රට දැය ජය බිම ලෙසට ගෙනා
සිහල පුතුන් අද මව් බිම නිදනා
වීර විකුම් පෑ පෙර දින ලෙසිනා
සිංහ පුතුන් ඒ දිවි දුන්නා
රට මිස මා නැත අරමුණ පෙරටම
ගෙන ගිය විරුවො පෙරදා ලෙසින්
ගැමුණු යුගය ඒ ගොඩනැගු විදියෙන්
නව යුගයක් අද ගොඩ නගමූ
යුද්ධය අවසන පෙර විරුවෝ
සිවුර තුලට වී යුධ කෙරුවෝ
යුද්දෙට පසු උන් ඔවුන්ගෙ සිත් තුල
කෙලෙස් මලත් ගෙන යුද්ධ කලෝ
අවි ගත් යුද්ධය මේ ලෙස ඉවරව
තීරණයන් මේ ගෙන යන්නේ
ධර්මය හිස මත තබා ගැනීමම
සුද්දෙට මුල් පියවර වන්නේ
පහව කෙරේවා වෛරයේ ගිනිදැල්
උදා කරන්නට සාමයේ අරුණළු
මේ සිත් පුබුදා සදහම් හමුවේ
දහම් දැයක් අපි ගොඩ නගමූ
2009-6-15
චමින්ද
Monday, June 15, 2009
Thursday, June 11, 2009
යුධ ජය මත හිඳ
යුධ ජය මත හිඳ
සතුටින්ම උතුරමින් සිනා මල් පුබුදන්න
දිවි දුන්න විරුවනේ සදා නොමැරී ඉන්න
අවසරයි කුමරුනේ ඉතින් අප හිනැහෙන්න
සතුරන්ගෙ පැරදුමේ ජය කොඩිය ඔසවන්න
දිවි දුන්න උන් නිසා සතුට උතුරා ගියා
පුද කලද දිවි දෙවා අප දමා ඔබ ගියා
හිනැහිලා සතුටු වී ජය කෙහෙලි ගෙන අයා
බලමු පිටුපස හැරී උඩුකුරුව වැතිරෙනා
විරු පුතුන් බිහිකලා සතුරු කැල සුං කලා
රට රැකපු උන් නිසා සිනා මල් පිබිඳුනා
හ`ඩන හදවත් තුලට මෙත් ගඟ=ල් හරවලා
සිහි කරමු උන් නමින් මව් පියන් නමඳලා
හිනැහෙමින් යන දිහා අප ඉන්නෙ බලබලා
පයෙන් පය ඉදිරියට තබන විරු දෙස යොමා
සතුටින්ම උතුරන්න හිත නොහොඳ අතැරලා
දිරි ගන්න සොයුරනේ ජය ටැඹම දෙස බලා
2009-1-2
සතුටින්ම උතුරමින් සිනා මල් පුබුදන්න
දිවි දුන්න විරුවනේ සදා නොමැරී ඉන්න
අවසරයි කුමරුනේ ඉතින් අප හිනැහෙන්න
සතුරන්ගෙ පැරදුමේ ජය කොඩිය ඔසවන්න
දිවි දුන්න උන් නිසා සතුට උතුරා ගියා
පුද කලද දිවි දෙවා අප දමා ඔබ ගියා
හිනැහිලා සතුටු වී ජය කෙහෙලි ගෙන අයා
බලමු පිටුපස හැරී උඩුකුරුව වැතිරෙනා
විරු පුතුන් බිහිකලා සතුරු කැල සුං කලා
රට රැකපු උන් නිසා සිනා මල් පිබිඳුනා
හ`ඩන හදවත් තුලට මෙත් ගඟ=ල් හරවලා
සිහි කරමු උන් නමින් මව් පියන් නමඳලා
හිනැහෙමින් යන දිහා අප ඉන්නෙ බලබලා
පයෙන් පය ඉදිරියට තබන විරු දෙස යොමා
සතුටින්ම උතුරන්න හිත නොහොඳ අතැරලා
දිරි ගන්න සොයුරනේ ජය ටැඹම දෙස බලා
2009-1-2
Monday, June 8, 2009
මගේ අන්තර්ජාල ආගමික පාරවල්
මගේ අන්තර්ජාල ආගමික පාරවල් ටික එකතු කරලා අලුතින් වෙබ් පිටුවක් හදා ගත්ත. ඉදිරියේදී හම්බවෙන අලුත් ඒවත් එකතු කරන්න බලාපොරොත්තු වෙනව ඔබ දන්නා වෙබ් ලින්ක් එවන්න.
