙනෙක් ඊට හවුල් වූහ.


අමිර්තලිංගම් සෙමින් එහෙත් දැඩි ලෙස කතා කළේය. දෙඑවිපෙය ඡන්දය දිනාගත් බව කී ඔහු ඒ නිසා ඔවුනට අවස්ථාවක් ලබාදිය යුතු බව කොටි කල්ලියට මතක් කැර දුන්නේය. මිනීමැරුම් වැඩිවී ඇතැයි කී ඔහු අඩු ගණනේ ටික කලකටවත් මිනීමැරුම් නතර කළ යුතු බව සඳහන් කෙළේය. -හිංසා අත්හරින්නැයි මා කියන්නේ නැහැ. නමුත් ටිකක් ඉවසන්න ඕනෑ˜ යැයි අමිර්තලිංගම් කීවේය. ප්‍රභාකරන් කට ඇරියේ නැත. කොටි කල්ලියේ කිසි කෙනෙක් තර්ක වලින් ඊට පිළිතුරු නොදුන්හ. 1977 දී අමිර්තලිංගම් යාපනයේ සුපිරි තරුව විය. ඔහුගේ හිතේ අවුලක් ඇති කරන්නට කිසිවෙක් නොසිතූහ.


ඒත් එක මිනිහෙක් අමිර්තලිංගම්ට විරුද්ධව කැරලි ගැසීය. ඔහු ක්ෂ‚කවම කොටින්ගේ ඉමහත් කෝපයට බඳුන්විය. දෙඑවිපෙ හා කොටියන් අතර යටි අවබෝධයක් ඇති බව ඉන් යළිත් වරක් ප්‍රදර්ශනය විය.


ඔහු දෙඑවිපෙ මන්ත්‍රී ඇම්. කනගරත්නම්ය. දෙඑවිපෙයන් 1977 ඡන්දය දිනා එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීත්වය දැක්වූ ඔහුට 1978 ජනවාරි 28 වැනිදා කොළඹදී උමා හා ප්‍රභාකරන් වෙඩි තැබූහ. දෙමළ බහුතරයක් සිටින උතුරු නැගෙනහිරින් පිටත දී සිදුවූ ප්‍රථම කොටි ප්‍රහාරය එයයි. කනගරත්නම් ප්‍රාතිහාර්යයකින් මෙන් වෙඩි පහරින් දිවි ගලවාගත් නමුත් මාස කිහිපයකට පසු මිය ගියේය. එම වෙඩි තැබීමෙන් පසු -ඕනෑ කර තිබේ˜ යනුවෙන් පෝස්ටර් දහස් ගණනක් පොලිසියෙන් නිකුත් කැරි‚. හතර දෙනකු ඕනෑ කරන බව එහි සඳහන් විය. ලැයිස්තුවේ මුලට හිටියේ උමාය. ප්‍රභාකරන්ගේ නම එහි නොවීය. උමා ක්ෂ‚කව සැඟවුණේය. තුන්මාසයකට පසු බැස්ටියන් පිල්ලේ හා තවත් පොලිස් සාමාජිකයන් තිදෙනෙකු කොටියන්ගේ චෙල්ලාකිලි කැලෑ -ගුහාවක˜ දී මරා දැමි‚. උමා ද එහි සිටි නමුත් ඝාතනවලට දායක වූයේ නැත. ගසක සිට ඒ මිනිසුන් මැරෙන ආකාරය බලා සිටියේය. දෙමළ සටන්කාමීන්ගෙන් පොලිසියට වැදුණු දරුණුම ප්‍රහාරය මෙය විය. -කොල්ලන්˜ ගරිල්ලන් බවට පරිපූර්ණ වී මිනීමරා කිසිවක්වත් සොයාගත නොහැකි පරිදි සැඟවීමට හැකි බවට ලැබුණු ප්‍රථම ඉඟිය එයයි. දෙමළ ප්‍රශ්නය වෙනුවෙන් බැස්ටියන් පිල්ලේ ඝාතනය දක්වා කළ සියලූ ඝාතන වලට වගකීම බාරගත යුතු යැයි කොටි කල්ලියේ පිරිසක් කියා සිටියහ. යෝජනාව ඉදිරිපත් වූයේ කොටියන්ගේ ලන්ඩන් ගත ආධාරකරුවන්ගෙනි. තුන්වැනි ලොව සියලූම ප්‍රධාන විප්ලවකාරී සංවිධාන හා කොටි ලන්ඩන් කාර්යාලය අතර නිරන්තර සබඳතා පවතී. මේ වනවිට යළි පිහිට වුණු නව මධ්‍යම කාරක සභාවේ සභාපතිවරයා උමාය. නම යෝජනා කැරුණේ ප්‍රභාකරන් විසිනි. බැලු බැල්මට ඔහු කොටි කල්ලියේ සභාපති වුවත් ක්‍රියාකාරී හමුදා නායකත්වය ප්‍රභාකරන් සතුවිය. කොටි සංවිධානය ඉහළ මට්ටමකට නැග ගත යුතු බව උමා තීරණය කළේය.


තම තීරණය කොටි සංවිධානයට නියත වශයෙන් ම බලපාතියි උමා වැඩිදුර සිතුවේ නැත.


1975 ජූලියේ දී දොරේ අප්පා ඝාතනය ඇතූළු ඝාතන 11ක් ගැන කොටි සංවිධානය, ප්‍රථම වරට වගකීම බාරගත්තේ ය. ›ලනිප සංවිධායක වරයෙක්ද ›ලනිපයේ හිටපු මන්ත්‍රී කනගරත්නම් මහතාගේ සහායකයෙක්ද ඒ 11 දෙනා අතර වූහ. මරා දැමුණු 11 දෙනාගෙන් කෙනකු වූ තංගරාජා ඝාතනය කරන ලද්දේ කුට්ටිමනී විසිනි. ඔහු කොටි කල්ලියට පෞද්ගලිකවම කියා තිබුණේ එම ඝාතනවල නම්බුව තමාට අහිමිකැර ඇති බවයි.


කොටි සංවිධානය එසේ වගකීම බාර ගැනීම ගැන කොටි ලාංඡනය සහිත කොළයක් ඊට කලින් වසරේ මදුරාසියේදී මුද්‍රණය කැර තිබි‚. වගකීම බාර ගැනීමේ ලියුම අමිර්තලිංගම්ගේ නිල යතුරු ලියනයෙන් කොළඹ පාර්ලිමේන්තුවේදී ටයිප් කෙළේ තරුණ වැන්දඹුවක වන උර්මිලා දේවි විසිනි. උර්මිලා කොළඹ කණ්ණාඩි සාප්පුවක සේවය කළා. ඇය උමාගේ ඈත නෑයෙකි. ඔහු සමග කොටි කල්ලියට එක්වූවාය. ප‚විඩකාරියක ලෙස වැඩ කැරගෙන ගියාය. ජනාධිපති මන්දිරය ඉදිරිපිට මහා තැපැල් හලෙන් ඒ ප්‍රකාශයේ පිටපත් පහක් කොළඹ පුවත්පත්වලට යැවි‚. -වීරකේසර්˜ දෙමළ දිනපතා පත්‍රය එය පළ කළ විට එතෙක් කනින් කොනින් ඇසුණු සංවිධානයක් ගැන මුල්වරට දැනගත හැකි විය. කොටි කල්ලිය අන්තිමේද, සැඟවුණු මුහුණු වැස්ම ඉවත් කළේය.


ඉහළ ගිය ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ සළිත වූ රජය කොටි කල්ලිය හා සෙසු එවැනි කල්ලි තහනම් කිරීමේ ආඥාව පැනැවීය. පොලිසිය මැයි මාසයේදී -අවශ්‍ය පුද්ගලයන්˜ 38 දෙනකුගේ නම් ලැයිස්තුවක් නිකුත් කළේය. මුලින්ම වූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නමයි. හේ තවදුරටත් නාඳුනන පුද්ගලයෙක් නොවීය.


වගකීම බාරගැනීමේ කොටි ප්‍රකාශය අමිර්තලිංගම් නොරිස්සුවේය. නාඳුනන කොලූ ගැටවුන් පිරිසක් දෙඑවිපෙයට ඉහළින් යන්නට හදතියි ඔහුට කේන්ති ගියේය. පක්ෂ සගයන් ඔවුන්ගේ නොමනාපයද එළි දැක්වූ විට අමිර්තලිංගම්ගේ කේන්තිය නිවී ගියේය. -කොල්ලන් පාලනය කැරගත හැකි බව ඔබ කීවා˜ නේදැයි දිගින් දිගටම ඔහු ඉදිරියේ ඇසූ ප්‍රශ්නය විය. කේන්ති පිටම උමා කැඳවූ අමිර්තලිංගම් -දැන් බලපන්˜ (මට කියන දේ) යනුවෙන් ඔහුගේ මූණටම කීවේය. තැන තැන මිනීමැරුම් දිගටම සිදුවිය. කොටි කල්ලියත් තංගතුරේ¡කුට්ටිමනී කල්ලියත් ඊට වගකිව යුතු යැයි පොලිසිය දොස් පැවැරීය. එයාර් ලංකා ගුවන් සේවයට අයත් ඇව්රෝ යානයක් කොටි කල්ලිය විසින් රත්මලානේදී සැප්තැම්බර් 7 වැනිදා පුපුරුවා හැරි‚. දෙඑවිපෙයට සමච්චල් කරන්නට මෙන් කොටි කල්ලිය එහි වගකීම බාරගත්තේය. යාපනයේදී ප්‍රකාශයක් නිකුත් කළේය. බි්‍රතාන්‍යයේදී වෙනම ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ලන්ඩන් කාර්යාලයටද දැනුම් දුන්නේය.


-පින් තකා සහන දීමෙන් අපේ අරගලය නතර කළ හැකි යැයි කියන හෝ අපේ මතවාද හුවමාරු කළ හැකි යැයි සිතන මිත්‍යාවේ ගැලී සිටින ආක්‍රමණකාරයනට මේ පිපිරීම පාඩමක් වේවා˜ යැයි කොටි නිවේදනයේ සඳහන් විය.


ප්‍රකාශ නිකුත් කිරීමෙන් ලද හැකි ප්‍රචාරක වාසි දුටු කොටි තොරතෝංචියක් නැතිව ප්‍රකාශ නිකුත් කරන්නට වූහ. 1979 ගිම්හානයේදී 11 වැනි ජගත් තරුණ හා ශිෂ්‍ය සමුළුව කියුබාවේ හවානා අගනුවර මුළු දුන්නේය. දෙමළ අරගලය විස්තර කැරෙන පත්‍රිකාවක් කොටි කල්ලිය විසින් භාෂා හයකින් මුද්‍රණය කැරි‚. කියුබා අගනුවරදී ඛෙදා හැරීම සඳහා ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මන්, පෘතුගීසි හා දෙමළෙන් එම පත්‍රිකා සකස් කැර තිබි‚. මේ තරුණ ජම්බෝරියට දෙඑවිපෙයට ඇරියුම්කැර තිබි‚. කොටි කල්ලිය ඉන් සියලූ වාසි තම පැත්තට හරවා ගන්නට තීරණය කෙළේය. උමා මහේස්වරන්ගේ නමින් මේ පත්‍රිකා නිකුත් වූයේ පළමු වතාවටය. එහෙත් කොටි කල්ලියෙන් වාසනාව ඉවත බැලූවේය. එම පත්‍රිකා කියුබාවට රැගෙන යෑමට නියමිතව සිටි කොටි නියෝජිතයාට මැඩ්රිඩ් නුවර කියුබා කාර්යාලයෙන් වීසා නිකුත් නොකැරි‚. නියෝජිතයා හිස් අතින් ලන්ඩනයට ආයේය. එහි සිට එම පත්‍රිකා තොගය තැපැල් මගින් හවානා ලේකම් කාර්යාලයට යැවීය. එම පත්‍රිකා ඛෙදාහැරියේදැයි කිසි විටෙකත් දැනගන්නට නොලැබි‚. එම පත්‍රිකා › ලංකාවේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධරයනටත් තැපැල් කැරි‚.


මේ -ප්‍රචාරක ප්‍රහාරයෙන්˜ ප්‍රභාකරන් දුරින් සිටියේය. වඩාත් වැදගත් යැයි ඔහු සිතුවේ බඳවා ගැනීම්, පුහුණුව අවි හා පතුරොම් එකතු කැර ගැනීමයි. ඔහු එයින් සෑහීමට පත්වී සිටියේය. කිට්ටු, ගෝපාල ස්වාමි මහේන්ද්‍රරාජා හෙවත් මහත්තයා හා රඝු 1978 දී කොටි කල්ලියට එක්වූහ. තිදෙනාම වැල්වැටිතුරෙනි. රඝු පොලිසියට බැඳීමට කැමැත්තෙන් සිටියත් ගම වැල්වැටිතුරේ නිසා වැඩේ කෙරුණේ නැත. 1979 වන විට කොටි -දළ˜ නැගෙනහිර පළාතටත් දික්වී ගියේය. ගිනිපෙනෙල්ලක් වන් කතෝලික තරුණයකු වූ චාල්ස් ලුකස් ඇන්තනි ත්‍රිකුණාමලයෙන් කොටි කල්ලියට එකතු වූ මිල කළ නොහැකි වස්තුවක් විය. කොටි ව්‍යවස්ථා මාලාව සුරැක පිළිපදින බවට අත්සන් තබා ප්‍රතිඥා දෙන ලෙස අලූත් සාමාජිකයනට නියම විය. ඒ සමග මූලික පුහුණුවද පටන් ගැනි‚.


කොටි දෙසැම්බර් 5 වැනිදා මහජන බැංකුවට පැන රුපියල් ලක්ෂ 12ක් පැහැරගෙන පොලිස් භටයන් දෙදෙනකුද මරා දැමූහ. පොලිස් භටයෙක් එහිදී තුවාල ලද්දේය. රජය ඒ සමගම කොටි කල්ලිය තහනම් කිරීමේ නීතිය ඉවත දමා ඊට වඩා දරද~ු නීතියක් පැනැවීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීතිගත විය. පොලිසිය වහා වැඩට බැස්සේය. සෝදිසි මෙහෙයුම් ඇරැඹීය. කිසිම බුරුලක් නැතිව සිදුවූ සෝදිසිවල ප්‍රතිඵලය වූයේ කොටියන් තමිල්නාඩුවට පැන ගැනීමයි. ප්‍රභාකරන්ද තමිල්නාඩුවට පැන්නේය. මේ දඩයම නිසා කොල්ලෝ විසිරී ගියහ. ඔවුන්ගේ වැඩ පිළිවෙළ අවුල් විය. නමුත් කොටි කල්ලිය ඉන් ප්‍රයෝජන ගත්තේය. ඊරෝස් කල්ලිය කළ ආකාරයටම කොල්ලන් ලෙබනනයේ පුහුණුවට යැවීය. දස දෙනකු ලෙබනනයට යැවීම සඳහා කොටි ඊරෝස් කල්ලියට රුපියල් ලක්ෂයක් ගෙවීය. පුහුණුව සඳහා මිනිසුන් එවන ලෙස පලස්තීන විමුක්ති සංවිධානයද කොටි කල්ලියට බල කැර කියා සිටියේය. කොටින්ගේ නායකත්ව මණ්ඩලයේ තීරණය වූයේ සිවු දෙනකු එහි යැවීමයි. උමා හා චෙල්ලාකිල්ලි මුල් වටයට අයත් වූහ. කණ්ඩායම් සභාපති වශයෙන් උමාගෙන් අණක් ආයේය. ප්‍රභාකරන්හට පසුව පුහුණුවට යා හැකි බව එහි සඳහන් විය. ලෙබනනයට යෑමට තෝරාගත් සිවු දෙනාගෙන් එක් අයකුටවත් ගමන් බලපත්‍රයක් නොතිබි‚. එහෙත් අනුකම්පාව දැක්වූ තමිල්නාඩු මන්ත්‍රීවරයෙක් ඉන්දියා ගමන් බලපත්‍ර ලබා ගැනීමට උදව් කළේය. එම බලපත් ලන්ඩනයට රැගෙන ගියේ පලස්තීන විමුක්ති සංවිධානයේ උදව්වෙන් සිරියාවේ වීසා ලබා ගැනීම සඳහාය. ඒත් කොටි කල්ලිය සංත්‍රාසයට පත් කරමින් බි්‍රතාන්‍ය රේගුව ඒ ගමන් බලපත් අත්අඩංගුවට ගත්තේය. දෙමළ ටයිප්රයිටරයක් සඟවාගෙන යෑම ඊට හේතුවයි. එසේ කෙළේ ඇයිදැයි ඒවා රැගෙන ගිය පුද්ගලයාගෙන් පිළිගත හැකි හේතුවක් ලැබුණේ නැත. වහා මදුරාසියේදී ගමන් බලපත් හතරක් ලබා ගැනීමට කොටි සමත්වූහ.


අන්තිමේදී පැරිසිය හරහා ලන්ඩනයට ගියෝ උමා හා තවත් ක්‍රියාකාරිකයෙකි. ලන්ඩනයේ සිටි පුද්ගලයකු නියමිත වේලාවට නොපැමි‚ නිසා ඔවුනට රැයක් දුම්රිය පොළක ගත කරන්නට සිදුවිය. පුහුණුව මාස තුනකින් අවසන් විය. එහෙත් පුහුණුව ලැබුවෝ නොසතුටු වූහ. ඔවුන් අවිද සපයාගෙන ආපසු පැමි‚ය යුතු බව ප්‍රභාකරන් කියා තිබි‚. ඒත් උමාට එය කළ නොහැකි විය. පුහුණුවද එතරම් සාර්ථක නොවූ බව උමා කීවේය. ලෙබනන් ගමනේ විය හියදම් ගැනද කොටි හා ඊරෝස් කල්ලි අතර ආරවුල් හට ගැනි‚. ප්‍රභාකරන් හා රාජි ඊට මැදිවූහ. ඊරෝස් කල්ලිය කොටි සංවිධානයට වංචාවක් කළැයි ප්‍රභාකරන් සිතුවේය. මධ්‍යම කාරක සභාවට පැමිණ උත්තර දෙන්නැයි රාජිට දැන්වීය. රාජි එය ප්‍රතික්ෂේප කෙළේය. අවුල නොලිහෙන බව පෙනෙද්දී අමිර්තලිංගම් මැදිහත් විය. අන්තිමේදී සමථයක් ඇතිවිය. කොටි කල්ලියෙන් වැය කළ පවුම් 285 ආපසු ගෙවීමට රාජි එකඟ විය. එහෙත් ප්‍රභාකරන් හා රාජි අතර අනාගත ගනුදෙනු වලදී මේ ප්‍රශ්නය -කොස්සක්˜ බවට පත්විය.


උමා හා ප්‍රභාකරන් සණ්ඩු සරුවල් කරන්නට පටන් ගත්තේ මේ කාලයේදීය. එක් හේතුවක් වූයේ උර්මිලාය. දෙමළ සටන්කාමීත්වයේ අනාගතය කෙරෙහි බරපතල ප්‍රතික්‍රියා ඇති කිරීමට එය සමත් විය. උමා උර්මිලා සමග සංසර්ගයේ හැසිරුණු බවට ප්‍රභාකරන් චෝදනා කළේය. කොටි කල්ලියේ නීති පොත අනුව එය දරුණු අපරාධයකි. ප්‍රභාකරන් කොටි ව්‍යවස්ථාව සම්පාදනය කරද්දී පවුල් ජීවිතය හා පෙම් සබඳතා විප්ලවකාරී දේශපාලනයට බාධාවක් බව පැහැදිලිවම කියා තිබි‚. උමා උර්මිලා පළහිලව්ව මුලින් කන වැකුණ විට ප්‍රභාකරන් එය විශ්වාස කෙළේ නැත. උර්මිලා සමග කොටි කල්ලියෙන් ඉවත්වෙන ලෙස ප්‍රභාකරන් උමාට දැන්වීය. උමා එය ප්‍රතික්ෂේප කෙළේය.


