Posts

Showing posts from 2009

රට වෙනුවෙන් පැතූ පැතුමක්.....

Image
ජල තරංග එයි නැගී එයි නැගී යයි බිදී තිසා වැවේ මට පෙනේ සැරින් සැරේ නොනවතී නොනවතී අර පෙනෙන්නෙ දාගැබයි රුවන් වැලී මා සිතේ මේ පිපෙන්නෙ ප්‍රීතියයි ඇයි උපන්නෙ ඒ ලෙසේ මා සිතේ අපි වදින්නෙ මේ ලෙසින් ප්‍රීතියෙන් ඒ දිනේ එදා දිනූ සුර විරූ රජු තැනූ දාගැබයි මේ ලෙසේ ඒ වැවේ ජලේ දිනන්නේ අප කුසයි කෝ මෙදා ඒ විරූ රජවරූ සැලෙන බිදෙන දියරැලි මට කියයි කතාවක් නැවත නගින විට දෙයි මට දිලෙන අනාවක් උපදීවා පිනැති රජෙක් නැවත වතාවක් අස් වදින්න ඒ පැනින් දස දහස් වතාවක් චමි

කිරි අල

Image
තෙත් කලාපයේ ගෙවතු පරිසරයේ සම්ප්‍රදායික යැපුම් බෝගයක්ව පැවති කිරිඅල, අද විශාල විදේශ වෙළදපොලක් ඇති මුදල් උපයන බෝගයකි. කිරිඅල කන්න බෝගයක් නොවේ. වසරේ ඕනෑම කාලයක ජල පහසුකම් සහිත ඉඩම් වල එය වගාකළ හැකිය. දේශගුණික අවශ්‍යතා කිරිඅල සෙවන ලැදි බෝගයකි. එසේ වුවද, වියළි හා අතරමැදි කලාපවල ආන්තික කුඹුරු වල, තෙත් කලාපයේ බෑවුම් හා ඕවිටි බිම්වල, විවෘත බිම් තත්වයෙන්, ප්‍රධාන බෝගයක් ලෙසද මහා පරිමානයෙන් වගාකෙරේ. සෙවන දක්වන ලැදියාව නිසා කිරිඅල තෙත් හා අතරමැදි කලාපයේ පොල් හා කෙසෙල් වගා සදහා යෝශ්‍ය අතුරු බෝගයකි. එසේම එය අඩු අවදානයකින් රැකබලාගත හැකි, කෘමි හා ලෙඩ රෝග ඉතා අවම මට්ටමක පවතින බෝගයක් ද වේ. නිර්දේශිත ප්‍රභේද ඉසුරු වෙළදපොලට යෝග්‍ය ඉහළ ගුණාත්මයේ අල නිපදවයි. ඕනෑම වගා ක්‍රමයකට අනුවර්තනය වේ. අවම අවධානයක් යටතේ මාස 8 – 10 දී වැඩි අස්වැන්නක් ලබාදේ. රෝපණ ද්‍රව්‍ය වගාවක අස්වනු නෙලීමෙන් පසු ලබාගන්නා මව් අල, පැල නිපදවා ගැනීම සදහා භාවිතා කළ හැකිය. හොදින් වැඩුණු මව් අලයකින් සිටුවීමට සුදුසු තත්වයේ පැල 15 පමණ ලබා ගැනීමට පිළිවන. පවතින වගාවක වැඩි අස්වැන්නක් ලබාදුන් මව් අල වලින් ලබාගන්නා පැල සිටුවීමෙන් වැඩි අස්වැන්නක් ලැ...

කෘෂිකර්මාන්තය වෙනුවෙන්.......

