Posts

Showing posts from July, 2009

රට වෙනුවෙන් පැතූ පැතුමක්.....

Image
ජල තරංග එයි නැගී එයි නැගී යයි බිදී තිසා වැවේ මට පෙනේ සැරින් සැරේ නොනවතී නොනවතී අර පෙනෙන්නෙ දාගැබයි රුවන් වැලී මා සිතේ මේ පිපෙන්නෙ ප්‍රීතියයි ඇයි උපන්නෙ ඒ ලෙසේ මා සිතේ අපි වදින්නෙ මේ ලෙසින් ප්‍රීතියෙන් ඒ දිනේ එදා දිනූ සුර විරූ රජු තැනූ දාගැබයි මේ ලෙසේ ඒ වැවේ ජලේ දිනන්නේ අප කුසයි කෝ මෙදා ඒ විරූ රජවරූ සැලෙන බිදෙන දියරැලි මට කියයි කතාවක් නැවත නගින විට දෙයි මට දිලෙන අනාවක් උපදීවා පිනැති රජෙක් නැවත වතාවක් අස් වදින්න ඒ පැනින් දස දහස් වතාවක් චමි

කිරි අල

Image
තෙත් කලාපයේ ගෙවතු පරිසරයේ සම්ප්‍රදායික යැපුම් බෝගයක්ව පැවති කිරිඅල, අද විශාල විදේශ වෙළදපොලක් ඇති මුදල් උපයන බෝගයකි. කිරිඅල කන්න බෝගයක් නොවේ. වසරේ ඕනෑම කාලයක ජල පහසුකම් සහිත ඉඩම් වල එය වගාකළ හැකිය. දේශගුණික අවශ්‍යතා කිරිඅල සෙවන ලැදි බෝගයකි. එසේ වුවද, වියළි හා අතරමැදි කලාපවල ආන්තික කුඹුරු වල, තෙත් කලාපයේ බෑවුම් හා ඕවිටි බිම්වල, විවෘත බිම් තත්වයෙන්, ප්‍රධාන බෝගයක් ලෙසද මහා පරිමානයෙන් වගාකෙරේ. සෙවන දක්වන ලැදියාව නිසා කිරිඅල තෙත් හා අතරමැදි කලාපයේ පොල් හා කෙසෙල් වගා සදහා යෝශ්‍ය අතුරු බෝගයකි. එසේම එය අඩු අවදානයකින් රැකබලාගත හැකි, කෘමි හා ලෙඩ රෝග ඉතා අවම මට්ටමක පවතින බෝගයක් ද වේ. නිර්දේශිත ප්‍රභේද ඉසුරු වෙළදපොලට යෝග්‍ය ඉහළ ගුණාත්මයේ අල නිපදවයි. ඕනෑම වගා ක්‍රමයකට අනුවර්තනය වේ. අවම අවධානයක් යටතේ මාස 8 – 10 දී වැඩි අස්වැන්නක් ලබාදේ. රෝපණ ද්‍රව්‍ය වගාවක අස්වනු නෙලීමෙන් පසු ලබාගන්නා මව් අල, පැල නිපදවා ගැනීම සදහා භාවිතා කළ හැකිය. හොදින් වැඩුණු මව් අලයකින් සිටුවීමට සුදුසු තත්වයේ පැල 15 පමණ ලබා ගැනීමට පිළිවන. පවතින වගාවක වැඩි අස්වැන්නක් ලබාදුන් මව් අල වලින් ලබාගන්නා පැල සිටුවීමෙන් වැඩි අස්වැන්නක් ලැ...

කෘෂිකර්මාන්තය වෙනුවෙන්.......

වැල්දොඩම් උද්භිද විද්‍යාත්මක නාමය Passiflora edulis Sims කුලය : පැසිෆ්ලොරේසියේ ( Passifloraciae ) උද්භිද විද්‍යාත්මක නාමය වැල්දොඩම් Passiflora edulis Sims ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අතර මෙම විශේෂය තුළ එකිනෙකට වෙනස් ආකාර ( Forms ) දෙකක් දක්නට ඇත. එනම් දම් පැහැති ආකාරය ( Passiflora edulis F. edulis ) සහ කහ පැහැති ආකාරයයි. ( Passiflora edulis f. flavicarps ) සම්භවය : මින් දම් පැහැති වැල්දොඩම් බ්‍රසීලයේ සම්භවය වී ඇතැයි සැලකේ. කහ වර්ගයේ සම්භවය නිශ්චිතව නිගමනය කොට නැති අතර එය දම් පැහැති වර්ගයේ ජාන විකෘතියක් මඟින් හෝ දම් වර්ගය වෙනත් පැසිෆ්ලෝරා විශේෂයක් සමඟ දෙමුහුන් වීමෙන් ඇතිවිනැයි අනුමාන කරයි. වගා කරන ප්‍රදේශ : දැනට වැල්දොඩම් වැඩි වශයෙන් වගා කරනු ලබන්නේ කළුතර, ගම්පහ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලය. නමුත් මෙම බෝගය ගාල්ල, කොළඹ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල ද පහසුවෙන් වගා කළ හැකිය. අනුරාධපුර හා යාපනය වැනි වියළි කලාපීය ප්‍රදේශවල ජල සම්පාදන පහසුකම් යටතේ පමණක් වගා කල හැක. භාවිතය : වැල්දොඩම් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යුෂ නිපදවීම සඳහාය. අලුත් පලතුරක් ලෙස එය ආහාරයට ගනු ලබන්නේ ඉතා කලාතු...

හෙල රුවන් පුතේ

හෙල රුවන් පුතේ නොනිදා නැගිටින්නේ ලක් මව සුරකින ලෙසින් පුතේ කල එලි බසින්න කුමරුවනේ ගිනි ගෙන දැවෙනා මුතු ඇටයේ අගය රකින්නට යලි ආයේ නිදිගැට හැරදා කඩුව මුවතියන් සටනට යන්නට වරෙන් පුතේ අදත් එදා මෙන් රැකුමට තොපගේ රට ඇත ඇවිලී යුද ගින්නෙන් නුඹ නැති පාඩුව දැනේ පෙරමුනේ ඉන්නා නුඹගේ සොයුරු සිතේ රැකගෙන මවzබිම සතුරන්ගෙන් දෙවෙනි යුද්දෙ කලු සුද්දන්ගෙන් පලවා මේ හැම නුඹ නිවසින් කරන්න මේ දෙස දැහැමි දැයක් සපුමල් කුමරුවනේ දැය හිමි සපුමල් කුමරුවනේ