පසුව පැවැති සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රභාකරන් කිසි විටෙකත් උර්මිලා නමින් සඳහන් කෙළේ නැත. කොටි ආචාර ධර්ම සංග්‍රහය උමා විසින් කඩකරන ලදැයි චෝදනා කළා පම‚. -එය පුද්ගලයකු හා කොටි සංවිධානය අතර ප්‍රශ්නයක්˜ 1984දී ප්‍රභාකරන් එසේ කීවේය. -මා ඊට කිසිසේත් වගකිවයුතු නැහැ. ඒක හදාගත්තේ මහේස්වරන්...˜ විප්ලවකාරී සංවිධානයක නායකයකු මුළුමනින්ම සංවිධානයේ විනය මාලාව රැකීමට ඇප කැපවිය යුතුය. නායකයා මූලික නීතිරීති ප්‍රතිපත්ති සිඳ බිඳ දමතොත් සංවිධානය අවුලට පත්වී කඩා වැටේවි.˜


නමුත් කඩා වැටීම ඉක්මන් වූයේ නැත. අමිහිරි හා දිග්ගැස්සී ගිය වටපිටාවක් යටතේ බේද මෝරා ආවේය. උමා ඊළාම් ප්‍රතිපත්තියට නොසුදුස්සෙකියි ප්‍රභාකරන් මුලින්ම සංවිධානය තුළදී උමා ගැන පැමි‚ලි කෙළේය. දිනක් ඔහු ලන්නඩයට දුරකතනයෙන් කතා කැර උමාට පරිභව කළේය. ලන්ඩන නියෝජිතයා ගල්ගැසුණේය. එය බේරාගත නොහැකි ප්‍රශ්නයක් නොවන බව හේ කීවේය. කතාබහ කැර විසඳාගන්නැයි ඔහුගෙන් ප්‍රභාකරන්හට ලැබුණු ප‚විඩයයි. උමා කොටි සංවිධානයේ සභාපති ලෙස, ලන්ඩන් නියෝජිතයා විසින් ලන්ඩනයේ කාර්යාල පවත්වාගෙන ගිය තෙවැනි ලොව සෙසු සංවිධානවලට හඳුන්වා දී තිබි‚. සභාපති තහනම් ගහේ ගෙඩි කෑ බව ඒ සංවිධානවලට කියන්නට සිදුවීම සංවිධානය අසීරුවට පත් කරන බවද ලන්ඩන් හි නියෝජිතයා සිහිපත් කළේය. ඒත් ප්‍රභාකරන් නොවේ අඟලක්වත් හෙල්ලූණේ. ලන්ඩනයේ ජීවත් වූ › ලාංකිකයකු කොටි සංවිධානයට ගෙන එන්නට ලන්ඩන් කොටි කාර්යාලයය තීරණය කෙළේ ප්‍රභාකරන්ගේ දැඩි හා නොවෙනස් ස්ථාවරය නිසාය. අළුත් මිනිහා මාක්ස්වාදියෙකි. මතවාද ගැන ස්ථීරසාර අදහස් දැරූවෙකි. දෙමළ ස්වාධීනත්වයට ඇප කැපවූ පුද්ගලයෙකි. ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ඇප කැපවී සිටි පුද්ගලයෙකි. එතෙක් ඔහු තම නාගරික මහල් නිවාසයේ සිට තමා හමුවට ආ ඕනෑම › ලංකා දෙමළ කල්ලියකට දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් ප්‍රචාරක පත්‍රිකා ලියාදීමට පුරුදුව සිටියේය. සියලූම දෙනා වාගේ ඔහුගේ සේවය ලබාගත්හ. කොටි කල්ලිය, ඊරෝස් කල්ලියේ ශිෂ්‍ය සංවිධානය, දෙමළ විමුක්ති සංවිධාන (ටී.ඇල්.ඕ.) ඒ අතර විය. සංක්‍රමික දමිළයන්ගෙන් වැඩිම පිරිස සංවිධානය සතු බව ටී.ඇල්.ඕ. සංවිධානය කියා සිටියේය.


කොටි කල්ලිය සෙවූ පුද්ගලයා ඇන්ටන් ස්ටැනිස්ලෝස් බාලසිංහම්ය. බාලසිංහම් හිටපු පුවත්පත් කලාවේදියෙකි. වීරකේසරී පත්‍රයේ වැඩ කළේය. කොටි සංවිධානයේ ප්‍රථම ප්‍රකාශය 1978 දී පළකෙළේ දෙමළෙන් දිනපතා පළ කැරෙන එම පුවත්පතිනි. › ලංකාවේ උතුරු නැගෙනහිර සිද්ධි වාර්තාකිරීම ගැන ඒ පත්‍රය සුවිශේෂ තැනක් හිමිකැර ගනී. කොළඹ බි්‍රතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයයේ භාෂා පරිවර්තකයකු ලෙසද හේ වැඩ කළේය. ඉන්පසු ලන්ඩනයට හෝ සවුත් බෑන්ක් පොලිටෙක්නික් ආයතනයට බැඳුණේය. කොටි කල්ලියට බැෙඳන ලෙස ඇරියුම් කරන විට ඔහු ඕස්ටේ්‍රලියා ජාතික තරුණ කතක් වන ඇඩෙල් සමග ජීවත්වූයේය. ඔහු මදුරාසියට ගොස් කොටියනට න්‍යායාත්මක මතවාද ගැන පාඩම් කියා දෙනවාද? එමගින් අභ්‍යන්තර ගැටුම් විසඳා ගැනීමට උදව් කරනවාද? බාලසිංහම් ඊට එකඟ විය.


ඒ වනවිට බාලසිංහම් කවුදැයි කොටි නායකයෝ දැන නොසිටියාහ. 1978 දී ප්‍රකාශයට පත් කැරුණු ප්‍රථම දෙමළ වාර්තාවේ කර්තෘ බාලසිංහම්ය. හවානා සමුළු පත්‍රිකාවද ඔහුගේ පෑනින් ලියැවි‚. තමනට අවශ්‍ය දේ කුමක්දැයි කොටි කල්ලිය බාලසිංහම්ට යෝජනා කරයි. ඔහු ඒ අනුසාරයෙන් කෙටුම්පතක් සකසයි. සංශෝධන සඳහා උමාට යවයි. ඊළඟට ලියැවිල්ල ප්‍රකාශයට පත්වෙයි. කොටි කල්ලියේ ප්‍රථම න්‍යායාත්මක ග්‍රන්ථය ¡ සමාජවාදී ඊළමක් කරා ¡ ඔහු විසින් 1979දී ලියැවි‚. මුලදී දෙමළ බසින්ද පසුව ඉංග්‍රීසියෙන් ද ඒ පොත පළ විය. යාපනයේ උගතුන් අතර එය උණු කැවුම් මෙන් විකිŒ ගියේය. බාලසිංහම් ඉමහත් ගෞරවයෙන් සලකණු ලැබූ පුද්ගලයෙකි. 1979 දී ඔහු මදුරාසියට ගුවනින් ගිය විට උනන්දුවත් බලාපොරොත්තුවත් බොහෝ විය. බාලසිංහම් සීමාවකින් තොරව මිත්‍රශීලි විය. මුදු මොළොක් ලෙස ප්‍රභාකරන් හා උමා සමග අතට අත දුන්නේය. ඒ ඔහුගේ හෝටල කාමරයේදීය. මරා දැමුණු පොලිස් නිලධාරයකු වූ බැස්ටියන්පිල්ලේට අයත් පිස්තෝලය ප්‍රභාකරන් ඔහුට පෙන්වීය. එය හොඳින් පිරික්සා සිනාවක් පා ප්‍රභාකරන් හට දුන්නේය. කොටි කල්ලි සාමාජිකයන් වෙනුවෙන් පන්ති පැවැත්වීමට කැමැති බවද ඒ සමගම කීවේය.


කෙසේ වෙතත් උමා හා බාලසිංහම් පෑහුණේ නැත. දෙදෙනා දුරින් සිටියාහ. ඒත් දෙදෙනාම මාක්ස්වාදය ගැන දැඩි උනන්දුවක් දැක්වූහ. බාලසිංහම් මේ අතර තරුණ ප්‍රභාකරන් සමග ක්ෂ‚ක ප්‍රියමනාප සම්බන්ධයක් ඇතිකැර ගත්තේය. මෙයින්ම උමා ප්‍රභාකරන් -ඉරිතැලීම˜ තවත් දුරස් විය. බාලසිංහම්ට සමීපවීමේ අරමුනද එයින්ම ලොප් විය. පන්තිවලදී උමාගේ ප්‍රශ්න බාලසිංහම් අප්‍රිය කළේය. උමා බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයකු බවට සැක නැත. එහෙත් ඔහුගේ පුරුද්දක් වූයේ ඕනෑවට වඩා ප්‍රශ්න ඇසීමයි. මේ පුරුද්ද නිසාම ඉන්දියා නිලධරයන් අතර අනන්ත ප්‍රශ්නවලට හේ මුහුණ පෑවේය. බාලසිංහම් කී දෙයින් උමා නොසතුටු වූයේ නම් ඔහු ඒ බව එළිපිට ප්‍රදර්ශනය කෙළේය. තමා ලන්ඩනයේදී පිළියෙළ කළ ලියැවිලි වලින් උපුටාගත් අදහස් ඔහුගේ අදහස් ලෙස උමා පෙන්වන්නට උත්සාහ කළ බව බාලසිංහම් දැන සිටියේය. අනෙක් අතට ප්‍රභාකරන් කිසිම ප්‍රශ්නයක් පංතියේදී නොඇසුවේය. ඔහුගේ කාර්යවූයේ ඉතා සාවධානව අසා සිටීමයි. ප්‍රභාකරන්ගේ ඒ හැසිරීමට හේතුවක් වූයේ මාක්ස්වාදී දේශපාලනය හා න්‍යායික මතවාද ගැන ඔහුට කිසි උනන්දුවක් නොවීමයි. ඔහු ප්‍රායෝගික මිනිසෙකි. ඔහුගේ එකම අභිප්‍රාය තම සටන්කාමී කල්ලිය ගොඩනගා ගැනීමයි. තම අසනීපය ඔහු ගණන් ගත්තේ නැත. එහෙත් සගයකු ලෙඩ වුවහොත් ඔහු හිසේ කෙස් ගානේ ඒ ගැන විමැසීය. මිතුරකු දැනුම් දීමකින් තොරව කඳවුරට අවුත් කෑමට යමක් ඉල්ලා සිටියොත් ප්‍රභාකරන් කැලයට ගොස් වලි කුකුළකු දඩයම් කර ඉතා සතුටින් ඔහුට කෑම පිළියෙළ කැර දෙයි. ඔහු වැඩිපුරම කියැවූයේ හමුදා තොරතුරු අඩංගු පොත පතයි. ඔහුගේ තවත් පුරුද්දක් වූයේ ලොකු ලිපි තමාට ඇසෙන සේ කියවන ලෙස මිතුරනට පැවසීමයි.


ඉන්ද්‍රිය විෂය වූ දේ හැර වෙනත් දෙයක් නැතැයි කියන මත වාදය ඔහුට අරුචිය. ඉඳහිට හෝ දෙමළ නවකතාවක් හෝ සඟරාවක් කියවයි. මිතුරන් පුදුමයට පත් කරමින් හේ අම්බිලි මාමා ළමා පොත්ද කියැවීය. එහෙත් ඔහු බාලසිංහම්ට සාවධනාව ඇහුම්කන් දුන්නේය. බාලසිංහම්ද ඔහු ගැන හොඳ පැහැදීමක් ඇතිව සිටියේය. ඊළමක් පිහිටුවා ගැනීම සඳහා කල්ලියක් ගොඩ නගා ගැනීමට මේ තරුණායට හැකිවීම ගැනත් සන්නද්ධ අරගලයක් කැරගෙන යැම සඳහා ඔහු තුළ වූ අධිෂ්ඨානයත් බාලසිංහම්ගේ පැහැදීමට හේතුවිය. මේ කාලයේදීම වාගේ ප්‍රභාකරන් යාපනයේදී හමුවූ සරසවි ආචාර්යවරයෙකුගේ නිගමනයද ඊට සමානය. මතවාදය ගැන අවබෝධයක් නැති වුවත් ඔහු ප්‍රායෝගික මිනිසෙකයි හේ කීවේය. ඊලම් දේශයක් කරා ග්‍රන්ථයෙන්ද කියැවෙනුයේ ඒ කතාවයි. -මම ඒ මොකුත් දන්නේ නැහැ. සමාජවාදය ගැන ප්‍රභාකරන් දැරූ මතයයි. ඒ නමුත් සියලූම කුළ මල බේද නැතිකළ යුතු යැයි ප්‍රභාකරන් කියා සිටියේය.


තුවක්කුව අතට ගැනීමට පෙර මිනිසුන් දේශපාලනය කිරීම වැදගත් යැයි සරසවි ආචාර්යවරයා තර්ක කළ විට ප්‍රභාකරන් කෝපාවිෂ්ට විය. මිනිසුන් යනුවෙන් යළිත් උච්ඡාරණය කළ ප්‍රභාකරන් ඔබ කියන්නේ මොන මිනිසුන් ගැනදැයි පිපිරුණේය. මුලින් අපි වැඩ පෙන්නන්න ඕනෑ. ඊට පස්සේ මිනිසුන් අපි පස්සේ ඒවි˜ ප්‍රභාකරන් කියා ගෙන ගියේය. සරසවි ආචාර්යවරයා සිය මතයේම එල්බ සිටියේය. ප්‍රභාකරන් සිය අවඥාව එළිපිට පවසමින් ඔබ වැනි හාන්සි පුටු පණ්ඩිතයන් ලේ දකින්න බයයි. ඝාතන නැති අරගලයක් නැහැ. මොකක්ද මට කරන්නෙයි කියන්නේ? හොඳට සැපසේ ජිවත්වන ඔබ වැනි අය මා වැරැදියැයි කියන්න හදනවා. මම මොකද්ද කරන්න ඕනෑ? සයනයිඩ් කාලා මැරෙන එකද? මිනීමැරූම් වැදගත් බව ප්‍රහාකරන් සිතුවේය. අරගලයකදී මිනීමැරුම් වැදගත් බවක් සිතුවේය. විප්ලවකාරීනට එයින් වානේ පන්නරය ලබාගත හැකි බව හේ සිතුවේය. බැංකු කොල්ලකෑම් වලදී අනවශ්‍ය මිනීමැරුම් වලට විරුද්ධව තර්ක මතු කළ විට ප්‍රභාකරන් ක්ෂ‚කව ඒ මත ඉවත දැමීය. ඔහු හේතු රහිතව මිනීමැරුවේ නැත. නමුත් එසේ කිරීමට සිදුවුවද ඔහු ඊට පැකිළුණේ ගියේ නැත. එහෙයින් උමා නැති කැර දැමිය යුතු යැයි ප්‍රභාකරන් අවසානයේදී තීරණය කිරීම අමතු දෙයක් නොවේ. බාලසිංහම් ලන්ඩනයට ගිය පසු උමාට විරුද්ධ චෝදනා තදකරන්නට ප්‍රභාකරන් කි්‍රයා කළේය. එසේ කිරීමට බාලසිංහම් පොළඹවතියි උමා සිතුවේය.


සගයකු විසින් උර්මිලා, ප්‍රභාකරන් ඉදිරියට ගෙන ආ විටෙක ප්‍රභාකරන් කෝපයෙන් ඇගේ දෙපා ළඟට කෙළගැසුවේය. උර්මිලා හ~ා වැටුණාය. -ඇයි මට නින්ද කරන්නේ˜ ඈ ඇසුවාය. ඒ ගමන්ම තමා ප්‍රභාකරන් ඉදිරිපිටට බලෙන්ම කැඳවාගෙන පුද්ගලයා දෙස බැලූවාය. ඇගේ හැසිරීම ගැන සමාව දීමට ප්‍රභාකරන් ප්‍රතික්ෂේප කෙළේය. උමාට සමාව දෙන්නැයි කියා සිටිය වුන් ඉදිරිපිට කොටි සංවිධානයේ නායකයා කොටි ව්‍යවස්ථාව පෙන්නමින් එහි වගන්ති කියවන්නට වූයේය. අපේ සාමාජිකයන් පෙම් සබඳතාවලට මැදිවීම හතනම් බව ව්‍යවස්ථාවේ ලියා නැද්දයි ප්‍රභාකරන් ඇසීය. ප්‍රභාකරන් මදක් සිය වේගය බාල කෙළේ කොටි කල්ලියේ භාණ්ඩාගාරික අයියර් දනමුතු කමක් දුන් නිසාය. ප්‍රභාකරන් අයියර්ට ඛෙහෙවින් ගරුසරු දක්වයි.


ප්‍රභාකරන් හා තමා අතර මතබේදයට මුල කොටි සංවිධානය දෙඑවිපෙය කෙරෙහි දැක්වූ ආකල්පය බව උමා කියා සිිටියේය. 1977 ඡන්දයට පසුව ඒ ආකල්ය වෙනස් වූ බව උමා සිතුවේය.


අපේ මූලික ප්‍රශ්න විසඳා ගැනීමට තිබියදී දෙඑවිපෙය රජය සමග සංවර්ධනය කතා කළ යුතු නැතැයි උමා පසු කලෙක සම්මුඛ සාකච්ඡාවකදී කීවේය. ප්‍රභාකරන් ඊට සහයෝගය දුන්නා. අප දෙදෙනාට එකඟත්වයකින් වැඩ කරන්නට බැරි නිසා මා 1979 දී කොටි කල්ලියෙන් ඉවත් වුණා. උමා කොටි කල්ලියෙන් ඉවත් වූයේ නැත. ප්‍රභාකරන්ගේ ඉල්ලීම මත ඔහු මධ්‍යම කාරක සභාවෙන් නෙරපි‚. එහෙත් දේශපාලනඥයෙකු වන උමා ලේසියෙන් යමක් අතහැර දමන්නේ නැත. ඔහු කොටි කල්ලියේ නායකයා ලෙස පෙනී සිටියේය. ප්‍රභාකරන් එයින් තවත් කෝපාවිෂ්ට විය. උමාගේ විශ්වාස වන්තයකු වන ඇස්. සිවසන්මුගමුර්ති මේ අතර කොටියන්ගේ අවි ටිකක්ද රැගෙන අතුරුදන් විය. ප්‍රභාකරන් වහා ප්‍රතිකි්‍රයා දැක්වීය. වෙනත් තැන්හි සඟවා තිබූ අවි උමා කල්ලිය අතට පත්වීම වැළැක්වීය. ප්‍රභාකරන් දැඩි කේන්තියෙන් පසු විය. කල්ලිය හැර යන්නවුන්ට හෝ හිටපු සාමාජිකයනට වෙනත් කල්ලි ගොඩ නැගීම කොටි ව්‍යවස්ථාවෙන් සපුරා තහනම්ය.