වැල්දොඩම් උද්භිද විද්‍යාත්මක නාමය Passiflora edulis Sims කුලය : පැසිෆ්ලොරේසියේ ( Passifloraciae ) උද්භිද විද්‍යාත්මක නාමය වැල්දොඩම් Passiflora edulis Sims ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අතර මෙම විශේෂය තුළ එකිනෙකට වෙනස් ආකාර ( Forms ) දෙකක් දක්නට ඇත. එනම් දම් පැහැති ආකාරය ( Passiflora edulis F. edulis ) සහ කහ පැහැති ආකාරයයි. ( Passiflora edulis f. flavicarps ) සම්භවය : මින් දම් පැහැති වැල්දොඩම් බ්‍රසීලයේ සම්භවය වී ඇතැයි සැලකේ. කහ වර්ගයේ සම්භවය නිශ්චිතව නිගමනය කොට නැති අතර එය දම් පැහැති වර්ගයේ ජාන විකෘතියක් මඟින් හෝ දම් වර්ගය වෙනත් පැසිෆ්ලෝරා විශේෂයක් සමඟ දෙමුහුන් වීමෙන් ඇතිවිනැයි අනුමාන කරයි. වගා කරන ප්‍රදේශ : දැනට වැල්දොඩම් වැඩි වශයෙන් වගා කරනු ලබන්නේ කළුතර, ගම්පහ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලය. නමුත් මෙම බෝගය ගාල්ල, කොළඹ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල ද පහසුවෙන් වගා කළ හැකිය. අනුරාධපුර හා යාපනය වැනි වියළි කලාපීය ප්‍රදේශවල ජල සම්පාදන පහසුකම් යටතේ පමණක් වගා කල හැක. භාවිතය : වැල්දොඩම් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යුෂ නිපදවීම සඳහාය. අලුත් පලතුරක් ලෙස එය ආහාරයට ගනු ලබන්නේ ඉතා කලාතු...

හෙල රුවන් පුතේ

හෙල රුවන් පුතේ නොනිදා නැගිටින්නේ ලක් මව සුරකින ලෙසින් පුතේ කල එලි බසින්න කුමරුවනේ ගිනි ගෙන දැවෙනා මුතු ඇටයේ අගය රකින්නට යලි ආයේ නිදිගැට හැරදා කඩුව මුවතියන් සටනට යන්නට වරෙන් පුතේ අදත් එදා මෙන් රැකුමට තොපගේ රට ඇත ඇවිලී යුද ගින්නෙන් නුඹ නැති පාඩුව දැනේ පෙරමුනේ ඉන්නා නුඹගේ සොයුරු සිතේ රැකගෙන මවzබිම සතුරන්ගෙන් දෙවෙනි යුද්දෙ කලු සුද්දන්ගෙන් පලවා මේ හැම නුඹ නිවසින් කරන්න මේ දෙස දැහැමි දැයක් සපුමල් කුමරුවනේ දැය හිමි සපුමල් කුමරුවනේ

දහම් දැයක් අපි ගොඩ නගමූ

රට දැය ජය බිම ලෙසට ගෙනා සිහල පුතුන් අද මව් බිම නිදනා වීර විකුම් පෑ පෙර දින ලෙසිනා සිංහ පුතුන් ඒ දිවි දුන්නා රට මිස මා නැත අරමුණ පෙරටම ගෙන ගිය විරුවො පෙරදා ලෙසින් ගැමුණු යුගය ඒ ගොඩනැගු විදියෙන් නව යුගයක් අද ගොඩ නගමූ යුද්ධය අවසන පෙර විරුවෝ සිවුර තුලට වී යුධ කෙරුවෝ යුද්දෙට පසු උන් ඔවුන්ගෙ සිත් තුල කෙලෙස් මලත් ගෙන යුද්ධ කලෝ අවි ගත් යුද්ධය මේ ලෙස ඉවරව තීරණයන් මේ ගෙන යන්නේ ධර්මය හිස මත තබා ගැනීමම සුද්දෙට මුල් පියවර වන්නේ පහව කෙරේවා වෛරයේ ගිනිදැල් උදා කරන්නට සාමයේ අරුණළු මේ සිත් පුබුදා සදහම් හමුවේ දහම් දැයක් අපි ගොඩ නගමූ 2009-6-15 චමින්ද