මේ මඟ යන්න
තෙරුවන් සරණයි
මේ මඟ යන්න
තෙරුවන් සරණයි
Wednesday, June 3, 2009
බුද්ධි පරීක්ෂණය
ඉතිහාසයේ ප්‍රථම බුද්ධි පරීක්ෂණය අපට හමු වන්නේ කොතැනින් ද? පොසොන් පෝදා මුව දඩයමේ ගිය දෙවනපෑතිස් රජු හා මිහිඳු හිමියන් අතර ඇති වූ සංවාදය අප උගෙන තිබේ. එය රජුගේ ප්‍රඥාව හා බුද්ධිය මැන බලනු වස් කරන ලද අගනා බුද්ධි පරීක්ෂණයක් බව වඩා හොඳින් විමර්ශනය කර බලන්නෙකුට පැහැදිලි වන සත්‍යයකි.
මේ රජතුමා ඉතා සියුම් අවබෝධ ඥානයකින් හෙබි අයෙකු බව හඳුනා ගත් මිහිඳු හිමියෝ ඔහුට දම් දෙසූහ. එසේ දෙසූ ධර්මය ගම් නියම්ගම් පුරා ව්‍යප්තව මිථ්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට ජනතාව යොමු කරවීමට සමත් විය.
චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කරන ලද ප්‍රථම බණයි. එය දම්සක් පැවතුම් සූත්‍රය තරම් ම වටනේය. මන්ද සමාජ සුසිරිත් වඩා සම්මත දිවි පෙවෙතකට මෙරට වාසීන් යොමු කරවීමට ඒ දම් සුතුර පාදක වූ බැවිනි.
රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය නොවූයේ නම් මිහිඳු හිමියන්ට මෙම දැවැන්ත පරිවර්තනය කිරීම උගහටය. මන්ද යත් මිසදිටු ජන සමාජයක් එකවරම සමිදිටු ජන සමාජයක් බවට පත් කිරීම අතිශය දුෂ්කර නිසාය.
මෙරට ඒ පරිවර්තනය සිදු කරන්නට මිහිඳු හිමියෝ ඉතා බුද්ධිමත් හා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් දියත් කළහ. මහ වන පෙත් හෙළි කොට ගල්ලෙන් පවිත්‍ර කොට මහාසංඝරත්නය වැඩම කොට ධර්ම දේශනාවන්හි යෙදෙන්නට ධර්ම ප්‍රචාරයෙහි නියැලෙන්නට මං සලසාලන ලදී.
එතැනින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාරාම බවට පත් විය. ලක්දිව මහා විහාර බිහිවීම ඇරඹිණි. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය ඇරඹිණි. මේ අනුව සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති විය. මහාවංශය ඇතුළු පොත පත ලිවීම ආරම්භ වෙමින් පොදු ජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි.
වෙහෙර විහාර , මහ දාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හා සංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහල බෞද්ධ ලකුණ මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසා ක්‍රමයෙන් හුරු විය. බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය.
රළු කළු ගලෙකින් අතිශය ගුණ බර කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් ඒ සංවේදී මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය ළඟා කර ගෙන තිබුණි. ප්‍රතිභාවෙන් යුක්ත මිනිස් අත්වලින්, සංයමය, ඉවසීම පුහුණු කළ සිත්වලින් වඩ වඩා විශිෂ්ට කලා නිර්මාණ බිහි විය.