ප්‍රභාකරන් විසින්ම කොටි කල්ලියේ සභාපති තනතුරට පත් කැරුණු මිනිහා තමන් සැබෑ කොටි නායකයා බව කියයි. උමා¡ප්‍රභාකරන් අරෝව පිපිරී යන මට්ටමකට නැග්ගේය. උමාගේ පාවා දීම ප්‍රශ්නයේ අවසානය බව ප්‍රභාකරන් සිතුවේ නම් ඔහුට වැරදුණේ එතැනදීය. උමාගේ නික්මීම සුමුදුව සිදුවූයේ නැත. උර්මිලාට පෙම් කළැයි උමා පන්නා දැමීමට ප්‍රභාකරන්ගේ බලකිරීම ගැන සියල්ලෝම සතුටින් නොසිටියහ. ඒ චෝදනාව ඔප්පු කිරීමට ඇසින් දුටු සාක්කි කිසිවක් නොවීය.


1980 ආරම්භයේදී කොටි සාමාජිකයන් දෙදෙනකු මරා දැමීමේ සිද්ධිය කොටි කිහිප දෙනෙකුගේ ප්‍රශ්න කිරීම්වලට ලක් විය. එය ප්‍රභාකරන්ගේ වැඩකියි බොහෝ දෙනා දොස් කීහ. ඉන් කෙනෙකු වූයේ පැට්රික් පැට්කුනම්ය. ඊරෝස් ¡ කොටි පූට්ටුව ආරම්භයේදී ඔහු ප්‍රධාන කොටසක් රඟ පෑවේය. ඔහු මරා දැමුණේ වවුනියාවේදීය. ප්‍රභාකරන් හා පැට්කුනම් කිසිදාක හොඳින් කල් නොගෙවූහ. ඔහු මරා දැමීයැයි ප්‍රභාකරන්ගේ අගු=ණ කියන්නෝ ප්‍රභාකරන්ට චෝදනා කළහ. දෙවැනියා වූයේ මඩකලපුවේ මයිකල්ය. ඔහු මරා දැමුණේ කොටි කඳවුරකදීය. ඇති වූ කම්පනය අවසන් කරන්නට කඩිනම් ලෙස කැඳවා යාපනයේ හා වවුනියාවේ පැවැති කොටි සාමාජික රැස්වීම් දෙකටද, නොහැකි විය. පස් දෙනෙකුගෙන් සමන්විත අලූත් මධ්‍යම කාරක සභාවක් පත්විය. එහෙත් ප්‍රභාකරන් සංවිධානයේ නිශේධ බලය ඉල්ලා සිටියේය. සියල්ලෝම ඊට කැමැති නොවූහ. දැන් සැඟැවී සිටියා ඇති යැයි එක් කණ්ඩායමක් තීරණය කළේය. ඔවුහු දෙමළ ආරක්ෂක ලීගයක් පිහිටුවීමට උත්සුක වූහ. තවත් කණ්ඩායමක් කියා සිටියේ කොටි කල්ලිය ජනතා සංවිධානයක් කළ යුතු බවයි. එක් අවස්ථාවකදී කැපී පෙනුණෙු ප්‍රභාකරන්ගේ පැත්ත ගත් එකම මිනිහා බේබි බවයි.


ඊළමක් වෙනුවෙන් සටන් කිරීම සඳහා යෞවනයේ ගෙදරින් පිටවී ආ ප්‍රභාකරන් එවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. තමන් ඉතා පරෙස්සමෙන් ඇති දැඩි කළ සංවිධානය සෙමින් එහෙත් නියත වශයෙන් කැඩී බිඳී යන හැටි ඔහුගේ ඇස් ඉදිරිපිට පෙනෙන්නට විය. දවසක් දැඩි පිළිකුලට හා කනස්සල්ලට පත්ව සිටි ප්‍රභාකරන් සිය අවි වීසිකර දැම්මේය. කොටි සංවිධානයෙන් ඉවත් වන බව කීවේය. -මම මෙතරම් වැඩ කළත් ඒවා පිළිගන්න කිසිවකු නැතැයි˜ දෑස් කඳුළින් පුරවාගත් ප්‍රභාකරන් පවසා සිටියේය. -ඉතිහාසය යනු මමයි˜ කියමින් වරක් මදුරාසියේදී කණ්ණාඩියක් ඉදිරියට ගොස් පුරසාම් දෙඩූ මිනිසා දැන් ඉවත් වීමට යයි. අස්වන්න එපා යැයි කළ ඇවිටිලි ඔහු ගණන් ගත්තේ නැත. වෙන්වීමේ සිහිවටනයක් වශයෙන් රිවෝල්වරයක් තෑගි දීමට සගයෙක් උත්සාහ කෙළේය. ප්‍රභාකරන් නොවේ සිහිවටනය බාර ගත්තේ. ඔහු මාමා කෙනෙකුගේ නිවෙස බලා නිකම්ම පිය නැගුවේය. ඒ ඉතිහාසයේ අලූත් පිටුවක් ලිවීම සඳහාය.


වේඳනාව මුහුණ පුරා පුරවාගත් ප්‍රභාකරන් ටික දිනකට පසු තංගතුරේ, කුට්ටිමනී හා වෛද්‍යලිංගම් නඩේසුදාසන් හමුවිය. ටෙලෝ කල්ලියට අයත් මේ තිදෙනා හමු වූයේ තින්නවේලියේ නෑයකුගේ නිවෙසේදීය. -මල්ලී විදියට මා ඔඛෙන් ඉවත් වුණා. මල්ලී විදියට ආපසු ආවා.˜ යැයි ප්‍රභාකරන් තංගතුරේට කීවේය. ප්‍රභාකරන්ගේ ලේ නැයකු වූ තංගතුරේද වැල්විටිතුරේ මිනිහෙකි. -එක්කෝ මා පිළිගන්න ඕනෑ, නැත්නම් මරණය තෝරා ගන්නම්˜, යනුවෙන් ප්‍රභාකරන් තංගතුරේට කීවේය.


ඔහු වැළඳ ගැනීමට තංගතුරේ එක පයින් එකඟ විය. එහෙත් ටෙලෝ කල්ලියේ මත ඛෙදී තිබි‚. › සබාරත්නම් ඇතුළු තිදෙනකු කියා සිටියේ ඔහු ටෙලෝ කල්ලියට වැද්ද නොගත යුතු බවයි. ප්‍රභාකරන් හට ආයුධ දී ස්වාධීනව කි්‍රයා කරන්නට ඉඩ දෙමුයි. කුට්ටිමනී යෝජනා කළේය. තංගතුරේ අවශ්‍ය තීරණයට එළැඹියේය. එහෙත් එය බොහෝ දෙනාගේ දොම්නසට හේතු විය.


ටෙලෝ යුද පුහුණු කඳවුරක් තම්ල්නාඩුවේ පැවැත්වීම ප්‍රභාකරන්ට බාරදීමට තංගතුරේ තීරණය කළේය. දෙපාර්ශවය අතර සම්බන්ධය -වැඩ කිරීමේ හවුලක්˜ පමණක් බව කොටි කල්ලිය පසුව විස්තර කෙළේය.


ප්‍රභාකරන් පරණ කොටි සහෘද්ධයන් සොයා ගියේය. සති කිහිපයකට පෙර කල්ලිය හැර ගිය ටික දෙනෙක් ප්‍රභාකරන්ගේ පෞරුෂය නිසා යළි ඇදී ආහ. හුළං ගිය කොටි කල්ලිය ප්‍රභාකරන් වටා රැස්වන්නට වූහ. ඒ වන විට ඔවුන් සතුව රිවෝල්වර 10 ක්, ඒ.කේ. 47 තුවක්කු දෙකක්, ජී. 3 රයිපලයක්, හා මිලිමීටර් 9 පිස්තෝලයක් තිබි‚. ඉන්දියා හමුදාවේ හිටපු සෙබළුන්ගෙන්ද කොටි තමිල් නාඩුවේදී පරණ අවි මිලට ගෙනදී තිබි‚. ඒ අවිත් අතැතිව ප්‍රභාකරන් සහ සමාගම ටෙලෝ කල්ලිය සමග තමන්ගේ බර දැමුවේය.


යාපනයේ පලාලි හමුදා කඳවුර අසල උගස් බඩු කඩයක් කොල්ලකෑටම ටෙලෝ සංවිධානය උත්සාහ කළේය. ඒ 1981 ජනවාරියේදීය. බඩු උගසට තබා ගෙන ණය දීමේ යෙදී සිටි එම උගස් බඩු කඩේ කොල්ල කෑමට ගොස් වෙඩි තැබිමේදී පාරේ සිටි මිනිස්සු දෙදෙනක් මරුමුවට පත්වූහ. එම කඩය කොල්ලකෑම වැළැක්වීමට එම දෙදෙනා උත්සාහ කෙළේ කොල්කරුවන් කොල්ලන් බව නොදැන විය යුතුය. මාර්තු 15 වැනිදා යාපනයේ කල්වියන් කාඩු ගමට බයිසිකල් වලින් ගිය දෙදෙනෙක් වෙට්ටි නැමැති පැරැ‚ මිතුරකුට වෙඩි තබා මරා දැමුහ. ඔහු පොලිස් ඔත්තු කරුවෙකියි ඔවුහු සැක කළහ. එදා බයිසිකලයෙන් ගිය දෙදෙනා කුට්ටිමනී හා ප්‍රභාකරන් යැයි අනුමාන කැරි‚.


දස දිනකට පසු ටෙලෝ කල්ලිය නීර්වේලි බැංකුව කොල්ලකෑවේය. ලේ හැළුණු එම ප්‍රහාරයෙන් පොලිස් භටයෝ දෙදෙනක් මරුමුවට පත් වූහ. ටෙලෝ කල්ලිය රුපියල් 81 ලක්ෂයක සල්ලි කන්දරාවකින් පොහොසත් විය. කොල්ලයේ මෙහෙයුම්කරු කුට්ටිමනීය.


මේ කොල්ලය කුට්ටිමනීගේ ඉරණමට සීල් තැබුවේය. තමිල්නාඩුවට පැන ගන්නට උත්සාහ කරද්දී අප්‍රේල් 5 වැනිදා තංගතුරේ හා ජෙගන් අත්අඩංගුවට ගනු ලැබූහ. ප්‍රභාකරන් වාසනාවන්තයෙක් විය. ඔවුන් දෙදෙනා වෙරළට ඇරැලීම මුලින් ඔහුට බාර වී තිබුණත් අන්තිම මොහොතේදී එය › සබාරත්නම්ට පැවැරි‚. බලාපොරොත්තු රහිතව තිදෙනා අත්අඩංගුවට ගැනීම නිසා ප්‍රභාකරන්ගේ -හොඳ කාලයේ˜ ආරම්භය යළිත් උදාවිය. තවදුරටත් බලා නොසිට හේ අවි වෙනත් තැන්වල සැඟවීය. පරණ තැන්වලින් අවි ඉවත් කැර වළවල් වසා දමන්නටත් පෙර පොලීසිය ඒ තැන්වලට කඩා පැන්නේය. ඒ සමගම පොලීසිය සැක කටයුතු සටන්කාමීන් හා ඔවුන්ගේ හිතවතුන් පසු පස පන්නන්නට විය. එහි එක් අරමුණක් වූයේ ටෙලෝ කල්ලිය අතුගා දැමීමයි. අනෙක් අවශ්‍යතාවය වූයේ ජූනි 4 වැනිදාට නියමිත දිස්ති්‍රක් සංවර්ධන මණ්ඩල ඡන්දයට සාම මාවතක් විවෘත කිරීමයි.


එහෙත් උමා මහේෂ්වරන් හට වෙනත් යෝජනා තිබි‚. ප්‍රභාකරන්ගෙන් කැඩී යාමෙන් පසුව කොටි බූදලයේ පොල්මඃක්කාරයා තමා යැයි උමා අයිතිවාසිකම් කියන්නට විය. කොටි නාමය ලබා ගැනීමට ප්‍රභාකරන් හට විරුද්ධව ගෙනයන උත්තර බැඳිල්ල අවසන් කරන්නැයි › ලංකාවේත් තමිල් නාඩුවේත් මිතුරෝ ඔහුට බලපෑම් කරන්නට වූහ. උමා ඒ වන විටත් ඒ අදහසට නැඹුරු වි -පුදිය පදෙයි˜ හෙවත් නව මාවත නැමැති දෙමළ සඟරාව සමග සබඳකම් පැවැත්වීම අරඹා තිබි‚. එහි සංස්කාරක සිවසන්මුගමුර්ති උග්‍ර වාමාංශිකයෙකි. උමාගේ දකුණු අතකි. දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානයේ හෙවත් ප්ලොට් කල්ලියේ දෙවැනියා වීමට සිටියේ ඔහුය. දෙඑවිපෙය දිස්ති්‍රක් සංවර්ධන ඡන්දය තරග කිරීමට තීරණය ගැනීම ගැන උමා තදින්ම අමිර්තලිංගම් සමග කිපී සිටියේය. ප්‍රභාකරන් කෙරෙහි අමිර්තලිංගම් ගේ හදවත උණුවෙතියි උමා සිතුවේය.


දිස්ති්‍රක් සංවර්ධන සභා චන්දය කඩාකප්පල් කිරීමට උමා අදිටන් කර ගත්තේය. දිනය මැයි 24 වැනිදාය. එජාප අපේක්ෂක ඒ තංගරාජාට ප්ලොට් කල්ලිය වෙඩි තැබුවේය. ප්ලොට් තුවක්කුකරුවෙක් යාපන නගරයේ දෙඑවිපෙ රෑලියකට වෙඩි තැබුවේය. පොලිස් භටයෝ දෙදෙනෙක් මරුමුවට පත් වූහ. තුවක්කකරු උමාම බව අනුමාන කෙරි‚. යාපනයේත් රටේ වෙනත් තැන්වලත් දෙමළ විරෝධී කැරලි ලිහා හැරීමට ඒ ඝාතන දෙක සමත් විය. පොලීසිය හා හමුදාව ක්‍රෝධයෙන් උමතු විය. යාපනයේ පුස්තකාලය ගිනි බත් කැරි‚. ඒ ගින්නට අසුවූ එක් ගොඩනැගිල්ලක් පමŒ. දෙමළ පෞඨත්වයේ සංකේතය සමග මිල කළ නොහැකි පොත් එකතුවක් රුදුරු ගිනි දැල්වලට අසු වී අළු වී යද්දී එදෙස බලා සිටි සිය ගණන් ජනයා අතර ප්‍රභාකරන්ද විය.


එහෙත් ප්‍රභාකරන්ගේ ක්ෂ‚ක අවශ්‍යතාවය වූයේ යාපනයෙන් පැන ගැනීමයි. තංගතුරේ හා කුට්ටිමනී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට යළිත් යාපනයේ ජීවිතය අසීරු විය. සැඟවී සිටි සුපුරුදු තැන් වෙනස් කෙළේය. ඒ තැන් පොලීසිය දනිතියි සිතුවේය. නිර්වේලි කොල්ලයෙන් පසු ප්‍රභාකරන් මන්නාරම් කැලේට දිගු ගමනක් ගියේය. ඒ හරිය වවුනියාවට බටහිරිනි. ගියේ › සභාරත්නම්ද සමගය. ටික කලක් එහි වාසය කෙළේය. පසුව යාපනයට ආවේය. ගත කළ හැකි කවර තැනෙක හෝ ලැග්ගේය. එය කුඹුරක් වන්නට ඇත. එසේ නැත්නම් වදුලක් වන්නට ඇත. දහවල් කාලයේ ගමන් බිමන් නතර කළේය. අන්නමලේ වර්ධරාජා පෙරුමාල් ඔහුට හමු විය. ඉල්ලීමක් කෙළේය. එය ඉටු විය. ඉල්ලීම ආරක්ෂක ස්ථානයකි. ඉන් අවුරුදු ගණනාවකට පසු කොටි ඝාතන ලැයිස්තුවේ පෙරුමාල්ගේ නම මුලටම තිබුණේය. පෙරුමාල් කළ උදව්ව ඒ කාලේ වෙනත් බොහෝ දෙනොගෙන් බලාපොරොත්= විය නොහැකිය. පෙරුමාල් ගෙයක් කුලියට ගත්තේය. ඔහුගේ මවට එහි නතර වන ලෙස කීවේය. කොටි ගෙවල් කුලිය ගෙවූහ. ප්‍රභාකරන් එහි කිසි දිනෙක නතර වී සිටියේ නැත. ඒත් ඔහුට ඕනෑ වූ විට නිතරම එහි ආ ගියේය. ඒත් පොලිස් රස්නය නොනිවී තිබි‚. එදා ජූනි 5 වැනිදාය. ප්‍රභාකරන් ඔහුගේ හොඳම විශ්වාස වන්තයෙකු වන රඝු වැල්වැටිතුරේට යැවුවේය. හමුවිය යුතුව තිබුණේ ටෙලෝ කි්‍රයාකාරිකයෙකු වන ෂිවාජි ලිංගම්ය. සැඟවී සිටීමට සුදුසු තැනක් සොයා දෙන ලෙස ප්‍රභාකරන් ඔහුට යැවු හදිසි ප‚වුඩයයි. ෂිවාජි වහා තැනක් සූදානම් කෙළේය. එය වැල්වැටිතුරේ හමුදා කඳවුර නුදුරේය. එහෙත් කිසිවෙක් එතැන සැක නොකළහ. ප්‍රභාකරන් තව දස දෙනෙකු සමග එදා රෑ එහි ආවේය. ඔහුගේ නඩය අත ජී. 3 තුවක්කුවක්, ඒ.කේ. 47 තුවක්කුවක් තවත් තුවක්කුවක් හා ඇස්.ඇම්.ජි. තුවක්කුවක්ද වූහ. ඊට අමතරව රිවෝල්වරද විය.


සියලූ දෙනාටම නවාතැන් ගැනීම ඒ ගෙදර ඉඩ පහසුකම් තිබි‚. නාන කාමරයක්ද තිබූ හෙයින් කිිසිම කාරණයක් නිසා එළියට යෑමේ අවශ්‍යතාවයක් නොවීය. එහෙත් ප්‍රභාකරන්ගේ චේතනාව වූයේ එහි නොරැදීමටයි. විශ්වාසවන්ත බෝට්ටුකරුවකු සොයාගත හැකි දැයි ප්‍රභාකරන් ෂිවාජිගෙන් ඇසීය. ඒ ඔහුට හා ඔහුගේ නඩයට තමිල්නාඩුව බලා යෑමටය.


1983 වන තුරු කිසිම දෙමළ කල්ලියකට බෝට්ටුවක් තිබුණේ නැත. කොල්ලන් මුහුදින් එහා මෙහා රැගෙන ගියෝ කුළුපඟ බෝට්ටුකරුවෝය. පෝක් සමුද්‍ර සන්දියේ බෝට්ටු කප්පිතන් වන ඔවුහු ධඑඑසි (ඔටිස්) නමින් හැඳින්වි‚. වඩදිය බාදිය මෙන්ම කාලගුණය ගැනද රේගු හා නාවික බෝට්ටු ගැනද අතැඹුල සේ සියල්ල දැන සිටී ඔවුහු රාති්‍රයේ බෝට්ටු පැදවීමේ ශ+රයෝය. ඔවුහු සැරවැර පාන්නෝය. බොහෝ සටන්කාමීහු ඔවුනට බිය වූහ. තමිල්නාඩු ගමනකට රුපියල් 100¡200 ක් වැයවේ. සමහර බෝට්ටු කරුවෝ කිසිම මුදලක් අය නොකරති. සටන්කාමී කල්ලි වේගයෙන් ශක්තියෙන් ශක්තියට පත්වෙද්දී බෝට්ටුකරුවෝ බොහේ දෙනෙක් ඒ කල්ලිවලට බැඳුණාහ.