යුධ ජය මත හිඳ

යුධ ජය මත හිඳ සතුටින්ම උතුරමින් සිනා මල් පුබුදන්න දිවි දුන්න විරුවනේ සදා නොමැරී ඉන්න අවසරයි කුමරුනේ ඉතින් අප හිනැහෙන්න සතුරන්ගෙ පැරදුමේ ජය කොඩිය ඔසවන්න දිවි දුන්න උන් නිසා සතුට උතුරා ගියා පුද කලද දිවි දෙවා අප දමා ඔබ ගියා හිනැහිලා සතුටු වී ජය කෙහෙලි ගෙන අයා බලමු පිටුපස හැරී උඩුකුරුව වැතිරෙනා විරු පුතුන් බිහිකලා සතුරු කැල සුං කලා රට රැකපු උන් නිසා සිනා මල් පිබිඳුනා හ`ඩන හදවත් තුලට මෙත් ගඟ=ල් හරවලා සිහි කරමු උන් නමින් මව් පියන් නමඳලා හිනැහෙමින් යන දිහා අප ඉන්නෙ බලබලා පයෙන් පය ඉදිරියට තබන විරු දෙස යොමා සතුටින්ම උතුරන්න හිත නොහොඳ අතැරලා දිරි ගන්න සොයුරනේ ජය ටැඹම දෙස බලා 2009-1-2

මගේ අන්තර්ජාල ආගමික පාරවල්

මගේ අන්තර්ජාල ආගමික පාරවල් ටික එකතු කරලා අලුතින් වෙබ් පිටුවක් හදා ගත්ත. ඉදිරියේදී හම්බවෙන අලුත් ඒවත් එකතු කරන්න බලාපොරොත්තු වෙනව ඔබ දන්නා වෙබ් ලින්ක් එවන්න. මේ මඟ යන්න තෙරුවන් සරණයි

බුද්ධි පරීක්ෂණය

Image
ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය අපට හමු වන්නේ කොතැනින් ද? පොසොන් පෝදා මුව දඩයමේ ගිය දෙවනපෑතිස් රජු හා මිහිඳු හිමියන් අතර ඇති වූ සංවාදය අප උගෙන තිබේ. එය රජුගේ ප්‍රඥාව හා බුද්ධිය මැන බලනු වස් කරන ලද අගනා බුද්ධි පරීක්ෂණයක් බව වඩා හොඳින් විමර්ශනය කර බලන්නෙකුට පැහැදිලි වන සත්‍යයකි. මේ රජතුමා ඉතා සියුම් අවබෝධ ඥානයකින් හෙබි අයෙකු බව හඳුනා ගත් මිහිඳු හිමියෝ ඔහුට දම් දෙසූහ. එසේ දෙසූ ධර්මය ගම් නියම්ගම් පුරා ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට ජනතාව යොමු කරවීමට සමත් විය. චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම බණයි. එය දම්සක් පැවතුම් සූත්‍රය තරම් ම වටනේය. මන්ද සමාජ සුසිරිත් වඩා සම්මත දිවි පෙවෙතකට මෙරට වාසීන් යොමු කරවීමට ඒ දම් සුතුර පාදක වූ බැවිනි. රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නොවූයේ නම් මිහිඳු හිමියන්ට මෙම දැවැන්ත පරිවර්තනය කිරීම උගහටය. මන්ද යත් මිසදිටු ජන සමාජයක් එකවරම සමිදිටු ජන සමාජයක් බවට පත් කිරීම අතිශය දුෂ්කර නිසාය. මෙරට ඒ පරිවර්තනය සිදු කරන්නට මිහිඳු හිමියෝ ඉතා බුද්ධිමත් හා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දියත් කළහ. මහ වන පෙත් හෙළි කොට ගල්ලෙන් පවිත්‍ර කොට මහාස...

