තෙත් කලාපයේ ගෙවතු පරිසරයේ සම්ප්‍රදායික යැපුම් බෝගයක්ව පැවති කිරිඅල, අද විශාල විදේශ වෙළදපොලක් ඇති මුදල් උපයන බෝගයකි. කිරිඅල කන්න බෝගයක් නොවේ. වසරේ ඕනෑම කාලයක ජල පහසුකම් සහිත ඉඩම් වල එය වගාකළ හැකිය. දේශගුණික අවශ්‍යතා කිරිඅල සෙවන ලැදි බෝගයකි. එසේ වුවද, වියළි හා අතරමැදි කලාපවල ආන්තික කුඹුරු වල, තෙත් කලාපයේ බෑවුම් හා ඕවිටි බිම්වල, විවෘත බිම් තත්වයෙන්, ප්‍රධාන බෝගයක් ලෙසද මහා පරිමානයෙන් වගාකෙරේ. සෙවන දක්වන ලැදියාව නිසා කිරිඅල තෙත් හා අතරමැදි කලාපයේ පොල් හා කෙසෙල් වගා සදහා යෝශ්‍ය අතුරු බෝගයකි. එසේම එය අඩු අවදානයකින් රැකබලාගත හැකි, කෘමි හා ලෙඩ රෝග ඉතා අවම මට්ටමක පවතින බෝගයක් ද වේ. නිර්දේශිත ප්‍රභේද ඉසුරු වෙළදපොලට යෝග්‍ය ඉහළ ගුණාත්මයේ අල නිපදවයි. ඕනෑම වගා ක්‍රමයකට අනුවර්තනය වේ. අවම අවධානයක් යටතේ මාස 8 – 10 දී වැඩි අස්වැන්නක් ලබාදේ. රෝපණ ද්‍රව්‍ය වගාවක අස්වනු නෙලීමෙන් පසු ලබාගන්නා මව් අල, පැල නිපදවා ගැනීම සදහා භාවිතා කළ හැකිය. හොදින් වැඩුණු මව් අලයකින් සිටුවීමට සුදුසු තත්වයේ පැල 15 පමණ ලබා ගැනීමට පිළිවන. පවතින වගාවක වැඩි අස්වැන්නක් ලබාදුන් මව් අල වලින් ලබාගන්නා පැල සිටුවීමෙන් වැඩි අස්වැන්නක් ලැ...