එදා ජූනි 6 වැනිදාය. ප්‍රභාකරන් හා නඩය වෙනුවෙන් බෝට්ටුවක් සැපැයි‚. එදා රෑ මුළු නඩයම ෂිවාජිගේ ගෙදරින් එළියට එමින් සිටියේය. කාගේදෝ රයිපලයක් ඔවුන් සැඟවී සිටි ගෙය ඇතුළේදී පත්තු විය. උණ්ඩය ඇඳේ ගිලී ගියේය. හොර රහස් එළිවෙතියි සිතූ ප්‍රභාකරන් කෝපයෙන් දැවෙන්නට විය. වෙඩි සද්දය වැඩි ඈතට ඇසෙන්නට නැතැයි අස්වැසූ පසුව ඔහුගේ කෝපය නිවී ගියේය. නඩය එළියට එන අවස්ථාවේ තවත් අනතුරු මොහොතක් උදා විය. ලාම්පු නොදැල් වූ හමුදා ජිප්රියක් ඒ පාරේ ගමන් කෙළේය. ප්‍රභාකරන් ඇතුළු සියලූ දෙනාම ජීප් රිය නොපෙනී යනතුරු බිම දිගා වී සැඟවුණාහ. ප්‍රභාකරන් නැගිට්ටේය. වටපිට බැලූවේය. ජීප්රිය ඈත ගමන් කරන දෙස බලා සිටියේය. මුහුදු වෙරළ බලා ගමන් කළේය. මිනිත්තු ගණනකින් ඔහු ඉන්දියාව බලා පිටත්වීමට සූදානම්ය. තමිල්නාඩු ජීවිතය රෝසමල් යහනාවක් නොවීය. නිර්වැලි බැංකු කොල්ලයේ සල්ලි කුට්ටියද රැගෙන ගිය ප්‍රභාකරන් හා ඔහුගේ මිනිසුන්ට තමිල්නාඩු ජීවිතය සිතූ තරම් ලේසි නොවිය. ඔවුන් එහි යන විට කුට්ටිමනී පොලිස් අත්අඩංගුවේය.


මදුරෙයි කැලෑ රොදක් එළිකැරදීමට උදව් කළ දේශපාලනඥයෝ හා කැලෑ නිලධරයෝ පිරිසක් ප්‍රභාකරන්ගේ උදව්වට ආහ. ප්‍රභාකරන් එහි පුහුණු කඳවුරක් ඇරඹීය. විසිපස් දෙනෙක් පුහුණුව ලඳහ. ඉන්දියා ගුවන් හමුදාවේ විශ්‍රාම ගිය නිලධරයෙක් පුහුණුකරු විය. ස්වංක්‍රීය අවි සඳහා වන උණ්ඩ එතරම් නොවූ නිසා පුහුණු වෙඩි සඳහා පාවිච්චි කෙළේ රිවෝල්වර හා සාමාන්‍ය තුවක්කු පමŒ. ප්‍රභාකරන් ඇතුළු පිරිස ඉන්න නොඉන්න ආකාරයෙන් ජීවත් වූහ. කෑම බීම සඳහා මුදල් වියදම් කළේ මසුරු ස්වරූපයෙනි. වියදම් කළ හැම රුපියලක්ම වෙනුවෙන් ඔවුන්ගේ භාණ්ඩාගාරික අයියර් තිතට ගණන් තැබුවේය. එක් අයෙකු වෙනුවෙන් වැය කළ හැකි වූ වැඩිම මුදල › ලංකා රුපියල් 12 ක් විය. දුම්වැටියට ඇබ්බැහි වූ ටික දෙනෙකුට වඩාත් දුෂ්කර කාලයක් මතු විය. ඇතැමෙක් උගුරක් දෙකක් ඉරීම සඳහා පාරේ තිබූ සිගරට් කොටද අහුලා ගත්හ. මේ අතර යාපනයේදී ප්ලොට් කල්ලිය ජූලියේදී ආනාකෝට්ටේ පොලීසියට පහර දුන්නේය. ඉන් තුන් මාසයකට පසු කිලිනොච්චි මහජන බැංකුව කොල්ල කෑවේය. ප්‍රභාකරන්ගේ මිනිසුන් 1982 ට පිය නැගුයේ ප්ලොට් කල්ලියට බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කරමිනි. -පුදිය පාතෙයි˜ සඟරාව පළ කරුණු යාපනයේ චිත්‍රා මුද්‍රණාලය අසලදී ජනවාරි 2 වැනිදා තුවක්කුකරුවෙක් සිවශන්මුගමුර්ති හෙවත් සුන්දරම්ට වෙඩි තැබුවේය. තුවක්කකරු සීලන් යැයි සැකයක් මතු විය.


සිවශන්මුගමුර්ති මිනීමරු වික්‍රමයන්හි නොයෙදුණු අවස්ථාවලදී සඟරාවේ කර්තෘ ලෙස කටයුතු කෙළේය. -පුදිය පාතෙයි˜ දෙඑවිපෙය මෙන් කොටි කල්ලියද නිර්දය විවේචනයට ලක් කළේය. මිනීමැරුම නිසා උමා හිරිවැටී ගියේය. දෙඑවිපෙ නායකයා එහි පිටුපස සිටිය හැකි බව හේ සැක කෙළේය. සඟරාවේ දෙඑවිපෙ විෂ සහිත විරෝධී ප්‍රහාර ගැන අමිර්තලිංගම් කනස්සල්ලට පත්වී සිටියේය. එම ප්‍රහාරවල සැර බාල කරන ලෙස අමිර්තලිංගම් ෂිවශන්මුගමුර්තිගෙන් බොහෝ විට ඉල්ලා සිටියේය. එහෙත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට මායිම් නොකළ ෂිවශන්මුගමුර්ති ඒ ඉල්ලීම ඉවත දැමීය.


පුදිය පාතෙයි හොඳ සඟරාවකි. පිටපත් 6000 ක් අළෙවි විය. චිත්‍රා මුද්‍රණාලයයේ වාමාංශික ලියැවිලි මුද්‍රණය කැරගත් යාපනයේ වාමාංශිකයෝ ෂිවශන්මුගමුර්ති ඝාතනයත් සමග භීතියට හා සන්ත්‍රාසයට පත්ව සිටියහ. ඇතැම් තරුණයෝ වහා මුද්‍රාණලයට ගොස් රාජ්‍ය විරෝධී පති්‍රකා මිටි පිටින් ඉවත් කර ගත්හ. එහෙත් කොටි කල්ලිය උද්දාමයට පත් විය. දෙවසරකට පෙර අවි ආයුධත් රැගෙන කල්ලිය හැර ගිය මිනිහා කල්ලිය විසින් නැති කර දමා අවසානය. ඝාතනයේ වගකීම කොටි බාර ගන්න සිවශන්මුගමුර්ති ද්‍රෝහිකියි හංවඩු ගැසුහ


දොම්නස් මිනිසකු සේ උමා තමිල් නාඩුවට යාත්‍රා කෙළේය. ප්‍රභාකරන් සමග ගැටුමේදී ඔහු සමග සිටි දෙදෙනෙක්ද උමා හා එක්වූහ. සෝමසුන්දරම් ජෝතිස්වරන් හෙවත් කන්නන් හා තුරේරාජා සිවනේශ්වරම් හෙවත් කාකා ඔවුහුය. ඒත් ප්‍රභාකරන් දැන් ඕනෑ දෙයකට සූදානම් වී සිටියි. ඔහු තමාට විරුද්ධව නැගී එන කිසිම විරෝධයකට ඉඩ දෙන්නෙක් නොවේ. සිවශන්මුගමුර්ති ඝාතනය ඒ වන විට මදුරාසියේදීත් ප්‍රශ්න ඇති කැර තිබි‚. ඊරෝස් කල්ලියෙන් කැඩී ගොස් සිටි කන්දසාමි, පත්මනාභ ඝාතනය හෙළා දකිමින් මදුරාසියේදී නිවේදනයක් නිකුත් කෙළේය. ප්‍රභාකරන් හා › සභාරත්නම් කාරයකින් පත්මනාභගේ නිවෙසට ගියහ. ඒත් ඔහු ගෙදර සිටියේ නැත. ගෙය පිරික්සන්නට ඕනෑ යැයි ප්‍රභාකරන්ගේ ගෝලයෝ කීහ. ගෙට ඇතුළු වන්නට ඉඩ නොදුන් විට පිස්තෝලයක්ද ඇද ගත්තේය.


දැන් උමාට සටනක් ඕනෑ නම් ප්‍රභාකරන් ඊට සූදානම්ය. දෙඑවිපෙයන් ඉවත් වූ උතුරේ දේශපාලනඥයෙකු වු ඇම්.කේ. ඊලවෙන්දන්ගෙන් ද කොටි ප්‍රශ්න කළහ. උමා සමග පැවැති සමීප සම්බන්ධය ගැනයි ප්‍රශ්න කැරුණේ. ඊළාම් ව්‍යාපාරයට රුකුල් දුන් ඉන්දියා දමිළයෙකු වූ පවලාර් පෙරුම් චිත්‍රනාර්, උමා හා ප්‍රභාකරන් අතර මත භේද සමනය කරන්නට ගත් උත්සාහය අසාර්ථක විය. මේ වන විට දෙදෙනාම මුහුණට මුහුණලා හමු වූහ.


ටෙලෝ කල්ලිය සමග පැවැති සබඳතා අත්හළ ප්‍රභාකරන් කොටි කල්ලියේ නිතරග හා අනභිභවනීය නායකයා වූයේය. මදුරාසියේ පොන්ඩි කඩවීදියේ අවන්හලක් ඉදිරිපිටදී මැයි 19 වැනිදා උමා හා කන්නන් මෝටර් සයිකලයකට ගොඩ නැගීමට සූදානම් වූහ. ප්‍රභාකරන්ද ඔහුට හොඳට හුරු පුරුදු රඝවාන්ද කන්නන් දුටුවේය. ඉන් සති කිහිපයකට පෙර ප්‍රභාකරන් පාරේ සිනමා හලක් අසලදී උමාට වෙඩි තබන්නට උත්සාහ කෙළේය. ඒ අවස්ථාවේ උමා සිනමා හලෙන් එළියට ආවා පමŒ. ඒ හෙයින් ප්‍රභාකරන් දුටු ගමන් උමා අත්දෙක බැඳගෙන සිටියේ නැත. දෙදෙනාම එකම විට වාගේ රිවෝල්වර එළියට ඇඳ ගත්හ. ඒත් මුලින්ම වෙඩි පහර එල්ල කෙළේ වඩාත් කඩිසර වූ ප්‍රභාකරන් විසිනි. කොටි නායකයා අඩු ගණනේ වෙඩි හයක්වත් පත්තු කෙළේය. උමා කෙසේ හෝ පණ බේරා ගත්තේය. කන්නන්හට ඒ වාසනාව ලැබුණේ නැත. ඔහුට වෙඩි පහර පහක් වැදි‚. පොලිස් අත්අඩංගුවට ගන්නා විට ඔහු ලේ ගලන ගතින් සිටියේය. ප්‍රභාකරන් හා රඝවාන්ද පැන ගන්නට උත්සාහ කළ නමුත් සෙනඟකට මැදිවීමෙන් පොලිස් අත්අඩංගුවට වැටි‚. දින ගණනකට පසු දුම්රිය පොළකදී උමා සොයා ගැනි‚. ඔහු අල්ලා මෙල්ල කැර ගැනි‚. එහෙත් ඊට පෙර ඔහු පොලීසියට වෙඩි තැබුවේය.


ඒ සමගම ජරමර ගොඩක් මතු විය. › ලංකාවට අතිශයින්ම ඕනැකර තිබූ දෙදෙනෙක් පොලිස් කූඩුවට වැටී සිටිති. මිනීමැරුමට තැත් කිරීම, ඉන්දියාවේ පුපුරණ ද්‍රව්‍ය පනත හා අවි ආයුධ පනත උල්ලංඝණය කිරීම ගැන ඔවුනට විරුද්ධව වහා නඩු පැවැරි‚. නමුත් කාලය පෙරළී තිබි‚. 1973 නොවේ. › ලංකා නිලධරයන් මදුරාසියට ගොස් මාංචු පිටින් කුට්ඨීමනී රැගෙන ආ කාලය පසුවී ගොසිනි.


උමා හා ප්‍රභාකරන් අත්අඩංගුවට ගැනීම ඊට වඩා වෙනස් විය. දෙදෙනාම තමිල්නාඩුවේ දේශපාලනඥයන් පිරිසක් හා සබඳතා තර කැරගෙන තිබි‚. නීතිය නොසලකා හරිනු ඇත. තමිල්නාඩුවේදී එය දිගටම නොසලකා හැරි‚. ප්‍රතිඵල කුමක් වුවත් නීතිය ගණන් නොගැනි‚. › ලංකා රජය සැබැවින්ම සතුටු විය. තංගතුරේ හා කුට්ටිමනී සිර කූඩුවේය. ප්‍රභාකරන් හා උමාද ඒ ගොඩට වැටුණහොත් දෙමළ සටන් කල්ලිවලට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවනු නොඅනුමානය. පොලිස් වාර්තා අනුව ප්‍රභාකරන් හට වෙනත් නම් තුනක් විය. මිනීමැරුම් 18 ක් හා බැංකු කොල්ල දෙකක් සම්බන්ධයෙන් ඔහු ඕනෑ කර තිබි‚. මිනීමැරුම් නවයක් හා බැංකු කොල්ලයක් සම්බන්ධයෙන් උමා ඕනෑ කැර තිබි‚. ඉන්දියාවේදී ඔවුහු අප්‍රකට පුද්ගලයෝය. එක් සඟරාවක් ප්‍රභාකරන් හඳුන්වා දුන්නේ බයිසිකල් හොරකු සේ මුලදී සිය වෘත්තිය ඇරඹූ පුද්ගලයෙකු වශයෙනි. මේ දෙදෙනා අල්ලා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු පොලීසියට රුපියල් දසලක්ෂයක පරිත්‍යාගයක් පිරිනැමීමට සූදානම් බව ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ටී.බී. වේරපිටිය මහතා ප්‍රකාශයට පත් කෙළේය.


ප්‍රභාකරන් අත්අඩංගුවට ගැනීම කොටි කල්ලියට දරුණු පහරකි. කොටි කල්ලියේ බොහෝ දෙනෙක් ඒ වන විට තමිල්නාඩුවේ සිටියහ. කොටියෝ දඩයමට ලක්වූහ. එළියේ සිටි කොටි කල්ලියේ වැඩිමලා සුබ්‍රමනියම්ය. කිට්ටු පණ්ඩිතාර් හා පුලෙන්ද්‍රන් ප්‍රභාකරන් › ලංකාවට නෙරැපීම වැළැක්වීමට වික්‍රමාන්විත වැඩක් කළ යුතු යැයි තීරණය කළහ. ඒත් ඒ බව සුබ්‍රමනියම්ට නොදැක් වූහ. ඔවුන්ගේ සැලැස්ම වූයේ මදුරාසියේ උසම ගොඩනැගිල්ලට නැග තම නායකයා නිදහස් නොකළහොත් ඉන් පැන සමූහ සියදිවි ඝාතන කරන බවට තර්ජනය කිරීමයි. සුබ්‍රමනියම් මේ සැලැස්ම දැනගත් විට ඉමහත් බියට හා විස්මයට පත් විය. -ඔය මොට්ට වැඩේ අමත කරපල්ලා˜ යැයි ඔහු කෝපයෙන් කීවේය. ප්‍රභාකරන් බේරා ගැනීම මගේ යුතු කමයි. මම ඒක හෙට කරගන්නම් යනුවෙන් හේ කීවේය.


බේබි ක්‍රමානුකූලව කටයුතු සංවිධානය කෙළේය. ඔහු වඩාත් දැන සිටියේ සුබ්‍රමනියම් යනුවෙනි. එහෙත් ඔහු කොටි කල්ලියේ තමිල්නාඩු මහජන සම්බන්ධතා නිලධාරයාය.


කල්ලියට සම්බන්ධ අය හමුවීම, › ලංකාවේ දෙමළ අරගලය ගැන දැණුවත් කිරීම පමණක් නොව ඔවුන්ගේ පැවැත්ම සඳහා තමිල්නාඩුවේ ආධාරක ජාලයක් ගොඩ නැගීම ඔහු නිසොල්මනේ කැරගෙන ගියේය. අවුරුදු ගණනට පසුව කොටියන් ඉන්දියා හමුදාවට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවද මේ ජාලය කි්‍රයාත්මක විය. ප්‍රභාකරන් තමිල් නාඩුවේ සිටියේ එළිපිට නොවේ. පසු බිමේය. අනවශ්‍ය ලෙස කාටත් පෙනෙන ලෙස හැසුරුණේ් නැත. කුමක් හෝ කරන්නැයි බේබි නැදුමාරන්හට බැගෑපත් විය. ඔහුට වෙනත් කිසිවකුගේ ඇවිටිල්ලක් අවශ්‍ය වූයේ නැත. ඉන්දිරා කොන්ග්‍රසයෙන් කැඩී තමිල්නාඩු කාම්රාජ් කොන්ග්‍රසය පිහිටුවාගත් නැදුමාරන් ජූනි 1 වැනි දිනට සර්ව පාක්ෂික රැස්වීමක් මදුරාසියේදී කැඳවිය. උමා හා ප්‍රභාකරන් › ලංකාවට නෙරපා නොහරින ලෙස තමිල් නාඩු රජයට හා ඉන්දියා රජයට බලකිරීම එහි පරමාර්ථය විය. ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය රැස්වීමට නොආයේය. එහෙත් මහ ඇමැති ඇම්. ජී. රාමචන්ද්‍රන් නියෝජිතයෙකු එවීය. සුබ්‍රමානියම් නිරීඬකයකු වශයෙන් සහභාගි විය. කරුණානිධි කටවහගෙන සිටියේ නැත. › ලංකාවේ දෙමළ විරෝධී ගැටුම් හෙළාදැකීම සඳහා කලින් වසරේ ඔහු දැවැන්ත වීදි පෙළපාලියක් සංවිධානය කළේ ය. දැන් ඔහු ප්‍රභාකරන්ගේ නෙරපා හැරීමට විරුද්ධව උද්ඝෝෂණයක් අරඹයි. උමා හා ප්‍රභාකරන් › ලංකාවට නෙරැපුවහොත් ඔවුන් මරා දමනු ඇතැයි හේ › ලංකා රජයට චෝදනාවක් ද කළේ ය. පරම සතුරා වන ඇම්.ජී.ආර්. (රාමචන්ද්‍රන්) එහි දේශපාලන අවදානම දුටුවේය. කරබාගෙන ඉන්නැයි පොලිසියට උපදෙස් දුන්නේය. පොලිසියේ සිටි ඔහුගේ සහායකයා වූ කේ. මොහාන්දාස් ප්‍රකාශයක් කළේ ය. පරිත්‍යාග මුදල හෝ ප්‍රභාකරන් නෙරපා හැරීම ගැන පොලිසිය උනන්දුවක් නොදක්වන බව හේ කීවේ ය. එහෙත් ඉන් අවුරුදු හතරකට පසු ඔහුට ප්‍රභාකරන් සහ පිරිස හමු වුණා නම් ඔහු සොළවා ඔහුගේ ගෝල බාලයන් නින්දෙන් නැගිටුවා පොලිසියට ඇදගෙන යනු නොඅනුමානය. -අපි උනන්දු වන්නේ නීතිය හා සාමය රැකීම ගැන පමණයි˜ යනුවෙන් හේ කීවේය. -අපට ඕනෑ කරන්නේ මදුරාසිය තවත් චිකාගෝවක් කිරීම වැළැක්විමයි˜.