මහින්ද හිමි කල

Image
මහින්ද මහ රහතන් වහන්සේ සිරිලක පුබුදු කලා සදහම් පතුරා ලක් බිම පිං සද මෝරා වැඩුනා අනුර පුරේ සිට සදහම් පැතිරූ මහින්ද මහ හිමි සමරමු ලක් බිම පිං කෙත වපුරමු නැවතත් පිං ඵල නෙලමූ මහින්ද මහ රජ කරනා රජ කල සිරි ලක දහමින් නහවමූ මෙත් සිත් පතුරා ලක් බිම ලොව වෙත රැගෙන යමූ මහින්ද මහ රජ එක්සත් කරදුන් මේ බිම දහමින් වපුරා අස්වනු නෙලමූ හෙට දින ලොවට ඛෙදා දෙමු නොපමා 2009-05-27

වෙලාව

වෙලාව කාලය කාලය කාලය වෙලාව වෙලාව හැම වෙලේම වෙලාව වැරදියි ගෙදර බිත්ති ඔරලෝසුවේත් එක වෙලාවක් මගේ ෆෝන් එකේ තව වෙලාවක් T.V එකේ තව වෙලාවක් බස් එකට තව වෙලාවක් කෝච්චියට තව වෙලාවක් හංදිය මැද තියන ඔරලෝසු කණුවෙ අනේ මන්ද කොහොම රටම එක ක්ලොක් එකකට ගේන්නද මේ සිස්ටම් එක ෆෝමැට් කරල රටම එක ක්ලොන් එකකට වැඩ කරනවනම් අනේ මේ බලන්නකෝ, මගේ ඔෆිස් එකේ , ෆින්ගර් ස්කෑන් මැෂින් එකේ තව වෙලාවක් මම කොම්පියුටරය ඔන් කලා දෙවියන්ට ස්තූතිවන්ත වේවා ෆින්ගර් ස්කෑන් එකයි, කොම්පියුටරෙයි වෙලාව සමානයි හිතට හරි සතුටුයි මොකද ? OFF වෙන වෙලාව කොම්පියුටරයෙන් බලන්න පුළුවන්........

ණැන ඇති පුතුන් සිටිනා සිංහල දේසේ

Image
ණැන ඇති පුතුන් සිටිනා සිංහල දේසේ නැති ණැන රැගෙන මේ දේසෙට පැන එන්නේ ණැන ඇති රජුන් රැවටූවැයි සංතෝසේ ඒ සිවළුන් රඟයි රජකම ලැබුනාසේ බොදු කම සමඟ එකතුව ඇත අපේ ණැන කාටද දෙවෙනි සිංහල දේශයේ ණැන සම්බුදු හිමිගෙ පා පියුමන් පිළිගැනුනු රට දුර්ගුණයන් නොවේ මේ සැම තැනම රට වෙන කෙනකුගේ රටක ඇති සුගුණ මෙරටට පෙන්වමින් ඇති ලෙස මෙහි නුගුණ මොන මෝඩ රැලකදැයි නොදනිමි මෙජන ඇයි මේ තරම් වෙර ගැනුමන් පිට වුන්ට කිසිදා කරණු නොහැකිය සිහළුන් රවටා හිස මත තිඛෙන බොදු කම මේ ලෙස දවටා නැත සිහළුන් රැවටෙන්නේ මේ ජනටා නුබලා බලා ගනු නුබලගෙ ගම රටයා මුළු ලෝකයම සිටියත් කවදා බඩගින්නේ පිංබර ලක් මව නෑ කිසි දින කුසගින්නේ තෙරැවන් නමින් පිදු දන් කද මත ඉන්නේ සැම ජන සුවෙන් සුපුරුදු සැමදා ඉන්නේ මෙලොව එලොව තුන් ලොවටම කරුණා මතුරන ජනයො සිටිනා දිවයින මෙදිනා නෑ යන්නේ කිසිදිනකදි ඒ මග නොමගා බුදු රජ දෙසූ සුමගම යයි මේ දන සැමදා