මෙසේ නව නිර්මාණ කෙරෙහි මිනිසා යොමු වූයේත්, සමාජ සංවර්ධනය උදෙසා වූ නව ප්‍රවේශයකට මිනිසා ගේ විඥානය යොමු වූයේත්, අපට උරුම වූ නව සංස්කෘතිය හේතුවෙන් නොවේද?
සිරිලක පුරා අස්සක් මුල්ලක් නෑර ධර්මය පැතිරවීමට කේන්ද්‍රස්ථානය වූ “මිහින්තලාව” හෙවත් මිස්සක පව්ව අද වන විටත් දෙනෝ දහක් සැදැහැතියන්ගේ උපහාරයට, වන්දනාවට පාත්‍ර වන්නේය. එය එසේ වන්නේ අපට අපේ සිංහල බෞද්ධ ලකුණ හෙළි කර දුන් කේන්ද්‍රස්ථානය එය වූ නිසාමය.
අහස සිඹින මහ දාගැබ්, මහ සයුර පරදවන මහ වැව්, බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත, අතීතයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් උදාවත්, මහින්දාගමනයත් සමඟින් සිදු වූ ප්‍රාතිහාර්යය දක්වන ජීවමාන සාධකයෝ වෙත්.
රජු දැහැමි විය. රට වැසියන් ද දැහැමි විය. රාජ්‍ය පාලනය ද දැහැමි විය. පොසොන් දර්ශනයෙන් සැබැවින්ම නව ශිෂ්ටාචාරයක් අපට උරුම විය. එය අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් යුක්ත විය. මේ සියල්ල අපට උරුම වූයේ බුදු දහමේ ආභාසයෙන් නොවේද?
මහින්ද හිමි කල
මහින්ද මහ රහතන් වහන්සේ
සිරිලක පුබුදු කලා
සදහම් පතුරා ලක් බිම
පිං සද මෝරා වැඩුනා
අනුර පුරේ සිට සදහම් පැතිරූ
මහින්ද මහ හිමි සමරමු
ලක් බිම පිං කෙත වපුරමු නැවතත්
පිං ඵල නෙලමූ
මහින්ද මහ රජ කරනා රජ කල
සිරි ලක දහමින් නහවමූ
මෙත් සිත් පතුරා ලක් බිම
ලොව වෙත රැගෙන යමූ
මහින්ද මහ රජ එක්සත් කරදුන්
මේ බිම දහමින් වපුරා
අස්වනු නෙලමූ හෙට දින
ලොවට ඛෙදා දෙමු නොපමා
2009-05-27
Subscribe to:
Posts (Atom)
රට වෙනුවෙන් පැතූ පැතුමක්.....
ජල තරංග එයි නැගී එයි නැගී යයි බිදී තිසා වැවේ මට පෙනේ සැරින් සැරේ නොනවතී නොනවතී අර පෙනෙන්නෙ දාගැබයි රුවන් වැලී මා සිතේ මේ පිපෙන්නෙ ප්‍රීතියයි...
-
තෙත් කලාපයේ ගෙවතු පරිසරයේ සම්ප්‍රදායික යැපුම් බෝගයක්ව පැවති කිරිඅල, අද විශාල විදේශ වෙළදපොලක් ඇති මුදල් උපයන බෝගයකි. කිරිඅල කන්න බෝගයක් නොවේ....
-
ජල තරංග එයි නැගී එයි නැගී යයි බිදී තිසා වැවේ මට පෙනේ සැරින් සැරේ නොනවතී නොනවතී අර පෙනෙන්නෙ දාගැබයි රුවන් වැලී මා සිතේ මේ පිපෙන්නෙ ප්‍රීතියයි...
-
වැල්දොඩම් උද්භිද විද්‍යාත්මක නාමය Passiflora edulis Sims කුලය : පැසිෆ්ලොරේසියේ ( Passifloraciae ) උද්භිද විද්‍යාත්මක නාමය වැල්දොඩම් Passif...