ප්‍රභාකරන් අත්අඩංගුවට ගැනීමේ පුවත යාපනය පිළිගත්තේ කම්පනයෙනි. සුප්‍රසිද්ධ චෙල්වනායගම්ගේ පුත් නීතිවේදී ඇස්.සී. චන්ද්‍රාහසන් ගෙදරට ගොඩවන විට ප්‍රභාකරන්ගේ පියා ඔහු එන තුරු එහි සිටියේ ය. මදුරාසියට ගොස් තම පුතාගේ ආරක්ෂාව ගැන සොයා බලන්නැයි වේළුපිල්ලේ චන්ද්‍රාහසන් හට කීවේ ය. එහෙත් දෙමළ දේශපාලනයේ කට්ටිවාදී හා කලහකාරී ස්වරූපය එන්න එන්නම වැඩි විය. තමිල්නාඩුවට යන ලෙස තමා චන්ද්‍රාහසන්ට නොකී බවත් ඔහු තමාගේ අවසරය නොපැතූ බවත් අමිර්තලිංගම් කියා සිටියේ ය. චන්ද්‍රාහසන් මදුරාසියේ දී කරුණානිධි හමු විය. ඔහුගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ මිත්‍ර දේශපාලන පක්ෂයක් විය. කරුණානිධි, ගාන්ධි වෙත විශේෂ නියෝජිතයකු යැවුවාය. උමා හා ප්‍රභාකරන් බලයෙන් › ලංකාවට නොයවන බව ඕ ප්‍රතිඥා දුන්නාය. දේශපාලනයට ගෑවුණු විට සටන්කාමීන් දෙදෙනා බේරී යෑම ස්වභාවික දෙයක් විය. අවශ්‍ය වූ මිනිසුන් දෙදෙනා රැගෙන ඒමට ආඥාවක් ද රැගෙන මදුරාසියට ගිය පොලිස්පති රුද්‍රා රාජසිංහම් හිස් අතින් ගෙදර ආවේ ය. කොන්දේසි සහිත ඇප මත සැකකරුවෝ දෙදෙනා අගෝස්තු 6 වැනිදා මදුරාසි උසාවියෙන් මුදා හරිනු ලැබූහ. දෙදෙනා ම තමිල්නාඩුවේ වෙන් වෙන් නගරවල ජීවත් විය යුතු බවත් යන එන තැන් ගැන පොලිසියට දැන් විය යුතු බවත් ඔවුනට පැනැවූ කොන්දේසි අතර විය. ප්‍රභාකරන් මදුරෙයි නගරයට ද උමා මදුරාසියට ද යැවි‚. ඔවුන් පිළිගෙන සත්කාර කිරීමට කැමැති හිතවත්හු දෙනගරයේම වූහ.


එය ප්‍රභාකරන්ගේ ජීවිතයේ බොහෝ ඵලදායී යුගයක ආරම්භයයි. මදුරෙයි ඔහුට අලූත් තැනෙක් නොවීය. 1981 දී ඔහු එහි සිටියේ ය. ටෙලෝ කල්ලිය සමග හාදකම් පවත්වද්දී 25 දෙනකු පුහුණු කිරීමට ඔහු එහි ගොස් සිටියේ ය. ප්‍රභාකරන් යළි කොටි කල්ලිය පණ ගැන්වූ විට ඔවුන්ගෙන් වැඩි දෙනා ඔහු හා එක් වූහ. නැදුමාරන් සමග නතර වී සිටීමට හේ තීරණය කළේ ය. උප පොලිස් පරීක්ෂකවරයෙක් ද කොස්තාපල්වරු දෙදෙනෙක් ද ඔහුගේ මුරට සිටියහ. එහෙත් ප්‍රභාකරන්ගේ ගමන් බිමන් ගැන නැදුමාරන්ගේ බලපෑම යටතේ පොලිසිය ඇසත්, කනත් පියාගෙන ගත්තේය. ඒ අවසරයෙන් ප්‍රභාකරන් අලූත් මිතුරන් සොයා ගියේ ය. පරණ යාළු මිත්‍රකම් අලූත් කැර ගත්තේ ය. මදුරෙයි නගරයෙන් පිටට ද ගියේ ය.


දස වසරකට පෙර සටන්කාමී ලොවට පිවිසීමෙන් පසු ලබාගත් ජයග්‍රහණ හා පරාජයන් යළි යළි ආවර්ජනය කිරීමට ප්‍රභාකරන් හට ඕනෑ තරම් කාලයත් වේලාවත් තිබි‚. එය ආත්ම පරීක්ෂාවට හෙවත් තමාගේ සිත යළි සෝදිසි කිරීමට හොඳම කාලය විය. ඉදිරියට සූදානම් වීමටත්, කියැවීමටත් එය ඔහුට හොඳම කාලය විය. එපමණක් නොවේ ඉන්දියා ආණ්ඩු ක්‍රමය ගැන සියුම් අවබෝධයක් ලැබීමට ද හොඳම කාලය විය. එහි ක්‍රියාකාරිත්වය හා හරි සබඳකම් ඇත්නම් එය විප්ලවකාරී ක්‍රියා මගින් විනාශ කැර දැමීමේ මාර්ග ගැනද ඔහුට තීක්ෂණ දැනුමක් ලබා ගැනීමේ හොඳම කාලය එය විය.


ප්‍රභාකරන් ගැන පැහැදීමට නැදුමාරන්ට හේතු තිබි‚. 1981 දී යාපනයේ දී ප්‍රභාකරන් දුටු බව ඔහුට මතකය. ඒත් ප්‍රභාකරන් තමා කවුදැයි හෙළි කළේ නැත. සිරගෙදර දී ප්‍රභාකරන් සමග මුහුණට මුහුණ හමුවීම ගැන ඔහු ඉබේම උඩ ගියේය. -කාරණා කිහිපයක් නිසා මා කවුදැයි කීවේ නැහැ˜යි ප්‍රභාකරන් කීවේ ය. රහසිගත වැඩ අදහන මිනිහෙකුට එය ධන ලකුණකි.


ප්‍රභාකරන් නිශ්ශබ්ද ආගන්තුකයෙකි. හිර ගෙදරදීත් ඔහු ආදර්ශවත් නේවාසිකයෙකි. කෑම හොඳ නැතැයි පැමි‚ලි කළ රඝවාන්හට වරක් දොස් කීවේ ය. සූදානම් නැති විටක කරදර කැඳවා ගන්නට ප්‍රභාකරන් සූදානම් නොවීය. මදුරෙයිහිදී ආගන්තුකයන් ප්‍රභාකරන් සමග දේශපාලනය කතා කළ විට ඊට අගුල්පත් තැබීමට හෝ අදහස් උදහස් දැක්වීමට ඔහු නොවේ ඉදිරිපත් වූයේ. නමුත් තනිව සිටින විට දී ඔහු නැදුමාරන් සමග › ලංකාවේ තත්්ත්වය හෝ ඊළාම් අරගලය හෝ නිමක් නැතිව වාද විවාද මාතෘකා කැර ගත්තේ ය.


කොටි සාමාජිකයන් වූ බේබි හා චෙල්ලාකිලි මදුරාසියේ කාර්යාලයක නතර වී සිටියහ. ප්‍රභාකරන් සමග සබඳතා පැවැත්වූහ. තමිල්නාඩු කොටි කල්ලිය මිනීමරු කල්ලියක් බව නොපෙනි‚.


උත්සාවන්තයකු වූ බේබි නීතිගරුක පුරවැසියකුගේ සැබෑ මූර්තියක් විය. කොටි බොහෝ විට ආහාර හෝ නින්ද නොලැබූවත් පුවත්පත් සඟරා හා වාමාංශික පත පොත මිලට ගැනීමට අත දිග හැර වියදම් කළහ. ඉන්දියා හා විදේශ සඟරා ඇතුළු සුළු පරාසයක් ඔස්සේ විහිදුණු වාමාංශික පත පොත සමීප කැර ගත්හ. යුද අවි හා පතුරොම් ගැන ලියැවුණු පත පොත ද මිලදී ගත්හ. මේ සියලූ දෙනාගෙන් බේබි බිය සැක ඇති පුද්ගලයෙකි. ඔහු කල්ලියේ වැඩිහිටියා ලෙස හැසුරුණේය. තමිල්නාඩු නීතිවේදියකු වරක් කීවේ නැක්සලයිට් ව්‍යාපාරයේ ලිපි ලේඛන කොටියන් ඉමහත් ආදරයෙන් කියවා පුවත් කැපුම් ලස්සනට පොත්වල අලවා ගත් බවයි. පුවත් හා සඟරාවල පළ වූ ඒ විස්තර ඔවුහු ලිපි ගොනු වශයෙන් සකසා ගත්හ. -ඔවුන්ගේ රැස්වීම් මහ රෑ වනතුරු පවතිනවා. එවිට මට සමහර විට කේන්ති යනවා. ගිහින් නිදා ගනිල්ලා යැ˜යි බැන වදිනවා යැයි එම නීතිවේදියා කීවේ ය.


ප්‍රභාකරන් සංකේත භාෂාවකින් වැඩ කිරීම පුළුල් ලෙස අත්හදා බැලූවේ ය. යාපනයේදීත් ඔහු එය වෙනස් ක්‍රමයකට අත්හදා බැලූවේ ය. දෙමළ හෝඩියේ හැම අකුරකටම නොම්මරයක් යොදා ගනිමින් එසේ කළේය. -ඒක අපේ ආරක්ෂාවට˜යි යනුවෙන් හේ මිතුරකුට කීවේ ය. දැන් තමිල්නාඩුවේ තවත් මොළ කිහිපයක් එක්වී හැදූ ඒ සංකේත භාෂාව තේරුම් ගැනීම අසීරු විය. මේ අත්හදා බැලීම දුටු ඉන්දියා ජාතිකයෙක් එම සංකේත භාෂාව චීන හෝ ජපන් භාෂා දැයි වරදවා වටහා ගත්තේ ය.


කොටියාට සල්ලි ප්‍රශ්නයක් විය. ප්‍රභාකරන් හා ඔහුගේ සගයෝ පාන් හා ජෑම්වලින් කුසගින්න නිවා ගත්හ. මස් මාංශ විශේෂයෙන් කුකුළු මස් කෙරෙහි වූ ආශාව යටපත් කැර ගන්නට සිදුවිය. බඩගිනි පෙනුම ඇති කොටි බොහෝ විට නැදුමාරන් හට මුණ ගැසි‚. ඒත් කෑමක් නොලැබූ බව කියන්නට ඔවුහු අදිමදි කළහ.


ඊළාම් සිහින නොදුටු විට හෝ කොටි කොඩියක් හෝ නිලඇඳුම් ගැන නැදුමාරන් සමග කතා නොකළ විට ප්‍රභාකරන් දෙමළ සාහිත්‍යයේ ගිලූණේ ය. ඔහු වැඩියෙන් ම කැමැති වූයේ සුභාෂ් චන්ද්‍රබෝෂ්ගේ පොත්වලට හා ඔහු ගැන ලියූ පොත්වලටය. පිදෙල් කැස්ත්‍රෝ හා චේ ගෙවාරගේ පොත්වලටද ඔවුන් ගැන ලියූ පොත්වලටද එසේ ම රුචියක් දැක්වීය. ඔහු චේ ගේ පොතක් ඉංගිරිසියෙන් දෙමළට පරිවර්තනය කැරවා ගත්තේ ය. කිසිවෙකුගේ උදව්වක් නැතිව තමාටම එය කියා තේරුම් ගැනීම සඳහාය. ඔහු මතුපිටින් ආගම ධර්මයට නැඹුරු නොවූවත් ඉඳහිට මදුරෙයි නගරයේ ඓතිහාසික මීනඬි අම්මාන් කෝවිලට ගියේ ය. අසල්වැසි රටක පොලිසියට අවශ්‍ය කරන මිනිහා ඔහු යැයි කෝවිලට ආගිය කිසිවකුටත් සිතන්නට අවස්ථාවක් උදා වූයේ නැත. ඔහු ප්‍රසන්න එහෙත් චාම් ලෙස ඇඳුම් ඇන්දේය. සෙසු අයත් එසේ කරනු ඇතැයි බලාපොරොත්තු විය. දිනපතාම රැවුල බෑවේ ය. එසේ නොකළ අයට දොස් කීවේ ය. ඔහුගේ ආදර්ශ පාඨය: කතාව අඩු කරනු, වැඩියෙන් සවන් දෙනු. ඔහු ඔහුගේ සගයනට ගරු නම්බු ඇතිව සැලැකුවේය. අයුතු බලපෑම් කළේ නැත. ඔහු කතා කරන විට සෙස්සෝ අසාගෙන සිටියාහ. ඔහු ආමන්ත්‍රණය කැරුණේ -තම්බි˜ හෙවත් සහෝදරයා යනුවෙනි. එහෙත් උමා කැමැති වූයේ තලෙයිවාර් හෙවත් නායකයා යනුවෙන් ආමන්ත්‍රණය කරනු ඇසීමටය.


ප්‍රභාකරන්ගේ ලොකුම අභිලාෂය තමිල්නාඩුවේ පුහුණු කඳවුරු පිහිටැවීමයි. ආදි හා නවක සාමාජිකයනට අවි පුහුණුව සමග ගරිල්ලා යුද කලාවේ මූලික දැනුම ලබා දීමයි. ඉන්දියාවේ එවැනි කඳවුරු පවත්වාගෙන යා හැකි නම් ප්‍රභාකරන් ඊට එක පයින් කැමැති විය. › ලංකාවෙන් එවැනි කඳවුරුවලට කඩා නොපනින හෙයිනි. ඇරත් යම් කරදයක් ඇති වුවහොත් තමිල්නාඩුවේ මිතුරන්ගෙන් උදව් ගත හැකි බවද ඔහු දනී. විශ්‍රාම ලත් ඉන්දියා හමුදා නිලධරයන්ගේ සේවය ලබා ගැනීම සඳහා ප්‍රභාකරන් හිතවත් ඉන්දියා දේශපාලනඥයන් සොයා ගියේ ය. එය ඉටු විය. ඊළඟට ඔහු කළේ සිරුමලෙයි, පොල්ලාචි හා වෙන්තූර්හි ආරක්ෂක ස්ථාන පිහිටුවා ගැනීමයි. වෝකි ටෝකි ගමන් කථන පාවිච්චියට හා අවි ආයුධ පාවිච්චිය ගැන ඒ තැන්වලදී කොටි සාමාජිකයනට පාඩම් කියා දෙන ලදී.


තමාගේ එකම බලාපොරොත්තුව කොටි නිලඇඳුම් ඇඳගත් සියයක්වත් යාපනයේ සිටිනු දැකීම බව ප්‍රභාකරන් මිතුරකුට පවසා තිබි‚. එහෙත් කාල නියමයක් නැතිව තමිල්නාඩුවේ රැඳී සිටියේ ප්‍රභාකරන් පමණක් නොවේ. මදුරෙයි නගරයේ හත් මාසයක වාසයෙන් පසු යාපනය තමා සොයතියි ප්‍රභාකරන් සිතුවේය. තමිල්නාඩුවෙන් පිටවී යන්නට හැකි දැයි නැදුමාරන්ගෙන් විමැසීය. නික්මීමේ අවසරය ලැබි‚. දවසක් මදුරෙයි සිට මදුරාසියට යද්දී කොටි නායකයා නිකම්ම ලිස්සා ගොස් අතුරුදන් විය. පොලිස් සෝදිසිය යටතේ සිටිය යුතු මිනිහා › ලංකාවට පැනගත් බව ඇදහීමට පොලිසිය මුලදී අකමැති විය. ඔහු සොයා බැංගලෝරයේත් පොන්ඩිච්චේරියේත් සෝදිසි දෙකක් ඇරැඹි‚. ඒත් කොටි වලිගයවත් අල්ලා ගත නොහැකි විය. ඒ වන විට ප්‍රභාකරන් යාපනයේ ය.


දෙමළ අර්ධද්වීපය වැඩි වෙනසකට ලක් වී නොතිබි‚. මදුරාසියේ දී උමා¡ප්‍රභාකරන් වෙඩි හුවමාරුවෙන් සතියක් ඉක්මෙන්නටත් පෙර නාඳුනන තුවක්කුකරුවෝ දෙමළ තරුණයන් දෙදෙනෙකු ගෙදරින් පැහැර ගෙන වෙඩි තබා මරා දැමූහ. වෙඩි උණ්ඩවලින් සිදුරු වූ සිරුරු දෙක යාපන නගරයෙන් සැතපුම් 10 ක් ඈත කුඹුරකින් සොයා ගැනි‚. ඒ සිරුරු කොටි අනුගාමිකයන්ගේ බව කියැවි‚. මිනීමරුවන් කිසිදාක හඳුනාගත්තේ හෝ අල්ලා ගත්තේ නැත. එහෙත් ඔවුන් ප්ලොට් කල්ලිකරුවන් බව විශ්වාස කැරි‚. මේ ඝාතනවලින් දෙමළ ප්‍රජාව හෙල්ලූම් කෑවේ ය. 1982 ජනවාරියේ දී සුන්දරම් ඝාතනය කිරීමෙන් පසු කොල්ලන් කොල්ලන්ම මරා දමතියි යාපන ජනයා කනින් කොනින් කියන්නට වූහ. උමා සහ ප්‍රභාකරන් මදුරාසියේදී ගැටුමකට මැදිවීමද නරක බව ඔවුහු සිතූහ. නමුත් දමිළයන් දෙදෙනෙකු අමු අමුවේම මරා දැමීම කම්පන තරංග මතු කළේ ය.


1982 දීත් දෙමළ සමාජයට ආත්මයක් තිබි‚. එහෙත් ඉන් වසර කිහිපයකට පසු කොටි කල්ලිය විසින් ටෙලෝ කල්ලිය කෘෘර ලෙස සංහාරය කරද්දී බොහෝ දමිළයෝ ඉවත බලා ගත්හ. ඍජුව කතා කිරීම පිළිබඳ නමක් දිනා සිටි යාපනයේ සතිපතා පුවත්පත වූ -සැටර්ඩේ රීවීව්˜ එම ඝාතන ගැන කෝපය පළ කළේ ය. -ඇත්ත නම් යාපනයේ අලූත් පාතාල කල්ලියක් මතුවෙමින් තිබීමයි. දර්ශනයක් නැති මේ කල්ලියට හිස ඔසොවන්නට ඉඩ දුන්නොත් යාපනයේ සිවිල් යුද්ධයක් ඇති වී මුළු අර්ධද්වීපයම කැඳ හැළියක් වනු ඇත.˜ මේ ඝාතනවලින් ප්‍රභාකරන්ගේ කෝපය තවත් මෙළවී ගියේ ය.