මරණය අභියස ජය ගොස

මරණය අභියස ජය ගොස නැන්වූ ලක් බිම විරු පුතුන් සැනසුම් සුසුමන් ගෙන දෙයි ලක් මව දස දෙසින් නිදිගත් සිහළුන් අභිමුව විලි නැති රග දුන් සිවලූන් ගෙරවුම් හඬකට සිහළුනගේ සිවලූන් විසිවෙයි මෙලෙසේ අභිමන රට දැය රකිමින් ගෙන දුන් විරුවන් සැමදින අවසන් නින්දට සපැමිනි සිහළුන් සැමදින සමරමු විරුවන් වෙනුවෙන් අණ දුන් අභීත රජවරු මෙලෙසින් ඉතිහස ගතකර සතොසින් සමරමු නිදහස් සිතුවම් සිරවූ නිදහස සිහළේ දොර හැරි සිංහල පුතුනේ ජය ගොස නගමින් සතොසේ පෙරටම ගෙනයමු පෙර සේ නිවටුන් අභිමුව රජ ගේ වසමින් නැණ ඇති ලෙසකින් හෙට දිනයේදී පවරමු මහජන අදිටන සැමදා අභීත රජ පුත් අභිමුව සතොසින් චමින්ද
වේළුපිල්ලේ ප්‍රභාකරන් /පිරපාහරන් 1954 නොවැම්බර් 26 වැනිදා යාපන රෝහලේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් ඉපැදුණේය. ඒ වනවිට සිංහල දෙමළ සබඳතා ගිනිගෙන ඇවිළී යන තැනට පත්වී තිබි‚. වල්ලිපුරම් පාර්වතී හා තිරුවෙන්කතම් වේළුපිල්ලේගේ සිවු වැනි දරුවා වූයේ ඔහුය. ඔවුහු මධ්‍යම පන්තිකයෝය. පවුලේ බාලයා හෙවත් බඩපිස්සා පවුලේ කාගේත් ආදරය දිනා ගත්තේය. ප්‍රභාකරන්ගේ මව තදින්ම ආගම ධර්මයේ ඇළීගිය කාන්තාවකි. ඔහුගේ පියා තම පුතුන් දෙදෙනාගෙනුත් දිය‚යන් දෙදෙනාගෙනුත් දැඩි විනයක් පැතූ ඍජු මිනිසෙකි. ඔහු ඔවුනට ඉමහත්සේ ආදර කරුණාව දැක්විය. දිස්ති්‍රක් ඉඩම් නිලධාරියකු වශයෙන් ලැබූ රජයේ වැටුපෙන් තම දරුවනට දිය හැකි හැම සැප පහසුකමක්ම ඔහුගෙන් ලැබි‚. ප්‍රභාකරන් ඔහුගේ සුරතලා විය. පුංචි ප්‍රභාකරන් රාති්‍රයේදී පියාගේ තුරුල්ලේ ගත කළේය. දුරෙයි හෙවත් මාස්ටර් යනුවෙන් පවුලේ සාමාජිකයෝ ඔහුට සුරතල් නමක්ද තැබූහ. ප්‍රභාකරන්ගේ පළමු පාසල් දෙවසර ගතවූයේ මඩකලපු නගරයේය. ඒ කාලයේ ඔහුගේ පියා එහි රාජකාරි කෙළේය. ඉන්පසු ඔහු උතුරේ කෙළවර වැල්වැටිතුරේ විදම්බර විදුහලට ඇතුළු වූයේ පියාගේ මාරුවත් සමගය. ඔහු කඩිසර එහෙත් දඟකාර ශිෂ්‍යයෙකි. උගැනීමට සාම...