උමා හා ප්‍රභාකරන් ඇප පිට මුදා හල පසු දෙදෙනා අතර සමගි සන්ධානයක් ඇති කිරීමට පෙරුම් චිත්‍රානාර් උත්සාහ ගත්තේ ය. ප්‍රභාකරන් ඔහුගේ නීතිවේදියා මගින් ප්‍රකාශයක් නිකුත් කළේ ය. -මීට පසු අප අතර ඛෙදීමක් නැත. කල්ලි දෙකම එකට වැඩ කරනු ඇත.˜ ඔහු හා උමා නීතිවේදී චන්ද්‍රාහසන්හට වෙන වෙනම ප්‍රතිඥා ද දුන්හ. තමන් දෙදෙනා තව දුරටත් ඉන්දියාවේ දී ඇන කොටා නොගන්නා බව කීහ. ඒත් ඇත්ත ඊට බොහෝ වෙනස් විය. උමා පෙරුම් චිත්‍රානාර්ගේ ගෙදර රැකවරණය ලැබ එහි ගත කළ දින 45 දීම ප්‍රභාකරන්ගේ තුවක්කුකරුවෝ නිවෙසින් පිට ගැවසුණාහ. ගේ ඇතුළේ දී වුවත් තමාට නොපෙනෙන කිසිම තැනකට යෑමට චිත්‍රානාර් උමාට ඉඩ දුන්නේ නැත. දවසක් අමිර්තලිංගම් මදුරාසියට ආයේය. පෙරුම් චිත්‍රානාර් හමුවීම අරමුණයි. මදුරාසියට එන ලෙස ප්‍රභාකරන් හට දැන්වි‚. ආරක්ෂකයන් දෙදෙනෙකු සමග ප්‍රභාකරන්ද ගියේ ය. එහෙත් උමාට අතට අත දීමට තරම්වත් සිතුවිල්ලක් ඔහුට ඇති වූයේ නැත. උමා සටන්කාමී භූමිකාවෙන් මුළුමනින් ම ඉවත් විය යුතු බව ප්‍රභාකරන් තරයේ කියා සිටියේ ය. උමා තවදුරටත් සටන්කාමියකු ලෙස ක්‍රියා නොකළ යුතු බව ප්‍රභාකරන් කීවේ ය. කොටි ආචාරධර්ම අනුව කොටි කල්ලිය අතහැර යන කෙනකුට වෙනත් සටන් සංවිධානයක් පිහිටැවිය නොහැකි බවත් උමාට විශේෂයක් කළ නොහැකි බවත් ප්‍රභාකරන් පැහැදිලි කළේ ය. එසේ කළ යුතු යැයි උමා සිය අදහස් වෙනස් නොකරතොත් ඔහු මරණය ඉල්ලා සිටින්නෙකියි ප්‍රභාකරන් කීවේ ය.


මේ කතාවෙන් පෙරුම් චිත්‍රානාර් පස්සට ගියේ ය. උමා සහ ප්‍රභාකරන් තම නිවෙසට එකට පැමිණ, ආරක්ෂාවට තබා ගිය පසුම්බියකින් දිනපතා වියදම් සඳහා මුදල් රැගෙන ගිය සැටි චිත්‍රානාර්ට සිහි වෙයි. ඒ වැඩි ඈතක නොවේ. සල්ලි දැමූ බෑගය ඔහුගේ නිවසේ තබා තිබුණේ ආරක්ෂාව සඳහා ය. ඒ ගෙදර සිටම ඉන් එක් අයෙක් අනෙකාට මරණ තර්ජන කරන සැටියෙකි. -එහෙම කතා නොකරන ලෙස මම ප්‍රභාකරන් හට කීවා˜ යැයි පෙරුම් චිත්‍රානාර් සිහිපත් කරයි. චිත්‍රානාර් කොටි නායකයා වෙත භක්තියෙන් ඇලී සිටියේ ය. -ඔහු හා ප්‍රභාකරන් සතුරන් නොවන බවත් වෙනස් මතවාද දරන බවත් මා ප්‍රභාකරන් හට කීවා. ප්‍රභාකරන් කොටි සංවිධානය අරඹන්නට ඇති නමුත් උමා ඔහුට සහාය දී සංවිධානය ලොවට හඳුන්වා දීමට කටයුතු කළා යැයි මා ඔහුට පෙන්වා දුන්නා˜


ද්‍රවිඩ කළහම් පක්ෂය ඛෙදී ද්‍රවිඩ මුන්නේත්‍ර කළහම් පක්ෂය තමිල්නාඩුවේ ඇති වූ සැටි පෙරුම් චිත්‍රානාර් ප්‍රභාකරන් හට සිහිපත් කළේ ය. කැඩී ගියත් පක්ෂ දෙකම එකම තුවක්කුවේ කානු දෙකකියි ඩී.ඇම්.කේ. නායක සී. අන්නදොරේ කියා තිබි‚. ප්‍රභාකරන් හා උමා ද මේ පක්ෂ දෙක වැනි යැයි පෙරුම් චිත්‍රානාර් කියා සිටියේ ය.


අමිර්තලිංගම් ද ඔහුගේ බර පෙරුම් චිත්‍රානාර්ගේ කතාවට එක් කළ විට ප්‍රභාකරන්ගේ දැඩි මතය වෙනස් විය. -අයියා කියන දේ කරපන්˜ යනු චිත්‍රානාර් ප්‍රභාකරන් හට කීවේ ය. අයියා වශයෙන් හැඳින්වූයේ අමිර්තලිංගම්ය. උමාට වෙනම කල්ලියක් ගොඩනගා ගැනීමට ඉඩ දීමට ප්‍රභාකරන් කැමැති විය. එහෙත් කිසිම හේතුවක් නිසා ඔහු කොටි නායකයෙකියි හඳුන්වා නොගත යුතු යැයි ප්‍රභාකරන් අවධාරණය කළේ ය. මදුරෙයි බලා නික්ම යෑමට පෙර පෙරුම් චිත්‍රානාර් දෙදෙනාගෙන්ම පොරොන්දුවක් ලබා ගත්තේය. තමන් ඇන කොටගෙන මරා නොගන්නා බව ඔවුහු චිත්‍රානාර්ට පොරොන්දු වූහ. චිත්‍රානාර් හා ප්‍රභාකරන් ඉන් පසු කිසි දිනෙක මුණ ගැසුණේ නැත. ප්‍රභාකරන් යාපනයේ නොසිටි කාලයේදීත් කොටි කල්ලිය හමුදාවට ඉස්පාසුවක් දුන්නේ නැත. ජූලි 2 වැනිදා කොටි නෙල්ලඩියේ දී පොලිස් මුර සංචාරක කණ්ඩායමකට පහර දුන්නේය. යාපනයෙන් සැතපුම් 4 ක් ඈතින් පිහිටි කුඩා නගරයක වූ මේ ප්‍රහාරයෙන් සිංහල පොලිස් භටයෝ සිවු දෙනෙක් මරුමුවට පත්වූහ. තිදෙනෙක් බරපතල තුවාල ලදහ. ප්‍රහාරකයෝ පොලිස් තුවක්කු ද රැගෙන පළා ගියහ. දෙමාසයකට පසු ඔවුහු පොන්නාලෙයි දිය පැන්නුම පුපුරුවා හරින්නට උත්සාහ කළේ ය. ජනාධිපති ජයවර්ධන යාපනයට ගිය අවස්ථාවකදී කළ එම උත්සාහය සාර්ථක වූයේ නැත. එහෙත් දිය පැන්නුමට අලාභ හානි සිදුවිය.


බිහිසුණුම කොටි මෙහෙයුම ඔක්තෝබර් 27 වැනිදා සිදුවිය. සීලන්ගේ නායකත්වයෙන් යුත් කොටි කල්ලියක් පැහැරගත් බසයකින් චාවකච්චේරි පොලිසියට කඩා වැදුණාහ. ඔවුහු ජී. 3 තුවක්කුවකින්, රිපීටරයකින්, රිවෝල්වර දෙකකින් මැෂින් තුවක්කුවකින් හා බෝම්බවලින් සන්නද්ධ වී සිටියාහ. පොලිසියට දැඩි රැකවරණ තුබූ හෙයින් කඩා බිඳගෙන ඊට ඇතුළු විය නොහැකි බව පෙ‚නි. අරුණ, රන්කර්, පුලේන්ද්‍රන්, රඝු, මහත්තයා, සන්තෝසම් හා බෂීර් කාකා සීලන් සමග පැමි‚යාහ. ඒ කාලයේ යාපනයේ සිටි මහා කොටි කල්ලිය මේ පිරිසගෙන් සමත්විත විය.


බසය පොලිසියට එද්දී සීලන් හා රඝු මුර කුටිවලට වෙඩි එල්ල කරමින් තට්ටු දෙකේ ගොඩනැගිල්ලට වෙඩි තැබූහ. කොස්තාපල්වරයෙක් එතැනම මැරී වැටුණේය. කොටි දැන් පොලිස් ගොඩනැගිල්ලේ පළමු මහලට යමින් සිටිති. සීලන් ඉහළ සන්නද්ධ ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කරමින් කාමරයෙන් කාමරයට ගියේ ය. මේසයක් යට සැඟවී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තැබුවේය. ප‚වුඩ හුවමාරු යන්ත්‍රයද විනාශ කළේ ය. පොලිසිය පිටුපස නිල නිවාසවලට පහරදීම ෂන්කර් හා සන්තෝසම්ට පැවැරි‚. අරුණ හා බෂීර් පොලිස් අවි පෙට්ටිය ශ=ද්ධ කළහ. මැෂින් තුවක්කු දෙකක්, රයිපල් නවයක්, පිස්තෝලයක්, රිපීටර් තුවක්කු 19 ක් හා තවත් තුවක්කු දෙකක් කොටි එකතු කර ගත්හ. මේ කලබලයේ දී ඒ මේ අත දිවූ පොලිස් සැකකරුවෙක් ද වෙඩි කෑවේ ය. පොලිස් භටයෙක් බැල්කනියෙන් පැන්නේ ය. කකුලක් කඩා ගත්තේ ය. වෙඩි ද කෑවේ ය. කොස්තාපල්වරු දෙදෙනෙක් දිවි ගලවා ගත්හ. ඔවුනට පිහිට වූයේ වැසිකිළියකි.


එහෙත් එක් කොස්තාපල්වරයෙකුගේ අවියෙන් කොටි තිදෙනෙක් වෙඩි කෑහ. ඒත් ඔවුන් මියැදුණේ නැත. එක් උණAඩයක් පුලේන්ද්‍රන්ගේ උරහිස පසාරු කළේ ය. තවත් උණ්ඩයක් රඝුගේ දකුණු අතට වැදී ඇටය බිඳ දැම්මේ ය. තුන් වැනි උණ්ඩය සීලන්ගේ දණහිස පසාරු කළේ ය. බරපතල ලෙස තුාල ලැබූ සීලන් වාහනයට කර ගසාගෙන යෑමට අරුණ ඉදිරිපත් විය. ප්‍රභාකරන් නැති විට කොටි කල්ලියේ අණ දෙන්නා වූ සීලන් තුවාල වීම බරපතල පාඩුවක් විය. ඔහු කල්ලියේ දෙවැනියා විය. ඔහු හොඳම වෙඩික්කාරයෙකි. එමෙන් ම ප්‍රභාකරන්ගේ අතිශය විශ්වාසවන්තයෙකි. ඔහු ගල් හිතක් ඇති මිනිසෙකි. එහෙත් ලේ ගැලීම අධික වූයෙන් එදා ඔහුට සිහි නැති විය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු පසුව තමිල්නාඩුවට යැවි‚.


1983 පෙබරවාරි 18 වැනිදා වනතුරු කොටි මෙහෙයුම් නොවී ය. ඒ වන විට ප්‍රභාකරන් හා සීලන් යාපනයේ සිටියාහ. කොටි එදා පේදුරුතුඩුවේදී සිංහල පොලිස් පරීක්ෂකවරයකුට හා ඔහුගේ රියැදුරාට වෙඩි තැබූහ. 1982 අවසන් වන විට යාපනයේ සිටි එකම වැඩකාරයන් වූයේ කොටි කල්ලියයි. මෙය පොලිසියට හිසරදයක් විය. කනස්සල්ලට හේතු විය. මෙහෙයුම්වලදී හමුදාව පොලිසියට උදව් කළේ ය. එහෙත් මාරා දැමීම් කෙසේ වෙතත් කොටි නායකයකුගේ පුළුටක් වත් අල්ලා ගත නොහැකි විය. කොටියාට ඒ කාලේ ජනප්‍රියත්වයක් ද නොතිබි‚. තිබුණා නම් නොදැනෙන සුළුය. පොලිස් ඔත්තුවලින් ප්‍රතිලාභ නොලැබි‚. එහෙත් පොලිස් ජාලය දිගට හරහට පැතිරී තිබි‚.


කඩයකින් බත් පාර්සල් දෙකකට වඩා ගැනීමට පවා කොටි පරෙස්සම් වූහ. පොලිසියට ඔත්තු යතියි සිතූ හෙයිනි. කොටි ප්ලොට් ගැටුමෙන් ද පොලිසියට වාසියක් වූයේ නැත. නොවැම්බරයේදී කොටි යාපනයේදී තිස් හැවිරිදි තරුණයකු ගෙයින් එළියට අ~ ගසා වෙඩි තැබුවේය. සිරුර අසල දැන්වීමෙකි. -සමාජ විරෝධී˜ ද්‍රෝහීන් නැති කිරීමට උදව් කරනු, යන දැන්වීම එහි විය. ඊළාම් විමුක්ති කොටි යනුවෙන් එහි ලියා තිබි‚.


ඊළඟ මාසයේදී කොටි වවුනියාවේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක පුලේන්ද්‍රන් වෙඩි තබා මරා දැමුවේ ය. ඔහු වෙඩි කෑවේ රූපවාහිනිය බලමින් සිටියදී ය. තුන් වසරකට පෙර යාපනයෙන් බොහෝ දුරට කොටියන් අතුගෑ දැමූ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජනරාල් තිස්ස වීරතුංග අවංකව කතා කළේ ය. යාපනයේ තත්ත්වය නාට්‍යාකාරයෙන් වෙනස්වී ඇති බව පිළිගත්තේය. අපට සියලූම වාසි නැහැ යි වීරතුංග ඩේවිඩ් සෙල්බර්න් සමග කීවේ ය. -ආරම්භක ක්‍රියා කොටියන් අතේ. තැනක් වෙලාවක් තෝරා ගන්නේ කොටි. අපට කළ හැක්කේ ප්‍රතික්‍රියාව පමණයි˜ ඒ වචන වීරතුංගගේ ය.


වීරතුංග වැටී සිටි අකරතැබ්බය තේරුම් ගත හැකියි. සීලන්ගේ තුවාල වීම හැරුණු විට චාවකච්චේරි ප්‍රහාරය අතිශයින් සාර්ථක විය. පුංචි එහෙත් ඇප කැප වූ කල්ලියකට කළ නොහැකි දෙයක් නැති බව ඉන් ප්‍රදර්ශනය විය. මේ ප්‍රහාරයෙන් පසු නගරයේ තවත් පොලිසි 16 ක් වසා දැමි‚. පොලිසිය තම සාමාන්‍ය රාජකාරියේ නොයෙදන බව යාපන පුරපති ප්‍රසිද්ධියේ කියා සිටියේය. සටන්කරුවන් බෝ වූයේ දෙමළ විරෝධී හිංසා නිසාය. ප්‍රාදේශීය ස්වයං පාලනයක් දීමට රජය අපොහොසත් වූ නිසා ය. මධ්‍යස්ථ මතධාරී දේශපාලන බලවේගය වූ දෙ.එ.වි.පෙ.යට ඡන්දය දුන් අයගේ මතය වූයේ ඔවුන් අවස්ථාවාදී බවයි. -කොල්ලන්˜ සටන් කරද්දී ඔවුන් ජයවර්ධන රජය සමග ගිවිසුම් ගසා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි. දෙ.එ.වි.පෙ.ය ඒ වන විට කැඩී බිඳී ගොස් තිබි‚. කැඩී ගිය ටී.ඊ.එල්.එෆ්. සංවිධානය පුළුල් ජනතා සහායක් නොලැබුවද, එහි ආරම්භය කැපී පෙනි‚. එහෙත් රජයේ ප්‍රචාරයෙන් පෝෂණය වූ සිංහල ජනයා අදහස් කළේ දෙ.එ.වි.පෙ.ය ඛෙදුම්වාදීන් බවයි. උතුරේ හිංසාවලට වග කිව යුතු බවයි.


1982 දෙසැම්බරයේදී ජයවර්ධන ජාතික ආණ්ඩුවක් පිහිටැවීමේ යෝජනාව ඉදිරිපත් කළේ ය. එසේ කළේ පාර්ලිමේන්තුවේ ආයු කාලය තවත් සාවුරුද්දකින් කල් දැමීමෙනි. අන් කිසිදෙයක් කරගත නොහැකි වූ දෙ.එ.වි.පෙ. ඒ අදහස අල්ලා ගැනීමට පැන්නේ ය. දෙමළ ජනයාගේ මූලික ප්‍රශ්නවලට ස්ථීර සාර විසඳුම් සඳහා සාකච්ඡා පැවැත්වීමට ජාතික රජය ඉඩකඩ සලසනු ඇතැයි යෝජනා කැරි‚. ඒත් ඊට දෙමළ ජනයාගෙන් ලැබුණේ මද සහායකි.


දෙමළ ජනයාගේ ආදරවන්තයා වූ අමිර්තලිංගම් ඔහුගේ ස්ථාවරය ප්‍රසිද්ධියේ රැක ගන්නා මට්ටම දක්වා පහත වැටුණේය. 1982 ඔක්තෝබරය යාපනය මහා වර්ජන රැල්ලකින් වෙළී ගියේ ය. ටී.ඊ.එල්.එෆ්. හා ඊළාම් ශිෂ්‍ය සංගමය එසේ කළේ ජයවර්ධනගේ යාපන සංචාරයට විරෝධය දැක්වීම සඳහාය. කඩ සාප්පු වැසි‚. සිනමා දර්ශන අවලංගු විය. බස් සේවා අඩපණ විය. සිසුහු පාසල් නොගියහ. -ඊළාම් ජනතාව ආගන්තුක සත්කාරයට කැමැතියි. ඒත් ආක්‍රම‚කයන් පිළිගැනීම නොවේ˜යැයි යාපන රෝහලේ අලවා තිබූ පෝස්ටරයක ලියා තිබි‚. මේ අවස්ථාවේ දී අමිර්තලිංගම්ගේ වැදගත්කම ගැන කතාකිරීම මෝඩ ක්‍රියාවකි. උතුරු නැගෙනහිර පුළුල් දෙමළ ජනතාවට ව්‍යසනයක් වී ඇත්තේ අමිර්තලිංගම් දැන් දෙමළ නායකයා වී සිටීමයි යනුවෙන් සැටර්ඩේ රිවීව් පත්‍රය පළ කළේ ය.


1983 ජනවාරි 26 වැනිදා යාපන සරසවියේදී පාසල්වලද සිසුහු සිය ගණනක් නගරයේ පෙළපාලි ගියහ. -ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉරා දමනු˜, -අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කරනු˜, -ගුරුවරුන් හා පූජකවරුන් නිදහස් කරනු˜ යනුවෙන් ඔවුහු උද්ඝෝෂණය කළහ. මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටියන් හා සබඳකම් පැවැත්වීයැයි චෝදනා කරමිනි. පෙබරවාරි 4 වැනිදා¡නිදහස් දා යාපනය අඩපණ කළ මහා වැඩ වර්ජනයෙකි. දෙමළ ජනයාට සිදුවන අසාධාරණ ක්‍රියාවලට විරෝධය පළකිරීම සඳහා දෙමළ දේශපාලන පක්ෂ හා ශිෂ්‍ය කණAඩායම් විසින් මේ වර්ජනය කැඳැවි‚. දෙ.එ.වි.පෙ. මන්ත්‍රී ඇම්. අලාලසුන්දරම්ට පෙබරවාරි 22 වැනිදා ඔහුගේ නිවසෙහිදී වෙඩි තැබි‚. කොටි සංවිධානයට මඩ ගැසීයැයි ඔහුට ඒ ද~ුවම නියම විය. අමිර්තලිංගම් එය දැඩි ලෙස හෙළා දුටුවේය. කොටි ඉන් සිවු දිනකට පෙර පේදුරුතුඩුවේදී පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් රියැදුරකු වෙඩි තබා ඝාතනය කළහ. මාර්තු මාසයේදී තවත් හිංසා ඇති විය. කිලිනොච්චියේදී හමුදා වාහන දෙකක් ප්‍රහාරයට ලක්විය. සෙබළු පස් දෙනෙක් තුවාල ලදහ. පේදුරුතුඩුව හා කිලිනොච්චි ප්‍රහාරකයෝ කිසිම කරදයකින් තොරව පැන ගියාහ.


දෙමළ පළාත්හි හද ගැස්ම කොටි තේරුම් ගත්හ. 1983 මැයි පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වීමට අමිර්තලිංගම් තීරණය කළ විට ඔහුට ඍජුවම විරුද්ධවීමට කොටි තීරණය කළහ. ඊට කලින් වසරේ මදුරාසියේදී ප්‍රභාකරන් දෙ.එ.වි.පෙ. නායකයා හමුවී උතුරු නැගෙනහිර තත්ත්වය ගැන සාකච්ඡා කළේය. තවත් ඡන්දයක කීර්තිය අත්පත් කැර ගැනීමට ඔහුට ඉඩ දීමට ඊළමට කැපවූ ගරිල්ලන්ගෙන් කිසිම බුරුලක් නොලැබේ.


ඒ වන විට කොටි සංවිධානය තව තවත් ලෝකයේ සිය ප්‍රචාරක කටයුතු කැරගෙන ගියේය. ඔවුන්ගේ සන්නද්ධ අරගලය සාධාරණ බව කියමින් කොටි මාර්තු මාසයේදී නවදිල්ලි නොබැඳි සමුළුවේදී ලියැවිල්ලක් ඛෙදා හැරියාහ. යාපනයේදීත් දෙමළ වැසියනට සිය ගණනක් ලියුම් තැපැල් කළහ. දෙ.එ.වි.පෙ.යේ ඡන්ද ප්‍රචාරක කටයුතුවලට විරුද්ධත්වය පළ කළ ඒ ලියුම්වලින් ඉල්ලා සිටියේ ඡන්දය වර්ජනය කරන ලෙසයි. රජයට සහාය දැක්වූ දමිළයනට වෙනත් ප්‍රකාශවලින් තර්ජන ද එල්ල කැරි‚. ඡන්දයට ඉදිරිපත් වන දමිළයෝ -ජාති ද්‍රෝහියෝය. දුෂ්ටයෝය˜ ඔවුන් පැත්තකට දමන ලෙස දමිළයනට දැන්වි‚. යාපන ලේකම් කාර්යාලයේදී හෙවත් කච්චේරියේදී කොටි අප්‍රේල් 2 වැනිදා ලොකු බෝම්බයක් පිපිරැවූහ. යාපනයේ තත්ත්වය සාකච්ඡා කිරීමට හමුදාවේ හා පොලිසියේ ලොකු ලොක්කන් එහිදී රැස්වීමක් පවත්වන්නට පැය කීපයකට කලින් ඒ බෝම්බයේ දෝංකාරය රැව් පිළිරැව් දුන්නේය.


කොටි අප්‍රේල් 29 වැනිදා භීෂණය ලිහා දැමූහ. බයිසිකල් තුවක්කුකරුවෝ කේ.වී. රත්නසිංහම් වෙඩි තබා මරා දැමූහ. උණ්ඩ දෙකක් ඔහුගේ හිස පසරු කළේය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ඡන්ද අපේක්ෂකයෙකි. ඉන් දෙපැයකට පසු තවත් එජාප අපේක්ෂකයෙක් කොටි වෙඩි උණ්ඩයට බිලි විය. අසල් වැසියකුගේ ගෙදරට යද්දී මග රැක සිටි තුවක්කුකරුවෝ තිදෙනෙක් ඔහුට වෙඩි තැබූහ. එදා සවස වැල්වැටිතුරේදී කොටියෝ වාහනයක් නතර කළහ. ආරක්ෂකයා එළියට ඇද දැම්මේය. වැල්වැටිතුරේ එජාප අපේක්ෂකයා වාහනයේදී වෙඩි තබා මරා දැමුවේය. මේ සියලූම ඝාතන සිදු කළ තැන්හි තුණ්ඩු කැබැල්ලක් බැගින් දමා තිබි‚. -ඡන්දය වර්ජනය කරන්නැයි කොටි කල්ලිය කළ ඉල්ලීම කඩ කළාට ද~ුවම˜ වශයෙන් ඔවුනට නියම කළ මරණ ද~ුවම ක්‍රියාත්මක කළ බව ඒවායේ සඳහන් විය. අමු අමුවේ සිදු කළ මේ ඝාතන යළිත් භීතියත් හිරිගඩුත් මතු කළේ ය. ඉතිරි එජාප අපේක්ෂකයෝ ද ද්‍රවිඩ කොන්ග්‍රස අපේක්ෂකයෝ ද මැතිවරණයෙන් ඉවත් වූහ. ඡන්ද භූමිකාවේ ඉතිරි වූයේ දෙ.එ.වි.පෙ.ය පම‚.


එහෙත් අමිර්තලිංගම් කොටි බස් නොඅසා ඡන්ද සටන කරගෙන ගියේ ය. මැයි 18 වැනි දා යාපනයේ ඡන්ද රැල්ලකි. දිනය මැයි 8 වැනිදාය. බිය නැතිව ඡන්දය දෙන්නැයි හේ දමිළයනට කීවේ ය. අහසට වෙඩි තබමින් කොටි පැටව් හය දෙනෙක් රැස්ව සිටියවුන් පළවා හළහ. කෑ ගැසූ කොටියෙක් අමිර්තලිංගම් දෙස බැලූවේය. -ගිය අවුරුදු තිහේදී අපට මොනවාද කළේ˜ යනුවෙන් මූණටම ප්‍රශ්න කළේ ය. කොටි ඊළඟට අමිර්තලිංගම්ගේ කාරයට නැගී ලෑල්ලට පාගා එතැනින් නොපෙනී ගියහ. කාරය ආදාහනාගාරයක් ළඟ අතහැර ගොස් තිබි‚. ඉහි ඉදිරිපස වීදුරුව පොඩිපට්ටම් කර තිබි‚. රෝදවලට වෙඩි තබා හුළං ඇර තිබි‚. රැස්වීමේ වෙඩි පත්තුවීමෙන් පිරිස හිස් ලුලු අත දිවූහ. ඒත් දෙ.එ.වි.පෙ. නායකයා නොවේ සෙළවුණේ. ඊට පසු අවස්ථාවලදීත් හේ නොබා නොසැලී සිටියේය. එදා ඔහු නිර්භීත විය. තුවක්කුවට බය නැති බව කීවේ ය. ඡන්ද වර්ජකයන් ඊට හේතුව මහජනයාට කිව යුතු බව සඳහන් කළේය. මිනිසුන්ගේ තීරණය පිළිගන්නට අපි කැමතියි අමිර්තලිංගම් ගර්ජනා කළේය.


දෙමළ ඡන්දදායකයෝ ගල් ගැහෙන තීන්දුවක් දුන්හ. සියයට අනූවක් පමණ දෙනා ඡන්දය දීමට නොපැමි‚යහ. පේදුරුතුඩුවේ දී හා ප්‍රභාකරන්ගේ ගම වන වැල්වැටිතුරේ දී දෙ.එ.වි.පෙ.යට ලැබුණේ සියයට 2 ටත් අඩු ඡන්ද ප්‍රමාණයකි. යාපනයෙන් ලැබුණු සංඛ්‍යාව සියයට දහයටත් අඩුය. පෙර වසරේ දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල ඡන්දයේදී සියයට 80 ක ඡන්ද ලැබි‚. දෙමළ ජනයාගේ හ~ සේ හය වසරකට පෙර අවිවාදයෙන් පිළිගත් දේශපාලන පක්ෂයකට සිදුවූයේ පිරිමැසිය නොහැකි පාඩුවෙකි. 1982 දී යාපනයට ආ අමුත්තෙක් අනතුරු ඇඟවීමක් කළේ ය. ඡන්ද දායකයාගේ තීරණයෙන් ඒ අනතුරු ඇඟවීම සනාථ විය. -අමිර්තලිංගම්ගේ කාලය.... සීමා සහිතයි˜.


ඡන්ද වර්ජනයකින් පමණක් කොටි කල්ලිය සෑහිමකට පත් වන්නේ නැත. ඡන්දයට පැයකට පෙර සීලන් තාප්පයකින් නැග යාපනයේ කන්දමාදන් ඡන්ද පොළ පැත්තට බෝම්බයක් ගැසුවේ ය. වෙඩි ද තැබුවේ ය. සෙබළෙක් මැරුවේ ය. කොස්තාපල් වරයෙක් ද සෙබළු දෙදෙනෙක් ද පෙරළා වෙඩි තැබූහ. චෙල්ලාකිලි නිමේෂයකින් මළ සෙබළාගේ ටී¡56 තුවක්කුව පැහැර ගත්තේ ය. සීලන් ප්‍රහාරය නතර කළේ ය. සිරිත් පරිදි නොපෙනී ගියේ ය.


එය තවත් කදිම වැඩෙකි. කෝපයට පත් සිංහල සෙබළු ඉවක් බවක් නැතිව ගෙවල් ගිනි තැබූහ. ගෙවල් 64 ක් වැනැසූහ. පුංචි බස් 3 ක්, කාර් 9 ක්, මෝටර් සයිකල් 3 ක් හා බයිසිකල් දුසිම් ගණනක් ද පැය තුනකදී වැනැසූහ. කැරැලි ගැසූ සෙබළ මුළු වහා ඉවත් කැර‚. සෙබළු 6 දෙනෙක් නෙරපා හැරි‚. අනූ දෙනෙක් හමුදාවෙන් පැන ගියහ. සෙබළුනට අනුකම්පාව දැක්වූ නිලධරයන් හය දෙනෙකුද පහ කැර ඔවුන්ගේ නිලතල ද අවලංගු කැරි‚.


එතෙක් නිහ~ව සිටි ප්ලොට් කල්ලිය ජූනි 1 වැනිදා ගුවන් හමුදා නිලධරයන් දෙදෙනෙකු වව්නියා නගරයේදී මග රැක සිට මරා දැමුවේ ය. මේ ප්‍රහාරය ද දෙමළ විරෝධී ගිනි අවුලූවා ලුයේ ය. බහු ජාතීන් වෙසෙන වවුනියාව ඇතුළු නගර 40 ක කලබල ඇති විය. දෙමළ ඊළාම් විමුක්ති හමුදාව හෙවත් ටෙලා කොළඹ, යාපන යාල් දේවී දුම්රිය ගිනි ලෑවේය. රජයේ දේපොළවලට ඉඳහිට එල්ල වූ ප්‍රහාර වර්ධන වන බව පෙන්නුම් කළේ ය. ජූලි මාසය කොටි කල්ලියට අපල උදා කළේ ය. සෙබළුන් පුරවාගත් කුඩා බසයක් හා ජීප් දෙකක් චාවකච්චේරිය අසල මේසාලෙයි වෙතට පැමි‚යේ ය. පොලිසියට ඛෙහෙවින් ඕනෑ කර සිටි සීලන් එහි සිටිතියි ඔත්තුවක් ලැබී තිබි‚. අත්තෙන් ම ඔහු එහි සිටියේ ය.


සෙබළුන් එද්දී ඔහු කුරුම්බා ගෙඩියක් බොමින් සිටියේ ය. කොල්ලෝ දෙදෙනෙක් සීලන් වෙත දුව ගොස් අනතුරු ඇඟැවූහ. තුවක්කුව මල්ලකට දමාගත් සීලන් නවාතැනින් පැන ගත්තේ ය. එවිට හිරු අවරට හැරෙමින් සිටියේ ය. අරුණ ආනන්ද් හා ගනේෂ් ද සීලන් සමග බයිසිකල්වලින් පැන ගියහ. අරුණ අත තුවක්කුවකි. ගනේෂ් ළඟ බෝම්බ කිහිපයෙකි. සෙබළු ඔවුන් හඳුනාගෙන වෙඩි තැබූහ. තිදෙනාම බයිසිකල් අතහැර දෙපාවලට පණ දෙමින් කුඹුරක් මැදින් දිවූහ. දන හිස තුවාල වී සිටි සීලන්හට සෙසු සගයන් මෙන් දිවීම අපහසු විය. චාවකච්චේරි ප්‍රහාරයේ සිදුවූ ඒ තුවාලය සුව නොවී තිබි‚. අරුණ හා ගනේෂ් සමග දුවන්නට ගත් උත්සාහයේදී කකුලේ වේදනාව ඔහුට දරාගත නොහැකි විය.


සටන අත්හරින්නට ඔහු තීරණය කරන විට ද සෙබළ උණ්ඩ ඔහු සොයා ආයේ ය. තුවාලයේ වේදනාවෙන් ද තෙහෙට්ටුවෙන් ද හෙම්බත් වූ සීලන් තවදුරටත් දුවන්නට නොහැකිව අරුණ ඇමැතීය. ත්‍රිකුණාමලයේදී එකට පාසල් ගිය මිතුරාගෙන් ඉල්ලීමක් කළේය.


-මට වෙඩි තබා මගේ තුවක්කුවත් අරන් පලයන්˜ ඒ කතාවෙන් අරුණ අන්දුන් කුන්දුන් විය. කොටි කල්ලියේ දෙවැනි නායකයා තරමට පිළිගැනීමක් ඇති පුද්ගලයා මරා දමන ලෙස කළ ඉල්ලීමෙන් අරුණ ඉමහත් කලබලයට පත්විය. ගමකට යෑම සඳහා තව ටිකක් දිව්වොත් ඇති යැයි අරුණ කීවේ ය.


තව අඩියක්වත් දුවන්න බැරි බව කී සීලන් එතැනම තමා මරා දමන ලෙස අරුණට අණ කළේ ය.


-වෙඩි තියපන්. මමයි උඹට කියන්නේ˜ සීලන් කෑ ගැසුවේය.


පසු පසින් ලූහු බඳින සතුරන් අඩියෙන් අඩිය ළං වෙද්දී, කුඹුරක් මැදදී සීලන් යළිත් මිතුරා ඇමැතීය. -ඇයි උඹ කට ඇරගෙන බලා ඉන්නේ˜ සීලන් ඇසුවේය. -මට වෙඩි තියාපන් එවිට පණ පිටින් සතුරන්ට අහුවෙන්නේ නැහැ˜ ඒ වචන ද සීලන්ගේ ය.


අරුණ රයිපලය අතට ගත්තේ ය. සීලන්ගේ මුහුණට ඉලක්ක කළේ ය. ඇස් විදහා බලා සිටි සීලන්ගේ ඇස් ගොබළු කඳුළින් පිරී තිඛෙනු අරුණ දුටුවේය. යළිත් ඔහු කොකාගෙන් අත ඉවතට ගත්තේය. -වෙඩි තියාපන්˜ සීලන් ඇයැද සිටියේ ය.


අරුණ සීලන්ගේ නළලට තුවක්කුව තැබුවේ ය. හරියට දෑස් දෙකට මදක් උසිනි. කොකා ගැස්සුවේය. සීලන් මැරී වැටුණේ ය.


ආනන්ද් ඒ වන විට තරමක් දුරින් සිටියේ ය. සිදු වූයේ කුමක් දැයි ඔහුට ඇස් අදහා ගත නොහැකි විය. ඔහු ද ඒ වන විට තුවාල ලබා සිටියේ ය.


අරුණ සීලන්ගේ තුවක්කුව රැගෙන දුවද්දී ආනන්ද් ඔහු නතර කළේය. සීලන් මෙන් ඉල්ලීමක් කළේය. -මටත් වෙඩි තියා පැන ගනින්˜ අරුණ එවර දෙගිඩියාවෙන් වැනුණේ නැත.


සීලන්ගේ මරණය කොටි කල්ලියට දරුණු පසුබෑමක් විය. සිරුර හඳුනාගත් පසු සෙබළු අමන්දානන්දයට පත්වූහ. පසුගිය දෑවුරුද්දේ දී අන් කිසිවකුටත් වඩා ඔහු කොටි කල්ලියට ලොකු සේවයක් කළේ ය. ඔහු නීර්වැලි බැංකු කොල්ලයට හවුල් විය. 1981 ඔක්තෝබරයේදී සෙබළු දෙදෙනෙක් මරා දමනු ලැබූහ. 1982 ජනවාරියේදී ප්ලොට් කල්ලියේ සුන්දරම් මැරුවේය. චාවකච්චේරි පොලිස් ප්‍රහාරය මෙහෙයැවී ය. 1983 මැයි මැතිවරණය කඩාකප්පල් කළේ ය. දෙවරක්ම තුවාල ලැබූ ඔහු ඒ දෙවාරයේදීම සුවය ලබා සටන් බිමට ගියේ ය. ප්‍රභාකරන් දැඩි ලෙස ඇදැහූ පුද්ගලයෙකි සීලන්. සීලන්ගේ මරණය සැළවන විට ප්‍රභාකරන් නීර්වැලියේ රහසිගත ස්ථානයක සැඟවී සිටියේ ය. කිට්ටු, චෙල්ලාකිලි, පණ්ඩිතාර් හා ඔහු කල්ලියේ අය වැය පිරික්සමින් සිටියාහ. ප්‍රභාකරන් මොහොතකට ගල් ගැහුණේ ය. ඔහුගේ හැඟීම් කවරාකාරදැයි සිතා ගන්න බැරි වුණා. ඒත් ඔහු ගැඹුරු කල්පනාවක සිටියා යැයි කිට්ටු පසුව සිහිපත් කළේ ය. ප්‍රභාකරන් නියත වශයෙන් ම පළිගනු නිසැකය. සීලන්ගේ මරණය වෙනුවෙන් ද~ුවම් ඒකාන්තයෙන් ම ලැඛෙනු ඇත. සැබැවින් ම හිංසා වැලකට මුල එතැනය.


දෙමළ සටන්කාමී මග ද එයින් වෙනස් වනු නොඅනුමානය. දෙමළ සටන්කාමීන්ගේ කටයුතු පුවත්පත්හි පළ කිරීම තහනම් කැරෙන නියෝග › ලංකා රජය ජූලි 20 වැනිදා නිකුත් කළේය. ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ෙජ්.ආර්. ජයවර්ධන විසින් එදිනටම කැඳැවූ සර්ව පාක්ෂික සමුළුවට පැමිŒම දෙ.එ.වි.පෙ.ය ප්‍රතික්ෂේප කළේ ය. ජූලි 23¡24 මන්නාරමේ පැවැත්වෙන සමුළුවට සූදානම් වන ඔබ හේතු වශයෙන් දැක්වි‚. › ලංකාවේ දෙමළ පළාත්හි හිංසා ගැන මදුරාසි හින්දු පත්‍රය සංවේගය පළ කළේ ය. යාපනයේ මෑතදී වූ ත්‍රස්තවාදී වැඩ හා වේගයෙන් සිදු වූ අන්තවාදී කටයුතු නොමගට හැරුණු කුපිතකාරී නියෝජිතයන්ගේ ක්‍රියා බව නිසැකය. මේ තේරුමක් නැති හිංසා හා සටන්කාමී කටයුතුවලින් දෙමළ අයිතිවාසිකම් රැක ගැනීම දෙ.එ.වි.පෙ. නායකයන්ගේ යුතුකමයි.


ඒ ප්‍රකාශය සනාථ කරන්නට දෝ දෙ.එ.වි.පෙ.යට තවදුරටත් කොල්ලන් පාලනය කළ නොහැකි විය. කලින් ඔවුහු දෙ.එ.වි.පෙ.යෙන් දිරිය ලබා ගත්තෝ වූහ. සීලන්ගේ මරණය වෙනුවෙන් පලි ගැනීමට කොටි ලොකු සැලැස්මක් කළහ. යාපන සරසවියට නුදුරේදී තින්නවේලියේදී හමුදා වාහන පෙළකට සැඟැවී පහර දීමේ සැලැස්මක් චෙල්ලාකිලි ද කිටුටු ද පිඹුරුපත් කළහ. තෝරාගත් තැන පාටු පාරකි. දුරකතන කම්බි ඇතිරීම සඳහා පාරේ කාණු කපා තුබූ තැනෙකි. සැලැස්ම බැලු ප්‍රභාකරන් ස්ථානයට අනුමැතිය දුන්නේ ය. ඉතා සියුම් ලෙස සැකැසූ මේ ප්‍රහාරයට කොටි කල්ලියේ නායකකාරාකාදීන් සියලූ දෙනාම සහභාගි වීමට නියමිතය. ප්‍රභාකරන්, කිට්ටු, චෙල්ලකිලි, අයියර්, වික්ටර්, පුලේන්ද්‍රන්, සන්තෝසම් හා අප්පයියා ද වෙනත් අය අතර ඊට හවුල්වීමට සිටියාහ.


හමුදාව ඔවුන්ගේ ම ලෝකයක ජීවත් වූයේ ය. සීලන් නැති කර දැමීමට සමත් වූ හමුදාව චෙල්ලාකිලි සෙවුවේ ය. ඒත් ඔහු කුමක් කරන්නේදැයි සිතුවේ නැත.


පෝර් පෝර් බ්‍රාවෝ යනුවෙන් නම් කැරුනු හමුදා මුර සෝදිසියක් ජූලි 23 වැනිදා රාත්‍රි ගුරුනගර් කඳවුරෙන් ජීප් හා ට්‍රක්රියකින් එළියට ගියේ ය. සෙබළු 15 දෙනෙක් එහි වූහ.


උරුම්පිරායි පෙදෙසට යන බව පැය 23.28 ට මූලස්ථානයට වාර්තා කළේ ය. ඒ වන විට සියල්ල හොඳින් සිදු විය. මොහොතින් මුර සංචාරක සෙබළු තිත්නවේලියට ළඟාවූහ. කොටි ඔවුන් එනතුරු මග බලා සිටියහ.


ඒ වන විට චෙල්ලාකිලි වික්ටර් හා අප්පයියා පාරේ පිපුරුම් උපකරණ සවිකැර අවසන් වරට ද පිරික්සා බලමින් සිටියහ. පදිංචිකරුවෝ කිහිප දෙනෙකු කිසියම් කුතුහලයකින් ජනෙල්වලින් එබිකම් කළත් හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි චෙල්ලාකිලි හා වික්ටර්, සිංහලෙන් ඔවුන් වෙත කඩා පැන්නාහ. උපක්‍රමය සාර්ථක විය. හමුදාව කෙරෙහි ඇති වූ බිය නිසා ඔවුහු ගෙවල් ඇතුළටම වැදී දොර ජනෙල් තවත් තද කර වසා ගත්හ. විදුලි පහන් දැල්වුණු නිවෙස්හි එළිය ද නිවා දැමි‚.


චෙල්ලාකිලි බිම් බෝම්බය පිපිරුවීය. බියකරු හඬින් ජීප්රිය අහසට නැග එවැනිම හ~ක් නගමින් බිමට පතිත විය. සැඟැවී සිටි කොටි එවිටම ක්‍රියාත්මක වූහ. තුවක්කු වර්ග කිහිපයකින් වෙඩි වැස්සක් පතිත කළහ. බෝම්බ හා පෙට්‍රල් බෝම්බ දුසිම් ගණකක් ගැසූහ. වෙඩි තබමින් ට්‍රක් රියෙන් එළියට බට සෙබළුන්ගෙන් වැඩි දෙනා මරුමුවට පත්වූහ. ප්‍රභාකරන් තාප්පයකට මුවා වී ජී. 3 තුවක්කුවෙන් ට්‍රක් රියට වෙඩි එල්ල කළේ ය. පණ බේරාගත් සෙබළෙක් ට්‍රක් රිය යටට වී තාප්පයට වෙඩි තැබුවේ ය. පණ බේරාගෙන සිටි සෙබළුන් මරා දැමීමේ කාරිය ප්‍රභාකරන් හට පැවැරී තිබි‚. බිම්බෝම්බය පුපුරුවා හැරීමට නියමිතව තිබුණේ ට්‍රක් රිය එතැනින් ගමන් කරද්දී වුවත් චෙල්ලාකිලි ජීප් රිය පුපුරුවා හැරියේ ඇයි දැයි කිසිවෙක් දැන නොසිටියහ. ප්‍රහාරය කෙටිය. එහෙත් දරුණුය. සෙබළු 13 දෙනෙකුගේ මරණයෙන් අවසන් විය. දෙමළ සටන්කරුවන් වෙතින් රජයේ හමුදාවට එල්ල වූ ලොකුම ප්‍රහාර ය එය විය. ප්‍රහාරයෙන් පසුව ජයග්‍රාහී කොටි ප්‍රභාකරන් වටේ රැස්වී හද ගැස්මෙන් යුතුව කතා කරමින් සිටියාහ. වැඩක් හරියට කළැයි ප්‍රභාකරන් සියලූ දෙනාටම සුබ පැතුවේ ය.


ප්‍රහාරය සැළැසුම් කරමින් ප්‍රභාකරන් තින්නවේලියට රැගෙන ගිය රිය පැදවූ චෙල්ලාකිලි එතැන නොසිටි බව කිට්ටුට මතක් විය. චෙල්ලාකිලි ස්ථානගත කැර සිටි කඩය ළඟට වික්ටර් දිව්වේය. චෙල්ලාකිලිගේ සිරුරෙන් ඒ වන විට ලේ ගලමින් තිබි‚. උණ්ඩයකින් ඔහුගේ පපුව පසාරු වී හමාරය. දෙසතියක දී කොටි කල්ලියට අත් වූ දෙවැනි ප්‍රබල පසුබැස්ම එයයි. සොම්නස දොම්නසට හැරවෙද්දී කොටි ඉබේටම නිහ~ වූහ. පණ බේරාගත් සෙබළකු ප්‍රහාරය ගැන මූලස්ථානයට දන්වා සිටි නිසා කොටියන් එම ස්ථානය හැර දමා යා යුතුව තිබි‚. සෙබළුන්ගේ අවි ද චෙල්ලාකිලිගේ සිරුර ද වෑන් රියක පටවාගෙන යද්දී පොද වැස්සක් වැටි‚. චෙල්ලාකිලිගේ සිරුරද මිහිදන් කැරි‚. සැඟැවුමට ආ ප්‍රභාකරන් හැ~ුවේය. වැළැපුණේ ය. ඒත් වෑන් රියේ දී ඔහු ආවේග තද කැරගෙන නිහ~ව ආයේ ය. ඔහු අ~නු දුටු සෙස්සෝ ද හැ~ූහ. ප්‍රභාකරන් අ~නු කිට්ටු විසින් දක්නා ලද මුල් අවස්ථාවත් අවසන් අවස්ථාවත් එය විය.


සටහන්


1. › සභාරත්නම් විසින් ප්‍රභාකරන්ගේ ගෙය පොලිසියට පෙන්වූ බව ප්‍රභාකරන්ගේ ජීවිත කතාව ලියන පී. නැදුමාරන් කියයි. පිට 15


2. දොරේ අප්පා මිනීමැරුම් නඩුවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී ඇස්. නඩරාජාට කොටි කල්ලිය 1988 දී වෙඩි තැබුවේය. ඉන්දියා සාම සාධක හමුදාව සමග ඉන්දියා නිදහස් දින උළෙලට සහභගි වීම ඊට හේතුවයි.


3. ප්‍රභාකරන් හට ජීවත්ව සිටීමේ අවස්ථාව ලැබුණේ තම ආරක්ෂාව පිළිබඳව ජන්මයෙන් මෙන් ඇතිවූ ඉවෙන් ක්‍රියා කිරීම නිසා යැයි ඔහු විවේචනය කරන්නෝද කියති. 1986 මදුරාසියේදී ඔහුගේ ආරක්ෂාවට ඇති ඕනෑකම ඉන්දියා පුවත්පත් කලාවේදියෙක් දුටුවේය. ඒ ඔහුගේ පින්තූර ගැනීමට ගිය අවස්ථාවේදීය. චේ ගෙවාරාගේ පිළිරුවක් පාමුල වාඩිවී රිවෝල්වරය අල්ලා ගන්නැයි පත්‍ර කලාවේදියා ඔහුට කීවේ ය. ප්‍රභාකරන් ඊට එකඟ විය. එය අල්ලා සිටිය යුත්තේ කෙසේ දැයි පෙන්වීම සඳහා රිවෝල්වරය ඉල්ලා සිටි විට ප්‍රභාකරන් වහා එහි පතුරොම් කොපුව ගලවා රිවෝල්වරය පත්‍රකලාවේදියාට දුන්නේය. රිවෝල්වරය යළි ඔහුට දුන් පසු පතුරොම් යළි පුරවා ගත්තේ ය.


4. පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජා සමග පැවැති සාකච්ඡාවල දී ප්‍රභාකරන් පුන පුනා සුභාෂ් චන්ද්‍රබෝ්ස් ගැන සඳහන් කළ බව මන්ත්‍රීවරයා කියයි.


5. නව දෙමළ කොටි ටී.එන්.ටී. කල්ලියේ ප්‍රකාශනය වන සටන් දින පොත ඇතුළු කොටි ප්‍රකාශ අනුව ටී.එන්.ටී. ආරම්භක වර්ෂය සේ 1972 සඳහන් කරයි. ඒත් දිනයක් නොකියයි. එහෙත් දින රහිතව කොටි කල්ලියේ දේශපාලන අංශයෙන් පළ කැරුණු පත්‍රිකාවකින් කියැවෙනුයේ එය 1974 දී පිහිටැවුණු බවයි. 1974 දී මදුරාසියේ එග්මෝරයේ තම නිවෙසේ සුබාෂ් චන්ද්‍රබෝස්ගේ පින්තූරයක් පාමුල දී ටී.ඇන්.ටීය පටන්ගත් බව ජනර්ධනම් කියයි. ප්‍රභාකරන් තමාට ඒ බව කී නිසා තමා දැන සිටි බවද හේ කියයි. ප්‍රභාකරන් විසින් ටී.එන්.ටී. 1972 දී පිහිටුවා 1974 දී ඒ බව ජනර්ධනම්ට කියන්නටද ඉඩ ඇත. එහෙත් ආරම්භක වර්ෂය 1974 වශයෙන් කොටි පත්‍රිකාවක සඳහන් කරනුයේ ඇයි දැයි පැහැදිලි නැත.


6. ප්‍රභාකරන්ගේ මුල්ම සගයකු වන අරුල් ප්‍රගාසම් හෙවත් අරුලර් කියනුයේ ඉනුවිල්හි එක් තුවක්කුකරුවකු වූයේ ප්‍රභාකරන් බවයි.


7. කොටි කල්ලියේ හිටපු සාමාජිකයකු කියනුයේ කොටි ලාංඡනයේ අදහස් ප්‍රභාකරන් සිතට ආයේ ගිනිපෙට්ටියකින් බවයි.


8. සිද්ධිය තමාට අමතක යැයි අරුලර් කියයි. ඉන්දියා සාමසාධක හමුදාව ඉවත්ව ගිය පසු 1990 දී ප්‍රභාකරන් හමුවූ විට එය ප්‍රභාකරන් විසින් සිහිපත් කළ බව අරුලර් කියයි.


9. ප්‍රභාකරන් ඉබේම ඉගෙනගත් ගරිල්ලෙකු බව කිට්ටු ඉලස්ටේ්‍රටඩ් වීක්ලි ඔෆ් ඉන්දියා සඟරාවට¡1987¡10¡5¡ කියා තිබි‚. අදාළ උපක්‍රම වැඩි හරියක් පොත පත කියැවීමෙන් ලබාගත් බවද හේ කියයි. ඔහු අපට යුද වීඩියෝ පෙන්වීමට පුරුදුවී සිටියා. එයින් අපට මෙහෙයුම් ගැන කෙළින්ම තොරතුරු ලැබුණා. ප්‍රභාකරන් ඒ බව නිව්ස්වීක් සඟරාවට (1986 අගෝස්තු 11 වැනිදා) කියා තිබුණා. තනිකරම ඉබේ ඇති කරගත් පුහුණුවෙන් හමුදා දැනුම ලබාගත් බව ඔහු කියා තිබුණා. -මම මගේ ඉව පාවිච්චි කරනවා ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ චිත්‍රපට ඇතුළු යුද චිත්‍රපට බලනවා˜


10. විනය කඩ කළැයි පත්කුනන් හා මයිකල් ප්‍රභාකරන් විසින් නිකම්ම පහකැර දැමූ බව නැදුමාරන් සිය පොතේ සඳහන් කරයි.


11. මෙහෙයුම් කිහිපයක් සඳහා ටෙලෝ සමග කල්ලි ගැසුණු බව කොටින්ගේ සටන් දිනපොතේ සඳහන් වෙයි. හවුල 1980 දී ඇති කැර ගත් බව කොටි කියති. එහෙත් ටෙලෝ නායකයන් අත්අඩංගුවට ගෙන සිරගෙට යැවීමෙන් පසු සබඳතා බිඳ දැමූ බව ද කියයි. 1984 අප්‍රේල් මාසයේදී තංගතුරේ හා කුට්ටිමනී අත්අඩංගුවට ගැනි‚. එහෙත් සටන් දිනපොතේ සටහන් වන්නේ දෙමළ ගරිල්ලන් හමුදා සෙබළුන් දෙදෙනකු රැක සිට පහරදී මරා දැමූ වකවානුවේ එනම් 1981 ඔක්තෝබරයේදී හවුල පූට්ටුවී තිබූ බවයි. වෙනත් දෙමළ ආරංචිමාර්ග කියනුයේ කොටි ටෙලෝ පූට්ටුව 1982 මුල් කාලය දක්වා පැවැති බවයි.


12. තමිල්නාඩුවේ දී බසයකින් යද්දී හිටපු සෙබළකුගෙන් මිලට ගත් රයිපලයක් තමා එළිපිට රැගෙන ගිය බව හිටපු කොටි සාමාජිකයෙක් කියයි. එහෙත් මගීහු කිසිවෙක් ඔහුගෙන් ප්‍රශ්න නොකළහ. මා සල්ලිකාර ඉඩම් හිමියෙකියි කවුරුත් සිතන්න ඇති යි හේ කියයි.


13. එක් ආරංචි මාර්ගයක් අනුව ප්‍රභාකරන්හට ඒ.කේ. 47 තුවක්කුවක් තිබුණේ නැත. එහෙත් පුංචි මැෂින් තුවක්කු දෙකක් තිබි‚.


14. සමූහ පැන යෑම් ගැන පොලිසිය දැන ගත් බවත් ගමන සංවිධානය කළේ කවුදැයි දැන ගැනීමට ඔහුට වදහිංසා කළ බවත් ෂිවාජි කීවේය. එහෙත් බෝට්ටුකරු කිසිවකු පාවා දුන්නේ නැත. ඇඳට උණ්ඩ පහර ආවේ කෙසේ දැයි දැන ගැනීමට ගමනට එක්නොවූ මහත්තයා පසුදින ශිවාජිගේ ගෙදරට ගියේය. කලබල නොවන්නැයි ශිවාජි මහත්තයාට කීවේය. ශිවාජි ප්‍රභාකරන් දුටු අවසන් වතාවද එයයි. පස් අවුරුද්දකට පසු කොටි ටෙලෝ කල්ලියට විරුද්ධව යුද වැදුණු අවස්ථාවේ කොටි තුවක්කුකරුවෝ ශිවාජි අල්ලා ගැනීමේ අදහසින් ප්‍රභාකරන් නතරවී සිටි ගෙය වට කළහ. ඒ වන විටද ශිවාජි ටෙලෝ කල්ලිය සමග සිටියේය.


15. තමා නැති අවස්ථාවලදී ටෙලෝ කල්ලියට ප්‍රභාකරන් හා සබාරත්නම් ඇතුළු තිදෙනෙකු විසින් නායකත්වය දිය යුතු යැයි තංගතුරේ සිරගෙදර සිට ප‚විඩයක් යැවූ බව දෙමළ ආරංචිමාර්ග කියයි. ප්‍රභාකරන් ඊට කැමැති වූයේ නැත.


16. -ත්‍රස්තවාදයේ දේශපාලනය˜ හෙවත් ඡදකසඑසජි දෙ ඔැරරදරසිප සිංහ රත්නතුංග


17. 1986 දී පොත දෙමළෙන් පළ කළ විට ප්‍රභාකරන් පිටපත් 2000 ක් ඇනැවුම් කළ බව නැදුමාරන් කීවේය.


18. සටන් දින පොත් හෙවත් ෘස්රහ දෙ ක‍දපඉ්එ කියනුයේ සීලන් ඇතුළු කොටියන් දෙදෙනකු තුවාල වූ බවයි. එහෙත් කිට්ටු මදුරාසියේ දේවි සඟරාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත්තේ තිදෙනෙකු තුවාල වූ බවයි.


(ලංකා කොටි¡එම්.ආර්. නාරායන් ස්වාමි පරිවර්තනය ඩබ්ලිව්,ජී,ගුණරත්න)





රට වෙනුවෙන් පැතූ පැතුමක්.....

ජල තරංග එයි නැගී එයි නැගී යයි බිදී තිසා වැවේ මට පෙනේ සැරින් සැරේ නොනවතී නොනවතී අර පෙනෙන්නෙ දාගැබයි රුවන් වැලී මා සිතේ මේ පිපෙන්නෙ ප්‍රීතියයි...